IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


14 දැරිය මවක් වෙයි

ලග්ගල ප්‍රදේශයේ  අවුරුදු  දාහතරක දැරියකට  ඇගේ නිවසේදීම දරුවකු ලැබීමෙන් පසු  එම දරුවා  හා මව  රෝහල්ගත  කර ඇතැයි ලග්ගල පොලීසිය කියයි.

ඇය නවය වසර දක්වා පාසල් ගොස් ඇත.

නියමිත කාලයට පෙර  බිහි කළ දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දරුවා ප්‍රධාන රෝහලකට මාරු කර යවා ඇත.

දැරිය සමඟ ප්‍රේම සබඳතාව ඇති කරගත් තරුණයාට (26) ආධාර අනුබල දිම සම්බන්ධයෙන් දැරියගේ මව,පියා සහ මිත්තනියද අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය  සඳහන් කරයි.

ඔවුන්  සෙනසුරාදා (07) නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

14 දැරිය මවක් වෙයි

පිවිතුරු යහපාල Saturday, 07 March 2015 05:22 AM

හොද වෙලාවට යහපාලානේ තිබුනේ..නැත්නම් ඕකටත් අල්ලන්නේ මහින්ද මහත්තයව.. (නදී)

:       0       0

භානු Saturday, 07 March 2015 06:18 AM

දැන් මේ තරුණ තාත්තාව හිරේ දමලා මේ ප්‍රශ්නය වීසඳෙනවා ද ? අපේ රටේ ඈත පිටිසර පලාත්වල බාලිකාවන්ගේ අනාගතය මෙන්න මේක තමයි. ඒ ගැන සමාජයේ වගකිව යුත්තන් යම් මැදිහත් වීමක් සිදු කල යුතුයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් හෝ අඩු වශයෙන් කාන්තාවන්ට තමන්ට ගැබ් දැරීමට සුදුසු වයස වත් මේකයි කියල දැනුවත් කරන්න ඕන නේද ? මටත් අවුරුදු 15 ක දියණියක් සිටිනවා. බොහොම කනගාටුයි මේ අසරණ දැරිය ගැන. (නදී)

:       0       0

සොපී Saturday, 07 March 2015 06:33 AM

ලිංගික අධ්‍යාපනය අපේ ළමයින්ටත් රටට ගැලපෙන විදියකට ලබා දුන්නානම් හොදයි නේද ? (නදී)

:       0       0

නුවන් Tuesday, 10 March 2015 03:14 AM

දෙමාපියන් ළමයින් ගැන මීට වැඩිය හිතන්න ඕනැ. මොන වරදක් තිබුනත් තමන්ගේ දරුවගේ වැරදි වහන්න එපා (නි)

:       0       0

හෙන්රි ජෝසේෆ් Friday, 06 March 2015 02:08 PM

මේවා පාප කර්ම. කිසිදා සමාව දිය නොහැක (නදී)

:       0       0

බන්දුල Saturday, 07 March 2015 11:05 AM

බටහිර දියුණු රටවලත් මෙවැනි දේවල් වෙනවා .වෙනස එම අය සමාජයෙන් කොන් ක‍රන්නේ නැහැ. දරුවා හදාගෙන පාසල් යන්න උදව් කරනවා .බඳින කැමති පිරිමිත් ඉන්නවා (අ)

:       0       0

ප්‍රවීන් Saturday, 07 March 2015 11:06 AM

අපේ රටේ ලිංගික අධ්‍යාපනය පාසල් යන ළමයින්ට ලබා දිය යුතුය....නැතිනම් මෙවනි දේවල් ඇසීමට දකින්නට සුලබ වේවි . (අ)

:       0       0

සල් Friday, 06 March 2015 02:47 PM

යහපාලනය! (නදී)

:       0       0

නිහාල් Friday, 06 March 2015 06:30 PM

මේ වගේ අම්මල තාත්තලා අච්චිලට හොදක් නම් වෙන්නේ නෑ. (නදී)

:       0       0

සෑම් Friday, 06 March 2015 09:09 PM

හද්දා පිටිසර , කිසිදු පහසුකමක් රජයෙන්වත් වෙනත් ආයතන වලින්වත් සපයා නැති මේ පළාත් වල මිනිසුන් ජීවත්වෙන්නේ මීට වසර පනහකට සීයකට පෙර තිබුන පහසුකම් සහිත පරිසරයකයි. එහිදී "නීතිය" පමණක් විසිඑක්වන සියවසේ විදියට ක්‍රියාත්මක කිරීම අසාධාරණයි. මේක බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමක් හැටියට සළකා පිරිමියා හිරේදමා දරුවා පරිවාසයට පත්කිරීමෙන් වෙන වැරැද්ද කවදාවත් නිවැරදි කළ නොහැකියි. (නි)

:       0       0

කුමාර Saturday, 07 March 2015 04:32 PM

මේ වගේ දේවල් ලෝකේ ඕනෑතරම් තියෙනවා. (ර)

:       0       0

ආර්. පිලපිටිය Saturday, 07 March 2015 05:03 PM

අපේ රටේ අය බලන්නේ කාට හරි දඩුවම් දෙන්න. නමුත් දඩුවම් ලැබිය යුතු අය මාළිගා වල. ස්ත්‍රී දුෂණ කරමින් වැජඹෙනවා. (නදී)

:       0       0

ලක්සිරි Saturday, 07 March 2015 08:05 PM

බන්දුල මේ දඬුවම් ලැබිය යුතු බාලවයස් අපරාධයක්. බටහිර රටවලත් මේවට දැඩි දඩුවම් තියෙනවා. (දිල්)

:       0       0

මිස්ටර් ජයේ Saturday, 07 March 2015 03:33 AM

සෑම් ගෙ අදහසට සම්පූර්ණයෙන් එකග වෙමි. අවසානයට සිදු වන්නේ අර දරුවාට දෙමව්පියන්ගේ රැකවරනය නොලැබෙන එක. (නදී)

:       0       0

රණතංග Saturday, 07 March 2015 03:42 AM

ලිංගිකත්වය කොහොමද යහපාලනයට අදාල වෙන්නේ ? (නදී)

:       0       0

මාලි Saturday, 07 March 2015 04:53 AM

සැමී ඔබ නිවැරදියි නීතිය විතරක් දැනගත්තට මදි මනුස්සකමත් තියෙන්න ඕන (නදී)

:       0       0

කමණී Sunday, 08 March 2015 07:08 AM

සෑම්, කියන්නේ ඇත්ත. නීතිය විතරක් ක්‍රියාත්මක උනාට ගුණ ධර්ම රකින්න බැහැ. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 07 March 2015 05:04 AM

මිනිස්සුනේ, ඔය දැරියට ගරහන්න එපා. දුප්පත් කම නිසා මෙවැනි සිදුවීම් අනන්තව ගම්බදව අප්‍රසිද්දියේ සිදු වෙනවා. කරුණාකර දයාවෙන් කටයුතු කරන්න. දැරිය හා ළදරුවාට ආරක්ෂාව පෝෂණය සපයා ජීවිත හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site