19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබන බදාදා 09 පාර්ලිමේන්තුවේ ඇරඹෙන විවාදය , පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එසේම එය ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරිමක් බවත් හිටපු ඇමති මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා අද (05) පැවසිය.
මෙම විවාදය පැවැත්විමට ගැන විරෝධය දක්වමින් තමා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් කථානායක චමල් රාජපක්ෂ මහතා හමුවී කරුණු දක්වන බවද හිටපු අමාත්‍යවරයා කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! එයාලා කියනවා, අපි අහගෙන ඉන්නවා (නි)
දැන් මොනවටද මේ කතා? (නි)
යහපාලන දීගේ - ගමනක් අතුරේ (නදී)
අනේ අපිට හැමදේම මතකයි හොඳට (නි)
තමාගේ අදහස හරි කියලා තමයි ඕනෑ කෙනෙක් කියන්නේ. ඒ නිසා තමන් ගැන තම බල අධිකාරිය උදෙසා ව්‍යවස්ථා සෑදිය යුතු නැත.රට ගැන හිතා මේ දේවල් කළයුතුය.මේක යහපාලනය නම් එහි අඩුපාඩු නොවිය යුතුය.හැබැයි අප උපන් රට ආරක්ෂා වියයුතුය. (නි)
මේ මහාචාර්වරයා 18 වන ව්‍යවස්ථාව ගේනකොට ජනතාවගේ අයිතිවාසිකම් ගැන මතක් මතක්වෙලා නැහැ වගේ. කොන්දක් නැති උගත් මෝඩයෝ. (නදී)
මෙම ව්‍යවස්ථා සංශෝධනය රටට තීරණාත්මක බලපෑමක් ඇතිකරයි. ඇමති තනතුරු ආදී වරදානලත් මන්ත්‍රීවරුන්ගෙන් රටට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකිය. එබැවින් මෙම කාර්යයට රට වෙනුවෙන් අපි හැම විරෝධය පළ කළයුතුය. (නි)
අර කාලයේ කොහොමහරි ලෝකෙම අකුල් හෙළද්දී තම ජාතිය, උපන් රට ගැන හිතලා ඉදිරි තීරණ ගත්තේ මේ දේවල් වෙන එක වළක්වන්නයි. දැන් හොඳද? උඩ පැන පැන ගිහින් ඡන්දෙ දුන්නනේ. (නි)
මේ මොකද්ද? ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වත් ද?(දිල්)
18 තිබ්බේ මොනාද කියල දන්නේ නැතිව ඇති. උස්සපු හැමෝම දැන් ජනතා අයිතිවාසි කම් ගැන කතා කරනවා. අපි හැමදාම මෝඩයෝ! (නදී)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද නැත්නම් සටකපට කූට උපක්‍රමයක්ද කියල ජනතාව දන්නවා. 19 සංශෝදනයේ තියෙන දේවල් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ජන්දයෙන් සම්මත උනත් එ්ක ජනමත විචාරනයකිනුත් සම්මත විය යුතුය. ශ්‍රේෂ්ඨාදිකරණය ඒ ගැන තීන්දුව ලබන සතියේ දෙයි.(නදී)
මහචාර්ය තුමත් පිල්මාරු කරපු කෙනෙක්.(නදී)
විධායක අගමැති ධූරය නැතුව මෙහෙමනම්, ලැබුණහම කොහොම වෙයිද කියලා අපිට හිතාගන්න පුලුවන්. (නි)