IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


18th May

සුපුන් විශ්වබුද්ධිගේ නිර්මාණයක් වෙච්ච 18th May කියන නම ඇහුනු ගමන් අපිට මතක් වෙන්නෙ වේළුපිල්ලෙ ප්‍රබාකරන්ට මරු කැඳවමින් තිස් වසරක යුද්ධයෙන් ලංකාව මිදීම කියන කාරණයයි. මේ චිත්‍රපටය ඒ ගැන වෙනස් කියවීමක් කරනවා. මේ එහි අධ්‍යක්ෂක සුපුන් ඒ ගැන දරණ අදහස...

මේ කතාවෙ පරිකල්පණීය කියැවීමක් සිදුවිය යුතුව තිබෙනවා. මේ තියෙන රූපයට එහා දෙයක් වටහා ගත යුතුයි. අප මෙතෙක් ලෝකයට සමගාමීව ඉදිරියට නොයෑමට ප්‍රධාන හේතුවක් විදියට ත්‍රස්ථවාදය හේතුවක් කරගෙන පෙන්නුවා. ඒත් 2009දි ත්‍රස්ථවාදය තුරන් වුනාට පස්සෙත් සිට මේ වෙනකනුත් අපි ගෙවන්නෙ ඉස්සර ගෙවපු ජීවිතේමයි. වෙනසක් වෙලා නැහැ. ඉදිරියට ගිහිල්ලත් නැහැ. මට මේ ැනයි කතා කරන්න ඕන වුනේ. මේ චිත්‍රපටයේ සිටින යුවල කොතෙක් උත්සාහ කළත් තමන්ට සිදු කළ යුතු දේ කරගන්නට හැකිවෙන්නේ නැහැ. ඔවුන් එයට හේතුව විදියට දකින්නේ මෙයට එන තුන්වෙනි චරිතයයි. නමුත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ එය සිදුවන්නේ ඔවුන් අතර ඇති විශාල මේසය නිසා බව.

මෙම කතාව තුළ ඔබගේ මතිමතාන්තර කොතෙක් වුවත් ඔහු මතුකරන එක් තර්කයක් තිබෙනවා. ඒ අපව සත්‍ය වශයෙන්ම පසුපසට අදින බලවේගය කුමක්දැයි තේරුම් නොගැනීමේ අර්බුදයක අප පසුවෙනවා. එම අර්බුදය 2009 වසරේ මැයි 18 වැනිදා ත්‍රස්ථවාදය තුරන් කිරීම නොවන බව ඉන් වසර 7ක් ගෙවෙන තැන පැහැදිලි වෙමින් තිබෙනවා. ත්‍රස්ථවාදය අවසන් වීම ලාංකික සිත්වලට මහත් අස්වැසිල්ලක් වුවත් අප එය තේරුම් ගත යුතුයි.

 

රංගනය - ජගත් මනුවර්ණ/නදීෂානී පේලිආරච්චි/ප්‍රභාත් හේමන්ත

අධ්‍යක්ෂණය - සුපුන් විශ්වබුද්ධි

කැමරාකරණය - විරාජ් ලියනාරච්චි



අදහස් (0)

18th May

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site