රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට කෝටි 3500 ක් ණයයි ආනයනික පොහොර සඳහා බිල්පත් පියවීම වෙනුවෙන් රාජ්‍ය පොහොර සමාගම් දෙක මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල රුපියල් කෝටි 3500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. 10 February 2020
ශ්රීලනිපය පොහොට්ටුව සමඟ අත්සන් කළ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ශ්‍රී ලනිපය විසින් අද (10) ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය. 10 February 2020
සජිත්ගේ කණ්ඩායම හදවත ඉල්ලයි එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘‘හදවත‘‘ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. 10 February 2020
ඇමැති මහින්ද අමරවීරගෙන් පොලිසියට ලිපියක් ඉකුත් රජය යටතේ මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ලක්ෂ 420 ක් වටිනා මර්සිඩිස් බෙන්ස් රථයක් තමන්ට ලබාදී ඇති බවට පළවන පුවත සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) පොලිස්පතිවරයාට සහ අපරාධ විමර්ශන අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමුකර තිබේ. 10 February 2020
ඇවන්ට් ගාඩ් නඩුවේ නියෝගය ප්‍රකාශයට පත් කිරීම කල්යයි ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රය යටතේ නඩු විභාගය පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) දැනුම් දුන්නේය. 10 February 2020
පිදුරුතලාගල රේඩාර් පද්ධතිය ගැන වාර්තාවක් කැඳවයි පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් වාර්තාවක් කැඳවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ලේකම්වරයා පියවර ගෙන ඇත. 10 February 2020
එජාප නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂට එරෙහි පෙත්සම් විභාගය කල්යයි එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන නොවැම්බර් 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය. 10 February 2020
ඇමැති මහින්දානන්දගේ අමාත්‍යාංශය වෙනස් කරයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යාංශය වෙනස්කර ඔහු යටතට ආයතන කිහිපයක් පවරා දී තිබේ. 10 February 2020
‘පොදු සමාකාලයේදී හමුදා සේවය හැර ගිය 4921ක් බාරවෙලා’ 72 නිදහස් සමරුව නිමිත්තෙන් හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති සතියක පොදු සමා කාලය තුළ අද(10) වනවිට නිලධාරීන් 12 සමඟ 4921 දෙනෙකු බාර වී ඇති බව හමුදාව පවසයි. 10 February 2020
‘ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක්’ “ග්‍රාම සේවා මට්ටමින් ආණ්ඩුව රැකියාවක් දෙනවා කියනවා. මේ රැකියා දෙන්නේ අදියර දෙකකින් කියලත් ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තමයි ඉතිරි කොටස දෙන්නේ. නමුත් ඉල්ලුම්පත් කලින් ගන්නවා. ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක්” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය. 10 February 2020
දුම්රිය සේවකයෝ ඇරඹූ උපවාසය අත්හරිති දුම්රිය ආදේශක, අනියම්,තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයන් වහා ස්ථිර කරන ලෙස බලකරමින් සේවකයන් හත් දෙනෙකු රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික උප දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ යාබද ගොඩනැගිල්ලක් මතට අද (10) උදේ ආරම්භ කළ උපවාසය අත්හැරිය බව රත්මලාන දුම්රිය සේවා වෘත්තීය සමිති එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් එම්.ජී.එන් තුෂාර මහතා පැවසීය. 10 February 2020
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ජනපති කොමිසමට නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දහනායක මහතා පෙර සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(10) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කොමිසමට පැමිණියේ ය. 10 February 2020
විස දුමක් ආඝ්‍රාණය වීමෙන් ඇඟලුම් සේවිකාවෝ 15 ක් රෝහලේ යක්කල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විස දුමක් ආඝ්‍රාණය වීමෙන් අද (10) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. 10 February 2020
ආසියා ශාන්තිකර කලාපීය පෝස්ටර් තරගයෙන් පළමු තැන ලංකාවට ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මඟින් පැවැත්වූ චිත්‍ර හා පෝස්ටර් තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. 10 February 2020
පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වහයි වනාතවිල්ලුව එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම යටින් හදිසියේ විශාල ජල කාන්දුවක් ඇතිවීමත් සම පුත්තලම මන්නාරම පැරණි මාර්ගයේ ගමනාගමන කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දැමූ බව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා අද(10) පැවසීය. 10 February 2020
