IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


19 පරාජය කරන බව හෙළ උරුමය කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් අගමැතිට වැඩි බලතල ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණයක් කර ඇතැයි චෝදනා කරන ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා එම උත්සාහය පරාජය කරන බව කියයි.

ජනපතිවරයා පඹයකු කරන සංශෝධන ගෙන ඒමට වික්‍රමසිංහ මහතා සැරසෙන බවත් තමා 19 වැනි සංශෝධනයට එරෙහිව ඇමැති මණ්ඩලයේදී කරුණු දැක්වීමෙන් පසුව අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනමම සංශෝධන ඉදිරිපත් කර ඇති බවත් එම සංශෝධන නීති විරෝධී බවත් ඔහු කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී දින 7කට කලින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර මහජනතාවට දැනගන්නට සැලැස්විය යුතු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නා දක්ෂ නීතිවේදියකුවන වික්‍රමසිංහ මහතා එම ශ්‍රී ලංකාවේ මුඛ්‍ය නීතිය උල්ලංඝනය කර ඇතැයිද ඔහු චෝදනා කරයි.

‘මේ වැඩේට අපි ඉඩදෙන්නෑ. ඉවත් කළ යුත්තේ ජනපති සතු හිතුවක්කාර බලතල පමණයි. 19 වැනි සංශෝධනය හා වික්‍රමසිංහ මහතා ඉන්පසුව උසාවියට ඉදිරිපත් කළ සංශෝධන අනුව වක්‍රාකාරව අගමැතිට බලතල ලැබෙනවා. රටකට නායකයන් දෙන්නකු ඉන්න බෑ. වික්‍රමසිංහ මහතා සම්මුති දේශපාලනයට එකඟ නොවී දරදඬු පියවරක් අනුගමනය කරන්නේ නම් ඩයිනෝසරයන්ට වූ දේ ඔහුට දේශපාලනයේදී සිදුවේවි‘ යනුවෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී සෙනසුරාදා රාත්‍රියේ ඔහු කීවේය.

රණවක ඇමැතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරන රනිල් වික්‍රමසිංහ මහතා කියනුයේ තමා කිසිවක් අනවසරයෙන් සංශෝධනය නොකළ බවයි. ‘19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඇමැති මණ්ඩලයේ අනුමැතියෙනි. ඔහු ඒ බව දන්නවා. ඔහු මතු කළ ප්‍රශ්නවලට ජනපතිගේ ව්‍යවස්ථා උපදේශක ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ඔහු සමගත් නීතිපති හා නීති කෙටුම්පත් නිලධරයන් සමගත් සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ඒ කෙටුම්පතයි. ඒ සම්බන්ධයෙන් එම කෙටුම්පතට මාගේ කිසිම සම්බන්ධයක් නෑ‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා සන්ඩේ ටයිම්ස් පත්‍රයට කියා ඇත.

 



අදහස් (0)

19 පරාජය කරන බව හෙළ උරුමය කියයි

විකුම් Sunday, 05 April 2015 05:33 PM

මමත් දැන් ඔය කිසිම කෙනෙක් කියන දේවල් පිළිගන්නේ නැහැ (නි)

:       0       0

ජනක Sunday, 05 April 2015 06:03 PM

සමහරුන්ට නම් දැනටමත් තේරිලා. ඒත් තවත් සමහරුන්ට තවමත් නැහැ (නි)

:       0       0

ඈන් Sunday, 05 April 2015 06:13 PM

මේ වගේ කුඩා රටකට ඔරොත්තු නොදෙන තරමට තිබෙන 'සභා' ප්‍රමාණයත්, ප්‍රාදේශීය පාලනයට මදිවෙලා තව තවත් බලය ඉල්ලා දඟලන අයට නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නියමයි. (නි)

:       0       0

ලයනල් Sunday, 05 April 2015 07:09 PM

අපිට නම් දැන් මේ එක එක කාලෙට වෙනස්වෙන කතා අහලා ඇතිවෙලා (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 05 April 2015 11:22 PM

දැන් කෑගහන්නේ ඇයි ? ඕකටනේ දැඟලුවේ.බොරුවට කියව කියවා නොසිට අර කියපු 10 ගුණය සංවර්ධනය කර පෙන්වන්න. (නි)

:       0       0

සත්‍යයා Sunday, 05 April 2015 11:30 PM

යහපාලනයට දායකවීම වෙනුවට වැඩිපුර බලය ලබාගන්න ගොස් සමහරු තම පක්ෂයට කරන්නෙත් බලවත් හානියකි. යහපාලනය එ.ජා.ප යෙන් තොරව ගෙනයන්න එදාට ජනතාව ඉදිරිපත්වේවි. (නි)

:       0       0

සමන්ති Monday, 06 April 2015 12:55 AM

අනුන්ගේ "යහපාලනය" ගැන කතාකරන්නට පෙර සමහරු තමාගේ "යහපැවැත්ම" ගැන සිතිය යුතුයි. එවිට ඉබේම "යහපාලනය" සිදුවෙනවා. (නි)

:       0       0

නිලාන් Monday, 06 April 2015 03:48 AM

රණවකගේ දිව දෙකේ කතාවලට රැවටෙන්න එපා...දැන් "යහපාලනය" සැබෑ අර්ථය" ජරා පාලනයක්" වනබව වටහාගන්න පුළුවන්.රට විනාශයට පාර කපන මෙවැනි දේශ පාලුවන්වට බලය දුන්නම ලැබෙන්නේ විනාශයක්මයි.සෙතක් නොවෙයි. (ස)

:       0       0

රංචාගොඩ Monday, 06 April 2015 04:39 AM

හරියට හරි ටෝකියෝ අබේ, දැනටත් රණවකලා රටම පරාද කරලා ඉවරයි, ඇස් ඇරලා වට පිට බැලුවොත් ඕන ඔටුවෙකුට තේරුම් යයි (නදී)

:       0       0

සමන් වන්නිආරච්චි Sunday, 05 April 2015 03:08 PM

චම්පිකලාගේ න්‍යාය ජනතාව අවබෝධ කරගෙන ඇති බව කිවයුතුය. සිංහයාගේ ශරීරයේ එල්ලී සිටින කිනිතුල්ලන් වඳ කිරීමට සිංහයා මරා දමන ලෙස ජනතාව රවටමින් ඉල්ලා සිටින මේ අය රටට නොව තම තනතුරු හා වෛරයට නතුව රට අගාධයකට රැගෙන යන බව සිදුවෙමින් පවතින ක්‍රියාදාමයන් හරහා පැහැදිලි වෙමින් පවතී. (නදී)

:       0       0

අබේරත්න-ටෝකියෝ Sunday, 05 April 2015 05:06 PM

සැවොම එකතුවී පරාජය කළේ රටේ අනාගතයයි. (නි)

:       0       0

පියුමි Sunday, 05 April 2015 05:09 PM

සිදුවන්නට යන දේ අපිට නම් පැහැදිලියි (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 05:24 PM

මෙවැනි සංදර්ශන වලින් තවදුරටත් අප රැවටිය නොහැකිය. (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 05 April 2015 05:32 PM

දැන් බොරුවට 19 ට විරුද්ධවීමෙන් කිසිවෙකුට 19 පිළිබඳ වගකීමෙන් අත්මිදිය නොහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site