විග්නේශ්වරන් පක්ෂ තුනක් සමඟ අවබෝධතා ගිවිසුමක සී.වී.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය අද (09) පක්ෂ තුනක් සමඟ සන්ධානගත වී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූවේය. 09 February 2020
මසුන් අල්ලන්න විෂ ද්‍රාවණයක් කෙසෙල්ගමු ඔයට මුසුකළ අයෙක් අත්අඩංගුවට මත්ස්‍යයින් ඇල්ලීම සඳහා කිසියම් ද්‍රාවණයක් කෙසෙල්ගමු ඔයට මුසු කළ සැකකරුවෙක් නොර්වුඩ් පොලිසිය අද (09) අත්අඩංගුවට ගෙන ඇත. 09 February 2020
තාරකා ඉබ්බන් 84 ක් සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට තාරකා ඉබ්බන් 84 දෙනෙකු විදේශ රටවලට අලෙවි කිරීම සඳහා සඟවා තිබියදී අද (09) සොයාගත් බව ගත් බව මුන්දලම පොලිසිය කියයි. 09 February 2020
‘කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමන්ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය අහිමි කළ බව එම අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි. 09 February 2020
35 සීමාව ඉවත්කරන්නැයි උපාධිධාරි සංවිධානවලින් ඒකාබද්ධ ඉල්ලීමක් 2020 රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ දී අයදුම් කළ හැකි උපරිම වයස් සීමාව ලෙස 35 යෙදීම ඉවත්කර රැකියා විරහිත උපාධිධාරී සැමට අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය හා බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 09 February 2020
ව්‍යාජ ගමන් බලපත් මගින් ලංකාවට ආ ඉරාන යුවළක් යළි හරවා යවති ව්‍යාජ ක්‍රොඒෂියානු ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් ශ්‍රී ලංකාව හරහා යුරෝපයට පැන යාමට තැත් කළ ඉරාන ජාතික යුවළක් අද (9) උදෑසන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගෙන තිබිණි. 09 February 2020
“ණයගෙවන්න සහන කාලයක් දේවි කියා බලාපොරොත්තු වෙනවා” ණය ගෙවීම සඳහා ඉන්දියාව වසර තුනක සහන කාලයක් දෙනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවැසීය. 09 February 2020
ලංගමේ නුපුහුණු කාර්මිකයන්ගෙන් සුදුසුකම් ලැබූවන් කාර්මික නිලධාරී තනතුරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුපුහුණු කම්කරුවන් වශයෙන් සේවය කරන 600 දෙනෙකු අතරින් සුදුසුකම් සපුරා ඇති පිරිස් කාර්මික නිලධාරින් ලෙස ශ්‍රේණිගත කිරීමට කටයුතු කරමින් සිටින බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පැවසීය. 09 February 2020
වීරකැටිය උපවාසයේ යෙදී සිටි පියෙක් රෝහලට වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14 දෙනකු ඇතුළත් කර නොගැනීමෙන් එයට විරෝධය දැක්වීම සඳහා මාරාන්තික උපවාසයේ නිරත වූ තවත් පියෙකු අසාධ්‍ය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අද (9) දහවලේ දී වීරකැටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි. 09 February 2020
ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ ගෙන්වන්න යයි ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 09 February 2020
මේජර් අජිත් ප්‍රසන්න වෙනත් වාට්ටුවකට රිමාන්ඩ් බාරයට පත්කර සිටින මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෙනත් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 09 February 2020
වෙලේ සුදා-සුසෙයි-ගෞතම් වැලිකඩට එවති බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ‘වෙලේ සුදා’, ‘සුසෙයි’ හා ‘ගෞතම්’ යන විශේෂ ගණයේ රැඳවියන් තිදෙනා යළිත් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර එවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 09 February 2020
තායිලන්තයේ ඝාතන සිද්ධියේ සැකකාර සෙබළා වෙඩිපහරින් මරුට තායිලන්තයේ බැංකොක් නුවරට ඊසානදිග පිහිටි කොරාට් නගරයේදී පුද්ගලයන් 26 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ හමුදා සෙබළා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි පහරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 09 February 2020
රන් සොයා කැණීම් කළ 21 ක් අත්අඩංගුවට එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වළදමා ඇති රත්තරං සොයා කිලිනොච්චි, ධර්මපුරම් කට්ටකාඩු ප්‍රදේශයේ ස්ථානයක් ස්කෑනර් යන්ත්‍ර යොදා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු, හමුදා සෙබලුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 21 දෙනකු අද (9) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කියයි. 09 February 2020
බෙම්මුල්ලේ පොල් තෙල් නිෂ්පාදනාගාරයක ගින්නක් ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණයේ පොල් තෙල් නිෂ්පාදනාගාරයකට අද (9) අලුයම ඇතිවූ ගින්නකින් එම ආයතනය මුළුමණින්ම දැවී ගොස් ඇතැයි පොලිසිය පවසයි. 09 February 2020
