අවුරුදු 26ක තම දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම රාත්‍රිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දා බවත්, පසුගිය රජයේ ඇතැම් ක්‍රියාමාර්ග තමා අනුමත නොකළත් කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දී එකඟ වීමට සිදුවූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
‘මගේ දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම දවස 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත ඔසවපු දිනයයි.‘ යැයි ඔහු කියයි.
ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට අත එසවීමද එලෙස සිදුවූවක් බවත් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම වැනි සිදුවීම් නොවිය යුතුව තිබූ ඒවා බවත් අමරවීර මහතා කියයි.
ඔහු මේ බව කීවේ කොළඹ තැපැල් මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.
පසුගිය ආණ්ඩුව තවත් කාලයක් තිබුණේ නම් තේවලට පවා තහනමක් ඒමට ඉඩ තිබුණු බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට තමා වැඩ නොකළත් එම වේදිකාවේ දුන් පොරොන්දු රැසකට තමන්ද එකඟ බවත් අමරවීර මහතා ප්‍රකාශ කරයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාට එකළ ජනමාධ්‍යය තුළ හරි ඉඩක් නොලැබුණු බව කී ඇමැතිවරයා විවිධ සංවිධාන හා කණ්ඩායම් රැසක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ බව ද පවසයි.
COMMENTS
නින්ද යන්නැති ඊලග දවස එන්නේ ශ්‍රී.ලං.නි.ප පරද්දන දාට
එදා ඉඳන් මේ වෙනකල්ම නිදාගෙන ඉන්ඩ ඇති මගේ හිතේ? නැතිනම් මෙතරම් කාලයක් ඕක නොකිව්වේ?
දැන්ද මහත්තයෝ කියන්නේ ඒ කාලේ කොන්දක් කියලා එකක් තිබුනේම නැත්ද ?
ඔය දෙකටම ඔබ තුමා එදා අත නොඋස්සා හිටියානම් මොකද වෙන්න තිබුනේ කියලත් කිව්වනම්?
මටනම් හිතෙන ප්‍රශ්නෙ පහුගිය කාලෙ සිදුවූ දේවල හරි වැරැද්ද නොවේ දැන් මෙයාලට කබරයත් තලගොයා වගේ පෙනෙන එකයි. ඔය කාවද සතුටු කරන්නේ, ජනතාවනම් නොවේ.ජනතා සිත්වලින් මැකීයාම වැඩි ඈතක් නොවේ.
මම විශ්වාස කරනවා මෙතුමා කියන්නේ ඇත්ත කියල.
පහුගිය රජය කලේ කැබිනට් ඇමතිවරුන්ට මෙහමනං? අපිට හිතාගන්න හැකි කොතරම් දුරට ඒකාධිපති පාලනයක් කරයි කියල. ලැජ්ජයි ෆොන්සේකා මහතාට කල අපහාසය ගැන. වෙනම රටකනං එතුමාව දෙවියෙක් වගේ සලකාවි.