ශ්රී ලංකා නව රජය එහි සියලු වැසියන් එකමුතුකර සමගියෙන් නව ගමනක් ඇරැඹීම ගැන ඉන්දියාව බෙහෙවින් සතුටු වන බවත්, ඒ ගමන සාර්ථක කර ගැනීම සඳහා හැම උදව්වක්ම ලබා දෙන බවත් , දෙමළ ජනයා ඇතුළු සියලු ජාතීන් හට සමගියෙන් සමානාත්මතාවයෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් සාර්ථක කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරන බවත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී ප්‍රකාශ කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී හමුදා ආචාර පෙළපාළියක් පවත්වා ඉන්දියා නායකයා පිළි ගත් අතර ඉන් පසුව ඉන්දියා අගමැති රතු පලස මතින් ගමන් කරමින් මැති ඇමැතිවරුන් හඳුනා ගත්තේය.
ඉන් පසු ඉන්දියා අගමැති මෝදි සිය දූත පිරිස මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිට හදුන්වා දුන්නේය.
ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිගෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා මෝදිය.
‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සංහිඳියාව හා සාමය වෙනුවෙන් යන අලුත් ගමනට අපේ සුභ පැතුම් අවංක සහාය පළ කරන්නෙමු.
එක්සත් ශ්‍රී ලංකාවක ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවේ සියළු ජන කොටස්හි බලාපොරොත්තු සඵල කරමින් , සියළු දෙනාටම සමාන ජීවන තත්ත්වයක්ද, සාධාරණය ද, සාමය ද ,ගරුත්වය ද ඇතිව අනාගතය ගොඩ නැඟිමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයේදී අපිද පසු පසින් සිටින්නෙමු.
ශ්‍රී ලංකා ආණුඩක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පුර්ණ ලෙස ඉක්මනින් ක්‍රියාත්මක කරමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඉක්මවා යාමට දායක විමෙන් මෙම ක්‍රියාවලිය සාර්ථක කරගත හැකි බව අප විශ්වාස කරන්නෙමු.‘
‘ශ්‍රී ලංකාව අපේ සමීපතම මිතුරෙකි. බුදු දහමේ ආභාෂය අප දෙරටටම හිමි වී තිබේ. ත්‍රිකුණාමලය මෙම කලාපයේ ඉන්ධන කේන්ද්‍රය බවට පත් කිරීමට ඉන්දියාව කැමතියි. ශ්‍රී ලංකාවේ දුම්රි මාර්ග සංවර්ධනයට ඇමෙරිකා ඩොලර් තිස් අට කෝටියක ණය ආධාර සැපයීමට ද ඉන්දියාව බලාපොරොත්තු වේ.‘
ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින්ම කතා කරමින් පැවසුවේ බුද්ධ ධර්මයෙන් හා හින්දු ධර්මයෙන් දෙරටම බැඳී සිටින බවයි.
