IMG-LOGO

13 ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි

(අංජුල මහික වීරරත්න)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 තමන් පළාත් මහ ඇමතිවරයකු ලෙස කටයුතු කළේද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා යැයි කී අමාත්‍යවරයා   දැනටමත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක බවද පැවසීය. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක “ඔබට ගෙයක් - රටට හෙටක්”  නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස ලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අද (1) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

තමා හැමදාම හිටියේ පරිපාලන බලතල පළාත් සභාවට දියයුතුය යන ස්ථාවරයේ බව කී අමාත්‍යවරයා  කොළඹ සිට අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන ගැටළුවලට විසඳුම් දෙන්න බැරි බව ද පැවසීය.



අදහස් (3)

13 ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි

කිරිපුතා Friday, 01 September 2023 05:34 PM

බලතල නෙවෙයි පළාත් සභාම අවශ්‍ය නෑ. ඉන්දියාවෙන් කොටින් සතුටු කරලා රට බෙදන්න දීපූ ගුණ්ඩුවක් මේක. තව තවත් මහජන මුදල් හොකම් කරන හොරු ටිකක් බිහිවෙන එක තමයි වෙන්නේ..!

:       1       8

Bamunuarachchi Friday, 01 September 2023 06:46 PM

මොවුන් කන්න හිතුණාම කබරයා, තලගොයා කරගන්නවා. ඔබලාට ලෙහෙසියෙන් ඕක කරන්න හම්බ වෙන්නේ නෑ. ලේ වැගිරීමක් කරන්න වෙයි. දෙමළුන්ට රට පාවා දෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ...

:       1       9

සල්ලි Saturday, 02 September 2023 06:33 AM

අම්පාරටම වෙලා ඉන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site