(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා ද සුබපැතුම් පිරිනමා තිබේ.
ඔහු ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත සිය සුබපැතුම් පණිවුඩය එවා ඇති බව ජපන් තානාපති කාර්යාලය අද (18) නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ජනාධිපතිවරණයෙන් ලද විජයග්‍රහණය මෙන්ම අද (18) පැවති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ද ජපාන අග්‍රාමාත්‍යවරයා නව ජනාධිපතිවරයාට සුබ පැතූ බව එහි සඳහන් වේ.
ශ්‍රී ලංකා ජපාන සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා තමන් අපේක්‍ෂා කරන බවත්, ආර්ථික සංවර්ධනය හා වෙනත් කටයුතු උදෙසා ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් වෙනුවෙන් ජපානයේ සහයෝගය තවදුරටත් ලබාදෙන බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ඡන්ද ලක්ෂ 3 , 4 ක් අරගෙන පොර ටෝක් දාගෙන මැරෙනකල් ඉන්න. ඔබලාගේ දර්ශනයෙන් ඔබලාටවත් අපටවත් වැඩක් නැහැ.