ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ද, ආරක්ෂක ලේකම් ලෙස විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද, මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද අද(19) පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් කරනු ලැබ තිබේ.
ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ද, ආරක්ෂක ලේකම් ලෙස විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද, මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද අද(19) පත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් කරනු ලැබ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසුන්දර උන්නැහේට අපි මෙසේ පවසන්නෙමු. ලංකා මාතාවගේ නව නායකයා නොහොත් මුල් පුරවැසියාගේ අරමුණු වෙනුවෙන් දැන්වත් අවංකව සේවය කරන මෙන් කීමට අපි කැමැත්තෙමු. අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් වලින් සියලු වරප්රසාද සහිතව වැටුප් ලබන බව අමතක නොකරනු. ඔහේගේ යටගියාව ඒ අහිංසක පුරවැසියන් හොදින් දන්නා බවත් අප කිසිවෙකු මැරී ඉපදී නැති බවත් සදහන් කිරීමට කැමැත්තෙමු.
මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියන තීරණය ගන්න අගමැති යටතේ ඇති ආණ්ඩුවට දවස් 3 ගිහිනුත් බැරිවෙලා. මොවුන් රටක් පාලනය කරන්නේ කෙසේද ?. වෙනස ඉතා පැහැදිලියි .
පී.බී දක්ෂයෙක් බවනම් හැබැයි. එත් මේ තනතුර නෙවේ දෙනවනම් දෙන්න තිබුනේ. මේ තනතුරට හොද රාජ්ය තාන්ත්රික දැනුමක් සහිත මීටත් වඩා හොද කෙනෙක් සහ පරණ ආණ්ඩුවල නොහිටපු අලුත් කෙනෙක් දැමුවාවනම් හොදයි. කෙසේ වෙතත් ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා ආවට ගියාට මේ පාර මිනිස්සු තනතුරු වලට දන්නේ නැහැ කියලා විශ්වාසයි.
පල් හොරෙක්නේ පත් කළේ
කාගේවත් ලණු කාලා වැඩේ අනාගන්න එපා.
වීරවංශ මහතා කියන පරිදි "ආර්ථික ඝාතකයා " ජයසුන්දර මහතාය.
මෙයා නේද වීරවංශගේ ආර්ථික ඝාතකයා. දැන් වීරවංශ මොන තීරණයක් ගනීද ?
අනේ මන්දා..................
වීරවංශ ! ඔබට සතුටුයිද දැන් ?
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න.........වාසු ඔබටත් සතුටුයිද දැන් ?
අපිට ජයසුන්දර මහතා ගැන ප්රශ්න තියනවා. ආරක්ෂක ලේඛම් තනතුරට නම් කමල් ගුණරත්න මහතා ක්රියාවෙන්ම ඔප්පු කළ ගැලපෙන සුදුස්සාමයි. විනාශ කළ රට ජනපති ගෝඨාභයට ගොඩනැගිය හැකියි කියා විශ්වාසය තබන්න පුළුවන්. ඒත් මේ රනිල් මහතා පරාජය පිළිගෙන පසුබසින්නේ නැතිව මේ කරන ක්රියාව එතුමාගේ පාක්ෂිකයින්ට හා පක්ෂයට කරන තවත් නින්දාවකි. මව්බිමට තෙරුවන් සරණයි !!!
ඔබ සැමට ජය! දේශය ගොඩ නැගීමට ජනපතිතුමාට අවංකව දිවි පරදුවට තබා සහය වන්න. දෙවි පිහිටයි ! ඔබගේ නාමය මේ ලක් දෙරණේ බැබලේවා !