වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශවලට අනුව වෙනස්කම් රැසක් සමගින්, තරගකාරිත්වයෙන් තොරව පැවැත්වීමට ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කර තිබේ.
අධ්‍යාපන, ක‍්‍රීඩා, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අමාත්‍යංශ හතර එකතුව ගත් තීරණයකට අනුව වයස 13 න් පහළ දරුවන් තරගකාරි ක‍්‍රීඩා ඉසව්වලට සහභාගි කරවීම අත්හිටුවීමට මේ වසර මුලදී තීරණය කළේය. ශ්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සභාවේ සාමාජිකයන් වන සියලූම පාසල් ක‍්‍රීඩා සංගම්වල සහභාගිත්වයෙන් පසුගියදා අධ්‍යාපන නිලධාරීන් සමග පැවැති සාකච්ඡුාවකින් පසුව වයස 13 න් පහළ තරග තරගාකාරිත්වයෙන් තොරව පැවැත්වීමට අවස්ථාව හිමිවී තිබේ.
මේ අනුව වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියද තරගකාරිත්වයෙන් තොරව සංවිධානය කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ. මෙවර ද වයස 13 න් පහළ තරගාවලිය පාසල් ක‍්‍රීඩකයන් ලියාපදිංචි කර තරග කාලසටහන ද පාසල් ක‍්‍රිකට් සංගමය නිර්දේශ කිරීමට නියමිතය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා පැවසුවේ වයස 13 න් පහළ වයස් සීමාව ක‍්‍රීඩකයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අතපොත් තබන අවස්ථාව වන බැවින් එය මගහැරීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අයහපත් තත්ත්වයක් ඇතිකරලීමට ඉඩ ඇති බවත් ඒ හේතුවෙන් තරගකාරිත්වයෙන් තොරව 13 න් පහළ තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බවයි.
”මෙම තරගාවලියේ දස්කම් අනුව පළාත් සහ දිස්ත‍්‍රික් මට්ටමින් ‘රන්’ සහ ‘රිදී’ ලෙස සංචිත දෙකක් තෝරා ගැනීමට සැළසුම්කර තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී ක‍්‍රීඩකයන්ට පීඩනයක් යොමු නොකළ යුතු බවට අපි පුහුණුකරුවන්ට සහ කණ්ඩායම් බාර ආචාර්යවරුන්ට උපදෙස් දෙනවා” යැයිද පාසල් කි‍්‍රකට් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
13 න් පහළ නව තරගාවලියේ වෙනස්කම්
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
13 න් පහළ කි‍්‍රකට් තරගාවලිය නව වෙනස්කම් රැසක් සහිතව