කොරෝනා වයිරසයෙන් 800ක් මියගිහින්- 37,000ක් ආසාධිතයි වයිරසයෙන් මිය ගිය සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. 09 February 2020
වෙඩිතැබීමකින් තායිලන්තයේ පිරිසක් මරුට තායිලන්තයේ හමුදා නිලධාරියකු විසින් දිගින් දිගටම වෙඩි තැබීම නිසා බැංකොක් නුවරට ඊසාන දිගින් පිහිටි නගරයක වැසියන් බොහෝ දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. 08 February 2020
පොලිසියටම විකිණූ වල්ලාපට්ටා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ 12 ක් පොලිසියට විකිණීමට යද්දී සැකකරුවන් දෙදෙනාද සමග අද (08) පූජාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 08 February 2020
පැරෂුට්කාරයන් ගෙනාවොත් අරගල කරනවා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම තම පක්ෂයේද අර්බුද තිබෙන නමුත් මෙවර මැතිවරණයේදීත් පැරෂුට්කාරයන් ගෙන ආවොත් ජනතාව සමග එක්ව අරගල කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම (එ.ජ.නි.ස) මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ වත්මන් දේශපාලන තත්වය හා ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ගාල්ලේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. 08 February 2020
රිය අනතුරින් 4ක් මරුට මහනුවර මැණික්හින්න මල්පාත ප්‍රදේශයේදී අද (08) සිදුවූ රියඅනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබේ. අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. 08 February 2020
නියෝජ්‍ය පොලිස්පතිගෙන් හිටපු පොලිස්පතිට - ආරක්ෂක ලේකම්ට චෝදනා පසුගිය වකවානුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල හිස එස වූ ජාතිවාදී ප්රවණතාවලට හිටපු ජනාධිපතිවරයා , ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වගකිව යුතුබව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අද (07) සාක්ෂි ලබාදුන් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසා තිබේ. 07 February 2020
ගුරුතලාවේ පහරදීමකින් 11 ක් රෝහලේ ගුරුතලාවේ පාලසක සිසුන් පිරිසකට සහ ගුරුවරු පිරිසකට වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පහරදීමෙන් ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුන් අට දෙනෙකු තුවාල ලබා අද (07) බොරලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතයි බෝගහකුඹුර පොලිසිය පවසයි. 07 February 2020
කොස්ගම රෝහලේ යකා නැටූ 11 දෙනාට ඇප කොස්ගම සාලාව රෝහලේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනෙකු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය. 07 February 2020
බදුල්ල රෝහලට ඇතුළත් කළ තරුණියට කොරෝනා නෑ කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට සැක කරමින් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ තරුණියට කොරෝනා වෛරසය ශරීරගත වී නොමැති බව තහවුරු කර කරගැනීමෙන් පසුව ඇය අද (07) රෝහලින් බැහැර කළ බව බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පැවසීය. 07 February 2020
ජනපතිගෙන් විරෝධතාකරුවන්ට පොරොන්දුවක් උද්ඝෝෂණයේ නිරතව සිටින සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයක සංගමයේ සේවකයන් අතරට අද (07) පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම පැමිණ ඔවුන්ගෙන් කරුණු විමසුවේය. 07 February 2020
නොදන්වා විදුලිය කැපීම ගැන සොයාබලන්න කමිටුවක් ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ. 07 February 2020
සතොස හාල් කිලෝ ලක්ෂ 4 ක් සත්ත්ව ආහාරවලට සතොස ගබඩාවල තිබූ සහල් කිලෝ 410,484 ක් සත්ත්ව ආහාරවලට වෙන් කිරීමට සිදුව ඇතැයි සතොස ආයතනයේ ප්‍රධානියෙකු පැවසීය. 07 February 2020
‘නව සන්ධාන මහලේකම්ට කෘත්‍යාධීකාරි මණ්ඩල අනුමැතිය ඕන නෑ’ ගොඩ නගන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකඟ වූ පසු එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 07 February 2020
අප ජල ව්‍යාපෘතියේ වැඩ කරද්දී විදුලි රැහැන් කැපෙයි මහ කොළඹ අප ජල පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවල දී විදුලි බල මණ්ඩලයේ යටි බහන් (underground cable) කැඩී යාම නිසා ඉකුත් පස් වැනිදා අලූයම එකේ සිට පැය 16 කට ආසන්න කාලයක් කොළඹ දකුණ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබු බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි. 07 February 2020
නිහඬ නුවරක හුදකලාවක වූහාන් නගරයේ ප්‍රවාහන සේවය නවතා දමා තිබිණි. සියලු වෙළඳ මධ්‍යස්ථානවල දොරගුළු ලාගත් වතින් තවමත් එසේය. නිවාසවලින් පිටත ලෝකයට නොබසින්නැයි කරන දැනුම් දීම් අනුව වූහාන් වැසියෝ හුදකලාව කල්ගත කරමින් සිටිති. 07 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026