යුධ සමයේ ඉන්දියාවට පලා ගිය තවත් ශ්‍රී ලාංකික සරණාගතයෝ 65 දෙනෙකු යළි සිය මුල් ගම් බිම් වල පදිංචිවීමේ අපේක්ෂාවෙන් අද යළි දිවයිනට පැමිණියහ.
ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 132 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික සරණගතයෝ 41 දෙනෙක්ද, ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි යු.එල් 122 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික සරණාගතයෝ 24 ක් ද පැමිණියහ.
මෙම පිරිස අතර පවුල් 32 කට අයත් සාමාජිකයෝ සිටි අතර වැඩි පිරිසක් තරුණ වියේ වුහ.
මොවුහු යාපනය, ති්‍රකුණාමලය, වව්නියාව, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මින් බොහෝ පිරිස් යුධ ගැටුම් වලට මැදිව මන්නාරම සහ ත්‍රිකුණාමලය මුහුදුතීරයෙන් බෝට්ටු මගින් ඉන්දියාවට පලා ගොස් දකණු ඉන්දියාවේ සරණගත කඳවුරු වල ජීවත්වුවෝ වෙති.
නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාතයංශය, එක්සත් ජාතීන්ගේ සරණගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්්‍යාලයේ මැදිහත්ව මෙම පිරිසට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
ශ්‍රී ලාංකාවේ යළි පදිංචි වීම සදහා දිවයිනට පැමිණි මෙම පිරිස නැවත පදිංචි කිරීමේ හා ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එස් ස්වාමිනාදන් මහතා විසින් කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන පරිශ්‍රයේදී පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව අමාත්‍යවරයා මොවුනගේ සුවදුක් විමසු අතර පසුව එක්සත් ජාතීන්ගේ සරණගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමග එක්ව ජීවත්වීමට දීමනාවක් සහ සිය ගම්බිම් බලා යාමට අවශ්‍ය මුදල්ද ලබා දුන්නේය.
මෙරටට පැමිණි බොහෝ තරුණ තරුණියෝ පැවසුවේ තමන් වසර ගණනාවක් ඉන්දියාවේ සරණගත කදවුරු වල ජීවත් වු බවත් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටු වන බවයි.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයගේ ඇඳුම් පැළඳීම් දෙස බලනවිට සරණාගත කඳවුරු වල ජීවත් නොවූ අය ලෙස පෙනෙනවා ඉන්දියාවෙම් හිටිය නම් නරකද . (අ)
එතකොට ද්‍රවිඩ කොටි සංවිධානයේ අනින් සහ මරණයට බයෙන් දකුණට පලා ආ සිංහලයන් ඔවුන් පදිංචිව සිටි පලාත්වල එම අයව නැවත පදිංචි කරවීමට කතිකාවතක් නැද්ද. (අ)
ඇයි වසන්ජය කැමති ඔවුන් වැරහැලි ඇදගෙන ඉන්නව දකින්නද? තමුන්ගේ වර්ගවාදී කුණු එලියට නොපෙන්වා හිටියොත් නේද හොද? (අ)
නාමල් ඔබ ඉතාමත් නිවැරදියි. ඉන්දියාවෙන් ලංකාවට ලැබුන "බුදුදහම" කුමන ආකාරයෙන් වසන්ජයට පෙනේවිද? (බ)
ඇත්තට ම මෙයාල ලංකාවේ සරණාගතයෝ නම් මෙයාලට අයලගේ මුල් පදිංචියේ ඉඩම් බලදීම ඉතාම වැදගත් .ඔව්න්ට ජීවත් වීමට වැඩ පිළිවෙලක් සකසාදීම රජයේ වගකීම. දරුවන්ට පාසැල ලබාදීමත් වැදගත් . (කේ)
නාමල්ට සහ සිරිනිමල්ට තරහගිහින් මොකද? (නි)
සිංහල අයට උතුරු පළාතේ ඉඩමක් මිලදීගැනීමට හැකියාවක් තිබේද?නමුත් දමිළ අයට ලංකාවේ ඕනෑම තැනක ඉඩමක් මිලදී ගැනීමේ හැකියාව ඇත (නි)
අපි එයාලව සාදරයෙන් පිළිගනිමු (නි)
ප්‍රනාන්දු සහ රූපසිංහගේ අදහස් වලට නාමල් මොනවාද කියන්නේ? (නි)
ඉස්සර ආවෙත් ඔහේ ඉඳලානේ.ඇවිල්ලා ටික දවසක් යනකොට අගමුල අමතකවෙනවා.දැන් මේ කට්ටිය හෝ ගාලා යහපාලනයට මනාප දෙනවා කියලා හිතාගෙන ඇති. (නි)
දාලා එනකොට දුක හිතුනේ නැද්ද? (නි)
තැන තැන දුව දුවා කාලය කන එකේ තේරුමක් නැහැනේ (නි)
සාදරයෙන් පිළිගනිමු මෙය ඔබ සැමගේ මව්බිම ඔබට කැමති විදියට දෙවිනුවර සිට යාපනය දක්වා ජීවත් වෙන්නට පුළුවන්.(හේ)