‘දෙරටම සමීප සහයෝගතාවය ඔස්සේ ආර්ථික සංස්කෘතික හා සෙසු අංශවල දියුණුව වර්ධනය කර ගැනීමට හැකි හැම පියවරක්ම ගන්නවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, සහෝදරත්වය කියලා ඉඩම් බලතල දුන්නහම ඊළඟට ඉල්ලන්නෙ පොලිස් හා හමුදා බලතල. ඒවාත් දුන්නහම මොකද වෙන්නේ? ඔය කියන සහෝදරත්වය එයාලට තියෙනවා නම් ඇයි සිංහල සහෝදරයන් එක්ක එයාලට ඉන්න බැරි? සිංහලයාට විතරද සහෝදරත්වය ඕනෑ? (නි)
ඔය තියෙන්නේ සැබෑ වෙනස.(හේ)
බළල පැන්නා මල්ලෙන් එළියට (බ)
අනිවාර්‍යෙන්ම බලය බෙදිය යුතුයි.. උතුරට ඉඩම් බලතල ලබෙනවාට අපි කැමතියි... මොකද උතුරෙත් ඉන්නේ අපේ සහෝදරයෝ..කොහොම වෙතත් ඇමරිකාව, යුරෝපය හා ඉන්දියාව අපිත් එක්කනම් බයවෙන්න දෙයක් නෑ..(බ)
13 ඔබ්බට යන්න කියන්නේ වෙන රටක් හදන්න කියන එක. මම වැරදි නම් දන්න කෙනෙක් විස්තර කරලා දෙන්න. (බ)
මා දන්නා තරමට දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ නායකයින් කවදාවත් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ නැහැ. ඒකීය රටක් තුළ ස්වාධීනව තමන්ගේ අනන්‍යතාවයක් තුළ වැඩ කිරීමට පහසුකම සලසන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම. (බ)
මෙයා එහෙ දරුණුම ආගම් වාදියෙක් බහුතරයක් මුස්ලිම් ක්‍රිස්තියානු අය මෙයට කැමති නැහැ (බ)
මෙයා එහෙ දරුණුම ආගම් වාදියෙක් බහුතරයක් මුස්ලිම් ක්‍රිස්තියානු අය මෙයට කැමති නැහැ (බ)
අපේ රටේ උතුරේ දෙමළ වෙනම රටක් හැදෙනවට වැඩියෙන්ම අකමැති ඉන්දියාව.ලංකාවේ එහෙම එකක් හැදුනොත් ඊට තමිල්නාඩුවත් එකතු වෙලා ඉන්දියාවට ලොකු ප්‍රශ්නයක් වෙන බව එයාල දන්නවා.(ම)
ඔය පොරොන්දුව දුන්නේ හිටපු නයකයනේද? කට්ටියට අමතකද? (ම)
ලංකාව ඒකීය රටක් මධ්‍යම රජයෙන් රට පාලනය වුනාම ඇති.පළාත් සභා අනවශ්‍යයි (බ)
මොනවා අත්සන් කරනවාද>දන්නේ නැහැ.13 නොවෙයි තියෙන පළාත් සභා නැති කල යුතුයි.අනෙක මේක ඉන්දියාවේ ප්‍රාන්තයක් නොවෙයි.(ම)
මොදිගේ ඇඳුම ඇන්දට කමක් නැහැ.මෝඩි කියන ඒවා එහෙම කරන්නෙපා.(ම)
අනිවාර්යයෙන් රොමේශ් ඔයා හරි. ඉඩම් බලතල පොලිස් බලතල දුන්න කියන්නෙ දැන් තියෙන තත්ත්වයත් එක්ක, විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපයත් එක්ක මොකද වෙන්නේ? අනික ඉන්දියාව අපට දීපු ව්‍යවස්ථා සංශෝධනයක් තමයි මේක. ඒකෙන්ම පැහැදිලි වෙනව මෙය රටට හිතකර ව්‍යවස්ථාවක් නොවන බව. " එක්සත් ශ්‍රී ලංකාවක ශ්‍රී ලාංකික හා දෙමළ ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවේ සියළු ජන කොටස්හි බලාපොරොත්තු "" මෝදිගෙ මෙම ප්‍රකාශයේ ගැඹුර ගැන කට්ටියට වැඩිය තේරෙන්නෙ නැතුව ඇති. (නදී)
13 ට එහා කියන්නේ ස්වයං පාලනය.. එකත් දීලා දමමු, නැගෙනහිරත් ඉල්ලන අයට දෙමු, ඉතුරුවුණු කොටසේ ඉන්න අපි සර්ව ආගමික, සර්වජාතික ආණ්ඩුවක් පිහිටුවලා කොත්තමල්ලි බීලා සතුටින් ඉමු... (ස)
අන්න අන්න ඒවාට එන්න එපා ඒවා අපි බල ගන්නම් මතකද රජීව් මහත්තයාට 13 වත් දෙන්න එපා (අ)
මම අහලා තිබෙන විදියට 13 අසුබ ඉලක්කමක් ... (නි)
රටේ සාමය විනා 13 අපිට වැදගත් නැහැ. (නි)