IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


13 සංශෝධනය සබරගමුවෙන් දිනයි

පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතුවීමට අවකාශ නොතිබිය යුතු බවටත්  13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ  පළාත් සභා ලැයිස්තුවේ යම් යම් විෂයයන්ට අදාල තීන්දු ගැනීමේදී සියලූ පළාත් සභාවල එකගත්වය ගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත මත එම තීන්දු ක‍්‍රියාත්මක කිරිම ප‍්‍රමාණවත් බවටත් සදහන්වු හදිසි යෝජනා දෙකක් සබරගමු පළාත් සභා මාසික රැස්වීමේදී වැඩි ඡන්ද 17කින් අද (25) සම්මත විය.

 එහෙත් දකුණු පළාත් සභා රැස්වීමේදී එම යෝජනාවට  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු  හත් දෙනෙක් එම යෝජනාවට එරෙහිව විපක්ෂ සමග ඡන්දය දුන්හ.

එම යෝජානාව එක් ඡන්දයකින් සම්මත විය.

 බද්දේගම සමිත හිමියෝද කෘෂිකර්ම ඇමැති  විජය එස් වීරසිංහ, ගා දෙනෙත්ති, වීරසුමන වීරසිංහ, ඒ.ජී.සී පියසිරි, ආනන්ද පද්මසිරි කාරියවසම්, අජිත් ප්‍රසන්න යන මහත්වරු යෝජනාවට එරෙහිව ඡන්දය දුන්හ.

සරත් යාපා අබේවර්ධන මහතා ඡන්දය දුන්නේ නැත. ඇමැති යු.ඒ.ඩී ආරියතිලක මහතා පැවසුයේ හෘද සාක්කියට විරුද්ධව වුවද පක්ෂයේ තීන්දුවට ඡන්දය දුන් බවයි.



අදහස් (0)

13 සංශෝධනය සබරගමුවෙන් දිනයි

පිටබෙද්දර ජයා Tuesday, 25 June 2013 06:23 PM

සම්පත් , සිංහලයෝ සුළු ජන කොටසක් නම් නෙමෙයි. හැබැයි අසාදාරනකම් වුනා නම් ඒ සිංහලුන්ටම තමා. (නි)

:       0       0

රොහාන් Tuesday, 25 June 2013 06:28 PM

දකුණේ උනත් ගුණ මකුවෝ ඉන්නවා නේ..(අ)

:       0       0

කමල් Tuesday, 25 June 2013 06:30 PM

මේක දකුණේ ජනතාවගේ මතයද? (නි)

:       0       0

දිසානායක Tuesday, 25 June 2013 06:42 PM

ඇත්තටම අපි සුළු ජාතිය වුනොතින් කුමක්ද කරන්නේ ? (නි)

:       0       0

ටෙඩී Tuesday, 25 June 2013 06:53 PM

ඇයි පළාත් සබාවේ වගන්ති විතරක් වෙනස් කරන්නේ. මුළු පළාත් සබා ක්‍රමයම අහෝසි කරන්න. (නි)

:       0       0

රෙමාකෝ Tuesday, 25 June 2013 08:37 PM

මේකෙන් පැහැදිලියි නේ කව්ද පළාත් සබා වලට කැමති කවුද අකමැති කියලා (නි)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 08:59 AM

පිටබෙද්දර ජයා, මම කිව්වේ උතුරු, නැගෙනහිර සිංහල සුළු ජන කොටසක් නිසා. මුළු රටම ගැන හිතලා නෙවෙයි. (නි)

:       0       0

දේශික Tuesday, 25 June 2013 10:14 PM

මගේ අදහස වන්නේ පළාත් සභා වලට ඉඩම් , පොලිස් බලතල කිසිසේත්ම නොදිය යුතුයි.ඉන්දියාව මොන බලපෑම් කලත් අපි මෙතනදී අපේ රට ගැන පළමුව සිතිය යුතුයි. (නි)

:       0       0

ඩෙනම් Tuesday, 25 June 2013 04:29 PM

පළාත් සභා ලැයිස්තුවේ යම් යම් විෂයයන්ට අදාල තීන්දු වල සඳහන් වෙලා ඇත්තේ කුමක්ද ? (ත)

:       0       0

සාදි Tuesday, 25 June 2013 04:45 PM

දකුණේ සමහරුන්ට වෙනම රාජ්‍යයක් ඕනේ වෙලාද? (ත)

:       0       0

රවිනාත් Tuesday, 25 June 2013 10:59 PM

පළාත් සභා ක්‍රමයම අහෝසි කළ යුතුයි. මේ සුදු අලියාව නඩත්තු කරන මුදලින් රටට යහපතක් වෙන වැඩක් කරන්න. චන්ඩි ටිකක් අඩුවීමේ වාසිය රටට දෙන්න. (නි)

:       0       0

ෆාරු Tuesday, 25 June 2013 05:05 PM

අනේ මේ දකුණු පළාත නේ (ත)

:       0       0

ශාන සෞදි Tuesday, 25 June 2013 05:12 PM

තමන්ගේ බඩ වඩා ගැනීම ගැන පමණක් හිතන මුන්ට ඉදිරියෙදී චන්දය නොදීමට ජනතාව වග බල ගත යුතුය (අ)

:       0       0

සම්පත් Tuesday, 25 June 2013 05:19 PM

ඉතා නිවැරදි තීන්දුවක්. පළාත් සභා වලට පොලිස් සහ ඉඩම් බලතල දුන්නොත් ඉබේම ඊලම පිහිටවේවි. සිංහල සහ මුස්ලිම් වගේ සුළු ජන කොටස් වලට අසාධාරණයක් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site