අඟුලාන-කිරිබත්ගොඩ මාර්ග අංක 154 බස් රථ අද (26) ධාවනයෙන් ඉවත්කර ගත් බව අඟුලාන-කිරිබත්ගොඩ බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. නිසි කාලසටහනකට අනුව බස් රථ ධාවනය නොකිරීමට විරෝධය දක්වමින් මේ ක්‍රියාමාර්ගය ගත් බව එම සංගමය කියයි.
අඟලාන-කිරිබත්ගොඩ මාර්ගයේ බස් රථ 72ක් ධාවනය වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටනම් ගානක් වත් නෑ.. ලංගම තියෙනවානේ (ම)
මිනිසුන්ගේ වටිනා කාලය බස් එක තුළදී කා දමන අයට හොඳ දඬුවමක් දෙන්න ඕනා (නදී)
මට දැනගන්න ලැබුන හොදම ආරංචිය කියලවත් කරගන්න බැරි දෙයක් අද ඉක්මණට ගෙදර යන්න පුළුවන් වේවි වෙනදට වඩා හැමෝටම (ම)
හේතුව ඕක නෙමෙයි කොට කොට කිරිබත්ගොඩ හන්දියේ නවත්තල තියන එකට ඊයේ පොලිසිය වලිය ඇද්දා (නදී)
කොටන එකෙත් හොඳම කෙටිල්ල තමා අඟුලාන-කිරිබත්ගොඩ 154. මේ බස් එකක ගිය කෙනෙක්ගෙන් අහලා බලන්න ඕනෑ මෙයාලා කොටන කෙටිල්ල ගැන. (නි)
මේතරම් කොටන රූට් එකක් තවත් නැහැ (නි)
ලොකු දෙයක් 154 බස් ටික අපහු ඕනේ නැහැ ගෙවල් වලම තියාගන්න අපි පුළුවන් විදියක යන්නම් (අ)
මිනිසුන්ගේ වටිනා කාලය බස් එක තුළදී කාදමන එවුන්ට හොඳ දඬුවමක් දෙන්න ඕන (අ)
අමිල හරියට හරි. කිරිබත්ගොඩ සිට අගුලානට එන්න පැය දෙකකට වැඩිය යනවා. (අ)
පුලුවන් නම් අපි සේරම 154 බස් වර්ජනය කරමු. කොටන එක නවත්තන කියලා (නදී)
අපිට පාඩුවෙයි...... පුලුවන් නම් දවස් 3ක් වර්ජනය කරලා පෙන්නන්න (නි)
හිතවත් 154 මඟීනි, ඇතිවෙන්න සීටීබී බස් දුවනවා. බයවෙන්න එපා. ගාලු පාරටම යන අයට කෝච්චිය හොඳම මාර්ගයයි. උදේට කැළණිය දුම්රිය පොළෙන් පානදුරේටම කෝච්චි යනවා. (නි)
අන්තිම සවුත්තු සේවයක්.දෙමටගොඩ ඉඳලා අඟුලානට පැය 2ක්වත් යනවා. දෙමටගොඩ කොටනවා. බොරැල්ලේ කොහොමත් කොටනවා. ආයෙත් ඩීඑස් එක ළඟ, රූපවාහිනී එක ළඟ කොටනවා.ඊළඟට වැල්ලවත්තෙ හන්දියෙයි, දෙහිවලයි. අන්තිමට රත්මලානේ සිංගර් එක ළඟත් කොටනවා.පිටිපස්සෙ කෙනා එනකොට පිස්සු හැදිලා වගේ පාර පුරාම රේස් දුවනවා. (නි)
අපොඕ මම දැකපු ජරාම බස් ජාතිය. යනවාට වඩා මෙයාලා කොහොමත් නොයන එක තමා කරන්නේ.(ම)
බොරැල්ල මංසන්ධියේ අඩුම විනාඩි 10 ක් නවත්වාගෙන ඉන්නවා. ඉන් අනතුරුව ටොරින්ටන් වලට එනවා විනාඩි 5ක් ඇතුළත. ටොරින්ටන් වල ආපහු විනාඩි 5ක් ඉන්නවා. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ මේකේ ගමනක් යද්දී. (නි)
අනේ හොඳා. කියලවත් කරගන්න බැරි වැඩක්. ඉස්ටේෂන් එකේ ඉදල ලංගම බස් දාන්න ගාලු පාරට. (බ)
අනේ පුලුවනිනම් මේ කොමෙන්ට් ටික එයාලගේ සංගමේට පෙන්නන්න.... අායෙත් නම් ජීවිතේටවට වර්ජනයක් නම් කරන එකක් නෑ ලැජ්ජාවක් තියෙන එක් කෙනෙක් හරි හිටියොත් (බ)
ඉහළ තියෙන ප්‍රතිචාර අනුව ඔය දේශපාලකයෝ, බස්කාරයෝ, කරන දේ වලට නැගී සිටීමට ජනතාව එකමුතු වෙන්න ඕනි. එහෙම වුණාම ඔය ලොකු කම් ඉවරයි. වර්ජනය කළ බස් කාරයෝ නිකන්ම දුවන්න ගනී ෆිනෑන්ස් ගෙවා ගන්න බැරි වුණාම . එතකන් ජනතාව ඉවසන්න ඕනි.(ම)
154 නැති තරමට hහොඳයි. එක දවසක් ගිය කෙනෙක් අායෙමත් යන්නේ නැහැ. කොට කොට යන්නේ (බ)
කොළඹ කැම්පස් එක ළඟ ඉදලා බී.එම්.අයි.සී.එච් එක ළඟට යන්න විනාඩි විස්සක් වත් ගන්නවා. නොදුවන තරමට අපිට වාසි (බ)
ලංකාවේ පුද්ගලික බස් සේවාව නවත් වන්න පුලුවන්නම් එය මහජනත්වගේ සුබ සිද්ධියකි. සියලුම බස් ලංගම මගින් හොඳ පුහුණු වීමකින් නියමිත වෙලාවකින් වැදගත් කාර්ය මණ්ඩලයකින් පවත්වන්න පුළුවන් නම් (ම)
ධාවනයෙන් ඉවත් කර ගත්තම ගෙදර අයට කන්න දෙන්නේ කොහොමද ? (ම)
අපෝ මහා අපම කරපු බස් රූට් එකක්. මම බොරැල්ලේ යන්නෙ 154 බස් එකේ. කොචර වේලාසන ගියත් හරියට වෙලාවට යන්න බැහැ. ඕක නවත්තපු එකම තමයි හොඳ. (ස)
හරිනම් මෙයාලගේ මාර්ග බලපත්‍ර තහනම් කරන්න ඕනෑ (නි)
වැඩක් නෑ.කිරිබත්ගොඩ රෑ 7.30 න් පසුව බස් නෑ. (ස)
ัමම නම් පයින් ගියත් 154 යන්නේ නහැ. මේක බම්බල පිටියේ ඉදල තුම්මුල්ට යන්න පැය භාගයක් යනවා. (ස)
එපාම කරපු බස් රැට් එකක්. මම බොරැල්ලට යන්නේ 154 කලින් ගියාට වැඩක් නෑ යන්නෙම පරක්කු වෙලා නවත්තපු එකම තමා හොඳ (ම)