වීර පොදුජන පදනම සංවිධානය කළ 21 වැනි ජාතික විරුජන සම්මාන උළෙල ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්විණි.
2014 වසරේ අප්‍රේල් මස 18 වැනිදා වැලිකන්ද අරලගංවිලදී 13 දෙනකු රැගත් අත් ට්‍රැක්ටරයක් ඉසෙඩ්ඩී ඇලට වැටීමෙන් ජීවිත අවදානමට ලක්වූ පිරිස බේරාගත් පිඹුරත්තැව අලුත්වැව පදිංචි චමින්ද සම්පත් කුමාර හා අරලගංවිල ප්‍රියන්ත චන්දන බාලසූරිය යන දෙදෙනාට විරුජන සම්මාන හිමිවිය.
වීර පොදුජන පදනමේ සභාපති කසුන් පී. චන්ද්‍රරත්න මහතාද එම අවස්ථාවට එක්විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එදා ඉසෙඩ් ඇළට වැටුණේ මම ඇතුළු පවුලේ අය අපේ 10ක් ම අපෙන් වෙන් වුණා. අද අපි ජීවත්වෙන්නෙ මෙයාලා නිසා. මගේ උත්තමාචාරය ඔවුන් දෙපළට. දෙයක් කියන්න ඕණේ මේ උත්සවයට අපි ගියා. මේ සහෝදරයන්ට මුදලින් අාධාරයකුත් දුන්නා. ඒකට අනුග්‍රහය දීල තිබුණෙ පූජා උමාශංකර් කියන නිහතමානි නිළිය. අවංකවම මට එයාව හදුන් වන්න වචන නෑ. ඇත්තටම උතුම් මනුෂ්‍යයන් කියන්නෙ ඒ වගේ අයට. ලංකාවේ අයට ආදර්ශයක් මට හිතෙන්නෙ.(නදී)
ඔවුන් නියම වීරයන් මොකද සල්ලි බලාගෙන හෝ දේශපාලකයන් වගේ ප්‍රසිද්ධිය බලාගෙන කරුපු වැඩ නෙමේ මගේ සුබපැතුම් (ම)
වීරයෝ ටික ඉස්සරහ පේලියට ආවනම් තමා හොඳ. (ම)
වීරයන්ට මගේ සුභ පැතුම්. (ස)