ලග්ගල ප්‍රදේශයේ අවුරුදු දාහතරක දැරියකට ඇගේ නිවසේදීම දරුවකු ලැබීමෙන් පසු එම දරුවා හා මව රෝහල්ගත කර ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
ඇය නවය වසර දක්වා පාසල් ගොස් ඇත.
නියමිත කාලයට පෙර බිහි කළ දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දරුවා ප්‍රධාන රෝහලකට මාරු කර යවා ඇත.
දැරිය සමඟ ප්‍රේම සබඳතාව ඇති කරගත් තරුණයාට (26) ආධාර අනුබල දිම සම්බන්ධයෙන් දැරියගේ මව,පියා සහ මිත්තනියද අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය සඳහන් කරයි.
ඔවුන් සෙනසුරාදා (07) නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට යහපාලානේ තිබුනේ..නැත්නම් ඕකටත් අල්ලන්නේ මහින්ද මහත්තයව.. (නදී)
දැන් මේ තරුණ තාත්තාව හිරේ දමලා මේ ප්‍රශ්නය වීසඳෙනවා ද ? අපේ රටේ ඈත පිටිසර පලාත්වල බාලිකාවන්ගේ අනාගතය මෙන්න මේක තමයි. ඒ ගැන සමාජයේ වගකිව යුත්තන් යම් මැදිහත් වීමක් සිදු කල යුතුයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් හෝ අඩු වශයෙන් කාන්තාවන්ට තමන්ට ගැබ් දැරීමට සුදුසු වයස වත් මේකයි කියල දැනුවත් කරන්න ඕන නේද ? මටත් අවුරුදු 15 ක දියණියක් සිටිනවා. බොහොම කනගාටුයි මේ අසරණ දැරිය ගැන. (නදී)
ලිංගික අධ්‍යාපනය අපේ ළමයින්ටත් රටට ගැලපෙන විදියකට ලබා දුන්නානම් හොදයි නේද ? (නදී)
දෙමාපියන් ළමයින් ගැන මීට වැඩිය හිතන්න ඕනැ. මොන වරදක් තිබුනත් තමන්ගේ දරුවගේ වැරදි වහන්න එපා (නි)
මේවා පාප කර්ම. කිසිදා සමාව දිය නොහැක (නදී)
බටහිර දියුණු රටවලත් මෙවැනි දේවල් වෙනවා .වෙනස එම අය සමාජයෙන් කොන් කරන්නේ නැහැ. දරුවා හදාගෙන පාසල් යන්න උදව් කරනවා .බඳින කැමති පිරිමිත් ඉන්නවා (අ)
අපේ රටේ ලිංගික අධ්‍යාපනය පාසල් යන ළමයින්ට ලබා දිය යුතුය....නැතිනම් මෙවනි දේවල් ඇසීමට දකින්නට සුලබ වේවි . (අ)
යහපාලනය! (නදී)
මේ වගේ අම්මල තාත්තලා අච්චිලට හොදක් නම් වෙන්නේ නෑ. (නදී)
හද්දා පිටිසර , කිසිදු පහසුකමක් රජයෙන්වත් වෙනත් ආයතන වලින්වත් සපයා නැති මේ පළාත් වල මිනිසුන් ජීවත්වෙන්නේ මීට වසර පනහකට සීයකට පෙර තිබුන පහසුකම් සහිත පරිසරයකයි. එහිදී "නීතිය" පමණක් විසිඑක්වන සියවසේ විදියට ක්‍රියාත්මක කිරීම අසාධාරණයි. මේක බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමක් හැටියට සළකා පිරිමියා හිරේදමා දරුවා පරිවාසයට පත්කිරීමෙන් වෙන වැරැද්ද කවදාවත් නිවැරදි කළ නොහැකියි. (නි)
මේ වගේ දේවල් ලෝකේ ඕනෑතරම් තියෙනවා. (ර)
අපේ රටේ අය බලන්නේ කාට හරි දඩුවම් දෙන්න. නමුත් දඩුවම් ලැබිය යුතු අය මාළිගා වල. ස්ත්‍රී දුෂණ කරමින් වැජඹෙනවා. (නදී)
බන්දුල මේ දඬුවම් ලැබිය යුතු බාලවයස් අපරාධයක්. බටහිර රටවලත් මේවට දැඩි දඩුවම් තියෙනවා. (දිල්)
සෑම් ගෙ අදහසට සම්පූර්ණයෙන් එකග වෙමි. අවසානයට සිදු වන්නේ අර දරුවාට දෙමව්පියන්ගේ රැකවරනය නොලැබෙන එක. (නදී)
ලිංගිකත්වය කොහොමද යහපාලනයට අදාල වෙන්නේ ? (නදී)
සැමී ඔබ නිවැරදියි නීතිය විතරක් දැනගත්තට මදි මනුස්සකමත් තියෙන්න ඕන (නදී)
සෑම්, කියන්නේ ඇත්ත. නීතිය විතරක් ක්‍රියාත්මක උනාට ගුණ ධර්ම රකින්න බැහැ. (ර)
මිනිස්සුනේ, ඔය දැරියට ගරහන්න එපා. දුප්පත් කම නිසා මෙවැනි සිදුවීම් අනන්තව ගම්බදව අප්‍රසිද්දියේ සිදු වෙනවා. කරුණාකර දයාවෙන් කටයුතු කරන්න. දැරිය හා ළදරුවාට ආරක්ෂාව පෝෂණය සපයා ජීවිත හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්න. (නදී)