හේෂාන් කුමාරසිරිගේ (127) සහ මිලාන් අබේසේකරගේ (58) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 133 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 413 ක් ලබා ඉනිම අත්හිටුවීය. රාජකීය විදුහල පළමු ඉනිමේදී ලකුණු 88 ක් ඉදිරියෙන් සිටියේය. දෙවැනි දිනය වූ අද පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබා සිටියේය. හේෂාන් කුමාරසිරි සහ මිලාන් අබේසේකර හයවැනි කඩුලූ සඳහා ලකුණු 142 ක සම්බන්ධතාවක් පවත්වමින් වසර 132 ක ‘නිල් මහ සටන’ ක‍්‍රිකට් ඉතිහාසයේ රාජකීය විදුහල වෙනුවෙන් 6 වැනි කඩුල්ල ඉහළතම සම්බන්ධතාවේ නව වාර්තාව පිහිටුවීමට සමත් වූහ. මෙහි පැරණි වාර්තාව 2004 වසරේ ඞී. එදිරිසූරිය (136) සහ එච්. මොරවක (නොදැවී 49) හයවැනි කඩුල්ල සඳහා ලකුණු 133 ක් රැස්කරමින් පිහිටුවා තිබුණි. හේෂාන් කුමාරසිරි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 173 කදී හතරේ පහර 19 ක් සමගින් ලකුණු 127 ක් රැස් කිරීමට සමචත් විය. රාජකීය විදුහල් නායක ඉමල් ලියනගේ වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 80 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 80 ක් රැස් කළේය. පළමු දිනය අවසන් වන විට එක කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටි රාජකීය විදුහල් ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු ඉසුරු ගුණතිලක තෙදින තරගයකට උචිත ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 133 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 67 ක් රැස්කිරීමට සමත් විය. හෙට (10) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි. ලකුණු පුවරුව සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 325 (ආසිරි වික‍්‍රමනායක 85, ජාවෙඞ් බොන්සෝ 97, චමෝද් පතිරණ 48, තිලක්‍ෂ සුමනසිරි 28, දනූෂ් පීරිස් 32, චාමික කරුණාරත්න 59/3, පූර්ණ අලූත්ගේ 90/3) රාජකීය විදුහල පළමු ඉනිම රෝනක අහංගම - ඇ. උමේෂ් ප. දිලූම් ප‍්‍රනාන්දු 20 ඉසුරු ගුණතිලක - ක. මූ. කළා ප. පතිරණ 67 පූර්ණ අලූත්ගේ - ඇ. බොන්සෝ ප. පතිරණ 12 සම්පත් ද සිල්වා - දුවද්දී දැවී ගියා 19 ඉමල් ලියනගේ - ස්ටම්ප් සචින් ප. රවිචන්ද්‍රකුමාර් 80 හේෂාන් කුමාරසිරි - ඇ. මතරවීර ප. පතිරණ 127 මිලාන් අබේසේකර - ප. සුමනසිරි 58 චාමික කරුණාරත්න - ක. මූ. කළා ප. පතිරණ 5 දේවින් පත්මනාදන් - දුවද්දී දැවී ගියා 0 ගෞරව් දේවා - නොදැවී 10 අනූප තිලකරත්න - නොදැවී 3 අතිරේක 12 එකතුව ඕවර 106 කදී කඩුලූ 9 ක් දැවී 413 කඩුලූ වැටීම: 1-53(අහංගම), 2-77(අලූත්ගේ), 3-116(සිල්වා), 4-151(ගුණතිලක), 5-223(ලියනගේ), 6-364(අබේසේකර), 7-384(කරුණාරත්න), 8-389(පත්මනාදන්), 9-408(කුමාරසිරි) පන්දු යැවීම: පතිරණ: 26-2-92-4, දනූෂ් පීරිස්: 7-0-22-0, මතගවීර: 17-2-62-0, රවිචන්ද්‍රකුමාර්: 22-1-79-1, දිලූම් ප‍්‍රනාන්දු: 12-2-46-1, සුමනසිරි: 19-2-81-1, උමේෂ් ප‍්‍රනාන්දු: 3-0-21-0 සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඩෙවින් ජයසිංහ - නොදැවී 13 ආසිරි වික‍්‍රමනායක - නොදැවී 9 අතිරේක 4 එකතුව ඕවර 8 කදී කිසිවකු නොදැවී 27 පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ: ජාවෙඞ් බොන්සෝ, සචින් පීරිස්, චමෝද් පතිරණ, තිලක්‍ෂ සුමනසිරි, උමේෂ් ප‍්‍රනාන්දු, දනූෂ් පීරිස් මධුෂාන් රවිචන්ද්‍රකුමාර්, රිෂේන් මතගවීර, දිලූම් ප‍්‍රනාන්දු පන්දු යැවීම: දේවා: 2-1-7-0, තිලකරත්න: 2-0-8-0, කරුණාරත්න: 2-0-4-0, අලූත්ගේ: 2-1-4-0
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
133 වැනි ‘නිල් මහ සටන’ හේෂාන් (127) - මිලාන් (58) රාජකීය විදුහල පෙරට ගෙනෙති