කොට්ටාව කටුකුරුන්ද වෙළඳසලකට පැන ජංගම දුරකථන හතරක්, සිගරට් පැකට් කිහිපයක්, චොකලට් හා ශක්ති ජනක පාන සහිත බෝතල් දෙකක් සමග රුපියල් 70000ක මුදල් සොරකම් කළ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.
වෙළඳසලේ වීදුරුවක් කඩා ඇතුළුවී ඇති සිසුවාගේ අත ඒ හේතුවෙන් කැපී ඇති බවත් රෝහලට ඇතුළත්වී ප්‍රතිකාර ගනිද්දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් කියති. මීට පෙර හොරකම් කිහිපයකටද එම සැකකාර සිසුවා සම්බන්ධ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි පුතේ, අපි ඉන්නේ ධර්මද්වීපයකය, පිළිවෙතින් සමවැදුන නිතිපතා බණදහම් අහන රටකය යන්න තහවුරු කිරීම ගැන. (ර)