‘මෛත්‍රීගේ නාම යෝජනා දීම ගැන පොහොට්ටුව තවම තීන්දුවක් ගෙන නෑ’ ඉදිරි මහා මැතිවරණයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම තීන්දුවක් ගෙන නැතැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (10) පැවසීය. 10 February 2020
‘පක්ෂයේ බලය රැකගන්න ණය වී මැති ඇමැතිවරුන්ට වාහන දුන්නා’ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහී යන බලය රැක ගැනීමට විශාල වශයෙන් ණය වී මැති ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසීය. 10 February 2020
පදවියේ රථවාහන දඩවලින් ලක්ෂ 61ක ආදායමක් රථ වාහන නඩුවලින් පමණක් රුපියල් 6,177,000 ක දඩ ආදායමක් 2019 වසරේදී රජයට උපයා දීමට පදවිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීහු සමත්ව සිටිති. 10 February 2020
කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනමක් යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සියලු දෙනාටම නවක සිසුන්ට අමානුෂික නවකවදය ලබා දීමේ චෝදනාවට එම මණ්ඩප භූමිය අද (10) සිට තහනම් කිරීමට විශ්ව විද්‍යාල පරිපාලන අංශය විසින් පියවර ගෙන ඇත. 10 February 2020
කිලෝමීටර් 211යි - පාලම් 3යි වියදම කෝටි 183 යි දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් යටතේ මධ්‍යම රජය විසින් 2019 වර්ෂය තුළ රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු මුදලින් 66%ක් දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා යොදවා ඇති බව දිස්ත්‍රික් අධ්යක්ෂ (ක්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දැනුම් දුන්නේය. 10 February 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් චීනයට චීනයෙන් ආරම්භ වී ලොව පුරා වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කණ්ඩායමක් බීජිං නුවර බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. 10 February 2020
‘‘මියන්කුමාර‘‘ නෑවීමේදී වද දෙනවයි කෙරුණ ප්‍රචාරය එන්.ජී.ඕ කුමන්ත්‍රණයක් බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ හස්තිරාජයාට වධ හිංසා කෙරෙන බවට රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදුකර ඇති ප්‍රචාරය සංස්කෘතික කුමන්ත්‍රණයක් බවත් මේ රටේ බුද්ධිමත් ජනතාව මේ වන විට එය හොඳින් අවබෝධ කරගෙන ඇතැයි තමා විශ්වාස කරන බවත් බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පසුගිය සිකුරාදා (07) පැවැසූහ. 10 February 2020
දුම්රිය සේවකයෝ පිරිසක් විරෝධතාවයක දුම්රිය සේවකයෝ පිරිසක් අද (10) උදෑසන මරදාන දුම්රිය මුලස්ථානයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යාලයේ වහලය මත හා රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ වහලය මතට නැග විරෝධතාවයක් ආරම්භ කළහ. 10 February 2020
ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට තහංචි අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අගමැති ලේකම්වරයාට හා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් යවමින් නියෝග කර ඇත. 10 February 2020
‘‘ඩාන්සින් ටැබ්ලට්‘‘ විකුණූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට මාතර ප්‍රදේශයේ බීච් පාටි (වෙරළ සාද) සඳහා එක්ටැසි (ECTASI) නමැති මත්පෙති ගෙන්වා අළෙවි කරන අයෙකු සමග රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා මත්පෙති 112 ක් අත්අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 10 February 2020
ගිංතොට තුනීලෑලි කම්හලට අයත් භූමිය රජයට පවරාගන්නැයි විරෝධතාවක් රජය සතු ව තිබූ ගිංතොට තුනීලෑලි සංස්ථාවට අයත් ඉඩම පෞද්ගලික අංශයට විකුණා දැමීමට එරෙහිව අද (10) ගිංතොට පාලම අසළ දී විරෝධතාවක් පැවැත්විණි. 10 February 2020
එයාර් බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීම වහාම තහනම් කළ යුතුයි එයාර් බස් සමාගමෙන් සිදු කෙරුණු වංචාව සැලකිල්ලට ගෙන එම සමාගමෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානා මිලදී ගැනීම සහ බදු පදනම මත ගැනීම වහා තහනම් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 10 February 2020
ශ්‍රී ලංකන් ලොක්කෝ කෝප් කමිටුව හමුවට ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රධානින් ලබන 19 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා ඇත. 10 February 2020
කොරෝනා, සාර්ස් වාර්තා පරදයි- මිය ගිය පිරිස 900 දක්වා ඉහළට 2003 වසරේදී සාර්ස් වයිරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාවට වඩා කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. 10 February 2020
උපාධිධාරී පත්වීම් සඳහා වන වයස් සීමාව ඉහළට රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ. 09 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026