IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


17 වසරකට පසු නවතින්නම එති

යුධ සමයේ  ඉන්දියාවට පලා  ගිය  තවත් ශ්‍රී ලාංකික  සරණාගතයෝ  65 දෙනෙකු යළි සිය මුල් ගම් බිම් වල  පදිංචිවීමේ අපේක්ෂාවෙන්  අද  යළි  දිවයිනට පැමිණියහ.

ඉන්දියාවේ  ට්‍රිචී නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 132 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික සරණගතයෝ 41 දෙනෙක්ද, ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි යු.එල් 122 දරණ ගුවන් යානයෙන්  ශ්‍රී ලාංකික සරණාගතයෝ 24 ක් ද පැමිණියහ.

මෙම පිරිස අතර  පවුල් 32 කට අයත්  සාමාජිකයෝ සිටි අතර වැඩි පිරිසක් තරුණ වියේ වුහ. 

මොවුහු  යාපනය, ති්‍රකුණාමලය, වව්නියාව, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ  වෙති.   
මින් බොහෝ පිරිස් යුධ ගැටුම් වලට මැදිව මන්නාරම සහ ත්‍රිකුණාමලය මුහුදුතීරයෙන් බෝට්ටු මගින් ඉන්දියාවට පලා ගොස් දකණු ඉන්දියාවේ සරණගත කඳවුරු වල ජීවත්වුවෝ වෙති.

නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණ හා  හින්දු ආගමික කටයුතු අමාතයංශය, එක්සත් ජාතීන්ගේ සරණගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්්‍යාලයේ මැදිහත්ව මෙම පිරිසට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය  පහසුකම් සලසා ඇත.
ශ්‍රී ලාංකාවේ යළි  පදිංචි වීම සදහා දිවයිනට පැමිණි මෙම පිරිස  නැවත පදිංචි කිරීමේ  හා ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එස් ස්වාමිනාදන් මහතා විසින් කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන පරිශ්‍රයේදී  පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව අමාත්‍යවරයා මොවුනගේ  සුවදුක් විමසු අතර පසුව  එක්සත් ජාතීන්ගේ සරණගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමග එක්ව  ජීවත්වීමට දීමනාවක් සහ සිය ගම්බිම් බලා යාමට අවශ්‍ය මුදල්ද ලබා දුන්නේය.

මෙරටට පැමිණි බොහෝ තරුණ තරුණියෝ පැවසුවේ තමන් වසර ගණනාවක් ඉන්දියාවේ සරණගත කදවුරු වල ජීවත් වු බවත් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටු වන බවයි.

 2 4 5 6 7 10 11 13 14 15 16 17 19 20 22 23 25

 



අදහස් (0)

17 වසරකට පසු නවතින්නම එති

වසන්ජය Wednesday, 13 May 2015 01:32 PM

ඒ අයගේ ඇඳුම් පැළඳීම් දෙස බලනවිට සරණාගත කඳවුරු වල ජීවත් නොවූ අය ලෙස පෙනෙනවා ඉන්දියාවෙම් හිටිය නම් නරකද . (අ)

:       0       0

රූපසිංහ Wednesday, 13 May 2015 02:01 PM

එතකොට ද්‍රවිඩ කොටි සංවිධානයේ අනින් සහ මරණයට බයෙන් දකුණට පලා ආ සිංහලයන් ඔවුන් පදිංචිව සිටි පලාත්වල එම අයව නැවත පදිංචි කරවීමට කතිකාවතක් නැද්ද. (අ)

:       0       0

නාමල් Wednesday, 13 May 2015 02:20 PM

ඇයි වසන්ජය කැමති ඔවුන් වැරහැලි ඇදගෙන ඉන්නව දකින්නද? තමුන්ගේ වර්ගවාදී කුණු එලියට නොපෙන්වා හිටියොත් නේද හොද? (අ)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Wednesday, 13 May 2015 03:58 PM

නාමල් ඔබ ඉතාමත් නිවැරදියි. ඉන්දියාවෙන් ලංකාවට ලැබුන "බුදුදහම" කුමන ආකාරයෙන් වසන්ජයට පෙනේවිද? (බ)

:       0       0

කුමාර Wednesday, 13 May 2015 04:54 PM

ඇත්තට ම මෙයාල ලංකාවේ සරණාගතයෝ නම් මෙයාලට අයලගේ මුල් පදිංචියේ ඉඩම් බලදීම ඉතාම වැදගත් .ඔව්න්ට ජීවත් වීමට වැඩ පිළිවෙලක් සකසාදීම රජයේ වගකීම. දරුවන්ට පාසැල ලබාදීමත් වැදගත් . (කේ)

:       0       0

වසන්ජය Wednesday, 13 May 2015 10:10 PM

නාමල්ට සහ සිරිනිමල්ට තරහගිහින් මොකද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 May 2015 10:23 PM

සිංහල අය‍ට උතුරු පළාතේ ඉඩමක් මිලදීගැනීමට හැකියාවක් තිබේද?නමුත් දමිළ අය‍ට ලංකාවේ ඕනෑම තැනක ඉඩමක් මිලදී ගැනීමේ හැකියාව ඇත (නි)

:       0       0

මුබාරක් Wednesday, 13 May 2015 11:12 AM

අපි එයාලව සාදරයෙන් පිළිගනිමු (නි)

:       0       0

වසන්ජය Friday, 15 May 2015 11:02 PM

ප්‍රනාන්දු සහ රූපසිංහගේ අදහස් වලට නාමල් මොනවාද කියන්නේ? (නි)

:       0       0

දිලිනි Thursday, 14 May 2015 12:12 AM

ඉස්සර ආවෙත් ඔහේ ඉඳලානේ.ඇවිල්ලා ටික දවසක් යනකොට අගමුල අමතකවෙනවා.දැන් මේ කට්ටිය හෝ ගාලා යහපාලනයට මනාප දෙනවා කියලා හිතාගෙන ඇති. (නි)

:       0       0

ගීතා Thursday, 14 May 2015 12:17 AM

දාලා එනකොට දුක හිතුනේ නැද්ද? (නි)

:       0       0

නීල් Thursday, 14 May 2015 12:20 AM

තැන තැන දුව දුවා කාලය කන එකේ තේරුමක් නැහැනේ (නි)

:       0       0

අනුර Wednesday, 13 May 2015 11:49 AM

සාදරයෙන් පිළිගනිමු මෙය ඔබ සැමගේ මව්බිම ඔබට කැමති විදියට දෙවිනුවර සිට යාපනය දක්වා ජීවත් වෙන්නට පුළුවන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site