පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් සැකකරු යළි රිමාන්ඩ් පාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස් කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු මේ මස 23 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (9) නියෝග කළේය. 09 May 2019
අගමැති අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දකී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් සහ රාමඥ්ඥ නිකායේ මහා නාහිමිවරුන් බැහැ දුටුවේය. 09 May 2019
රදගුරු සම්මේලන ශාලාවට ජනපති එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවට පැමිණ එම සම්මේලනයේ රදගුරුවරුන් හමුවිය. 09 May 2019
උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා ‘‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ‘‘ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව තීන්දුවකින් තොරව අවසන් කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා අද (08) තීරණය කළේය. 08 May 2019
තවුහිත් ජමාත් සංවිධානයට අයත් ටී- 56 අවි දෙකක් සොයාගනී තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරන ටී 56 අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප්‍රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියයි. 08 May 2019
මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. 08 May 2019
කොළඹ මහ නගර සභා ඩිපෝව අසළින් තහනම් පිහි 16 ක් සොයාගනී මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම තහනම් පිහි 16 ක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි. 08 May 2019
පොලිස් නිලධාරිනියකට බලහත්කාරකම් කළ දෙදෙනෙකු රිමාන්ඩ් සේවය නිමා කර නිවස බලා යමින් සිටි පොලිස් නිලධාරිනියකට මහ මග රැක සිට බලහත්කාරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද (08) නීතිඥයකු මගින් මහියංගන අධිකරණය වෙත භාරවීමෙන් පසුව ඔවුන් දෙදෙනා මේ මස 22 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියන්ත මහතා නියෝග කළේය. 08 May 2019
රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත රෝගීන්ට දෙන්නැයි ඉහළින් බලපෑම් එල්ලවුණා පිළිකා රෝගීන් සඳහා ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත රෝගීන්ට නියම නොකරන විටදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම බෙහෙත නියම කරන ලෙසට බල කරන අවස්ථාවන්ද තිබූනේ යැයි මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (08) පැවසුවාය. 08 May 2019
මීගමුවේ දෙපිලම සමාදානයට කැමතිවෙති මීගමුව ප්‍රදේශයේ දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් පසු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 May 2019
හදිසි අවස්ථාවක දැනුම් දෙන්න අංකයක් හදිසි අවස්ථාවක හෝ සැකකටයුතු තොරතුරක් දැනුම් දීම සදහා 113 නමැති නව අංකයක් හඳුන්වා දී තිබේ. 08 May 2019
ඊබ්රාහිම්ගේ ගෝලයින්ට ඇප ලැබුණේ නිලධාරියකුගේ වරදින්ද වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 9 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා තිබේ. 08 May 2019
ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන් අහිමි වු පියාගේ පෙත්සම සළකා බැලීම කල් යයි පාස්කුදා ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම මෙම මස 21 වැනි දින මේ සම්බන්ධ අනෙකුත් පෙත්සම් දෙක සමඟ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය. 08 May 2019
සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8) නියෝග කළේය. 08 May 2019
සිනමාහලේ මත්පැන්හල වැසේ සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් බලපත්‍ර ලබාදීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් නිකුත් කරන නිර්දේශ ලිපි මින් ඉදිරියට නිකුත් නොකරන බවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 08 May 2019
කංජිපානී ඉම්රාන් ඇතුළු දෙදෙනෙක් අද අධිකරණයට ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන කංජිපානී ඉම්රාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. 08 May 2019
තොරතුරක් නැති ලාංකික ශ්‍රමිකයින් සොයන්න කාර්යාංශය සහය ඉල්ලයි ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය, මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු සොයාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 08 May 2019
මත්කුඩු ජාවාරම්කරුවකුට වසර 4කට පසු මරණ දඬුවම කොළඹ ආදුරුප්පුවීදීය ප්‍රදේශයේ හෙරොයින් බෙදාහරිනු ලැබූ මත්කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (08) මරණ දඬුවම නියම කළේය. 08 May 2019
මුස්ලිම් ජාතික ගුරුවරයා ගැන පරීක්ෂණය ත්‍රස්ත විමර්ශන කොමිසමට ටී-56 පතුරොම් 152 ක්ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික පාසල් ගුරුවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනා පිළිබඳ පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද (08) පැවසීය. 08 May 2019
ඉස්ලාම් උගන්වන්න දෙමළ පාසල් දුන් විදුහල්පතිවරුන්ට එරෙහි විමර්ශන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නොදන්වමින් නීතිවිරෝධි අන්දමින් ඉරානයේ ඉස්ලාම් විශ්වවිද්‍යාලයක් මගින් සිදුකරන උපාධි පාඨමාලා සඳහා පාසල් ලබාදුන් ඌව පළාතේ ප්‍රධාන පෙළේ දෙමළ විද්‍යාල හතරක විදුහල්පතිවරුන් සිව් දෙනෙකුට එරෙහිව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 08 May 2019
මාළිගාවත්ත පල්ලියේ ළිඳෙන් කඩු 46 ක් ගොඩගනී මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46 ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය කියයි. 08 May 2019
නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සඳහා රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත් කර ඇත. 08 May 2019
හිටපු අගවිනිසුරුට එරෙහි නඩු විභාගය කල් යයි අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවකට අදාළව හිටපු අගවිනිසුරු මොහාන් පිරීස්, අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් නවාස් යන මහත්වරු ඇතුළු තිදෙනකුට අදාළ නඩුව ලබන අගෝස්තු 27 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 08 May 2019
කාර්යාලය කැළඹූ සේවකයා තාවකාලිකව ගෙදර යවයි බිබිල කළාප අධ්‍යාපන කාර්යාලයේ අද උදෑසන ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයට හේතු වු ගුරු උපදේශකවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. 08 May 2019
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුවෙක් මරුට : 7 කට තුවාල ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පාසලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් සිසුවකු මියගොස් ළමුන් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 08 May 2019
පෙත්සම විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉවත්වේ අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (08) ඉවත්විණි. 08 May 2019
බේරුවලින් කඩු 15 ක් පොලිසිය මහජනතාවට කළ දැනුම්දීම මත ජනතාව සතුව තිබූ කඩු හා පිහි 20 ක් බේරුවල පොලීසියට බාරදී ඇතැයි බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය. 08 May 2019
අම්බලන්තොට හර්තාල් අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා කළු කොඩි ඔසවා අද (8) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 08 May 2019
වව්නියාවේ පාළු නිවසක තිබී හැඳුනුම්පත් 15 ක් සොයාගනී වවුනියාව සාලම්බකුලම් ප්‍රදේශයේ වසා දමා තිබූ පාළු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මුස්ලිම් ජාතිකයින්ගේ විවිධ වර්ගයේ හැඳුනුම්පත් 15 ක් තිබී හමු වූ බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි. 08 May 2019
යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත්කරයි යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා නිසි බලධාරියා වශයෙන් පත් කර ඇති බව විශ්ව විද්‍යාල පාලක සභාව පවසයි. 08 May 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026