නිමල කොඩිතුවක්කු
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමෙන් පලිගැනීමට අරලියගහ මන්දිරයෙන් සැලසුම් ක්‍රියාත්මක වන බවත් මෙහි පළමු බිල්ල ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී ඒකනායක මහතා ලබන සදුදා මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට කැඳවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙයට විරෝධය පල කරමින් ටී. බී ඒකනායක මහතා සමඟ තම කණ්ඩායමේ 16 දෙනාම එදිනට මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය වෙත යන බවද ඔහු කියා සිටියේය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ බොරුල්ල නිවසේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
‘‘පන්සලක හාමුදුරු කෙනෙකුට පෙරහැරක් සංවිධානය කිරීම සඳහා වාහනයක් ලබා දීම ලෙස ඒ මහතා කැඳවා ඇති බවත් මේ පලිගැනිම් වලට විරුද්ධව අනෙකුත් බලවේග සමඟ එක්ව ආණ්ඩුවට විරුද්ධව සටනක් ආරම්භ කරන බවත් ඔහු එහිදී කියා සිටියේය.‘‘
COMMENTS
දැන් තමා සේරම පෙනෙන්නේ. එකට ඉන්න කාලේ ඔහොම අවුලක් තිබුනේ නැනේද?
වැරදි කරලා නැත්නම් මොකටද බය වෙන්නේ. අඩුම ගනනේ දැන් උත්තර දෙන්න හරි පුළුවන්. මතකනේ අර එස්ගෙ එෆ් ඇදගෙන ගිය හැටි?
මේගොල්ලොත් පොහොට්ටුව අනුගමනය කරන්නේ. සේරම එදාට එෆ්සීඅයිඩියට යවනවාලු මේ අරලියගහ ඉතා බයානකයි. එදා නඩු තීන්දු තීරණය කලාලු අද පලිගන්නවාලු
අන්න හොඳයි. ඔය කට්ටියේ ඉන්න සමහර උදවිය කොලේ (දුෂණ) වහගන්න පුළුවන්වෙයි කියලනේ අනික් පැත්තේ හිටියේ. ගණන් හදල බලන්න ඔතන ඉඳල සි අයි ඩී එකට කොච්චර දුරද කියලත්.
වහාම මහින්දට එකතුවන්න රජය පෙරලාදමන්න දායක වෙන්න