අම්පාර දිසා බුද්ධි අංශයට ලැබුන තොරතුරක් අනුව අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් රුපියල් 1000 හොර නෝට්ටු තුනක් සමඟ පෞද්ගලික රක්ෂණ ආයතනයක වැඩ කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

හිගුරාන නගරයේ හෝටලයකින් ආහාර රැගෙන මෙම දහසේ නෝට්ටුවද දී ඇති අතර පසුව හෝටලය විසින් පොලිසියට දැනුම් දෙනු ලැබීමෙන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු ලඟ තිබි තවත් 1000 හොර නෝට්ටු දෙකක් හමුවී ඇත.