දානිගල කන්දේ අතරමං වූ සිසුන් හතරක් බේරා ගැනෙති
ඓතිහාසික කන්දේගම දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතර මං වී සිටි පාසල් සිසුූන් සිව්දෙනකු, පැය තුනක පමණ මෙහෙයුමකින් පසු, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අරලගංවිල විශේෂ කාර්ය බළකාය, අරලගංවිල පොලිසිය හා දම්මින්න දෙවන අණදෙන රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් සමත් වූහ.