ක්‍රීඩාව කියන්නේ අපව හැමදාම එක්කළ මහපොදු සාධකයයි නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් බැගින් ලබාදීමට නියමිත බව පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය. 28 November 2020
අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳ ඩ්‍රෝන කැමරා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නිරීක්ෂණය කිරීම අද (28) පොලිස් මූලස්ථානයේ රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 28 November 2020
අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා අටුළුගම ප්‍රදේශයේ බොහෝ දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී නිලධාරින් නොමග යැවිමට කටයුතු කරන බව , යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 28 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 19,000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) පස්වරු 10.45 වනවිට තවත් ආසාදිතයන් 221 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 472 ක් දක්වා ඉහළ ගියේය. 27 November 2020
කොරෝනා මරණ 100 පනී - අදට 8 යි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 27 November 2020
බේරුවල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරියකටත් කොරෝනා බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරියක ඇතුළු දර්ගානගරයේ ජීවත්වන තවත් දෙදෙනෙකුට අද (27) කොවිඩ් ආසාදිත වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (27) සවස පැවසීය. 27 November 2020
වැලිකඩ - මීගමු බන්ධනගාර රැඳවියෝ විරෝධතාවයක වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති. 27 November 2020
ආසාදිතයෝ 410 ක් සුවය ලබති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 410දෙනෙකු සුවය ලබා අද (27) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 27 November 2020
කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති මියගියේ හෘදයාබාදයකින්ලු කොළඹ ගාලු මුවදොර පිටියේ දී ව්‍යායාම කරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර් ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච්.නිලන්ග මහතා මියගොස් ඇත්තේ කිරීටක ධමනි අවහිර වීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 27 November 2020
සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු පමණ නිදහස් කිරිමට පියවර ගන්නා බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 27 November 2020
මහනුවර රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා මහනුවර ජාතික රෝහලේ කල අහඹු පී.සී.ආර් පරීක්ෂණයකදි හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කෝවීඩි 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව මහනුවර රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 27 November 2020
කුරුණෑගල පාසල් 30 දා සිට යළි විවෘත කරයි කොවිඩි අවදානම් තත්ත්වය හමුවේ මේවනවිට වසා දමා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ නිර් දේශ වලට යටත්ව ලබන සඳුදා (30) සිට නැවත විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 27 November 2020
හලාවත අධිකරණ සතියක් වහයි හලාවත නරයේ පිහිටි අධිකරණ හතරක නඩු විභාග කිරිම් අද ( 27 දා ) සිට සතියක කාලයකට නවතා දැමීමට තීරණය කළ බව හලාවත අධිකරණයේ ප්‍රකාශකයෙකු පැවැසීය. 27 November 2020
ඉතියෝපියාවේ යුධ කලාපයක සිරව සිටි ශ්‍රී ලාංකිකයෝ 38 ක් බේරා ගැනෙති ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි යුද කලාපයක් වන ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 38 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 27 November 2020
වගකීම්වලින් තොරව වැඩකර සමාජය අමාරුවේ දාන්න එපා දිනකට 450 ඉක්මවන රෝගීන් ප්‍රතිශතයක් තවමත් වාර්තා වන කොරෝනා ව්‍යාප්තිය රටේ බොහොමයක් ස්ථානවල පවතින්නේ පාලනයකින් තොර තත්ත්වයකි. එහෙත් ඇතැම් දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය හොඳ පාලනයකින් යුතුව පවතින අතර ඒ ඇතැම් දිස්ත්‍රික්කවල එදිනෙදා ජන ජීවිතය සෙමින් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එහෙත් සමස්තයක් වශයෙන් රට තුළ පවතින්නේ අප කිසිවකුටත් සතුටු විය හැකි මට්ටමක නොවේ. 27 November 2020
නව පොලිස්පති වැඩ අරඹයි සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩ බාරගත්තේය. 27 November 2020
ශානි අබේසේකර වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය විමෙන් අද (27) වැලිකන්ද කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇති බව එහි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. 27 November 2020
කොවිඩ් ආසාදිතයකු පාසලට ආවැයි දෙමාපියෝ දරුවන් රැගෙන යති පොලොන්නරුව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසල අද (27) දිනයේ ආරම්භ කර ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් රැගෙන ගිය බව එම පාසලේ විදුහල්පතිවරයා පැවසීය. 27 November 2020
මහවිරු සැමරුමට සහයෝගය දුන් 4 ක් පොලිසියේ අන්තර්ජාලය ඔස්සේ එල් ටී ටී ඊ මහවිරු සැමරුමට සහයෝගය දුන් පුද්ගලයන් 4දෙනෙකු එරාවුර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 27 November 2020
බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් ගණන 77ට නගී බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27) තහවුරුවී ඇතැයි ගාල්ලදිස්ත්රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය. 27 November 2020
සුපිරි ඕවරයේදී කොළඹ කිංග්ස් ජයගනී එල්. පී.එල්. තරගාවලිය ආරම්භ කරමින් මහනුවර ටස්කර්ස් සහ කොළඹ කිංග්ස් කණ්ඩායම් අතර අද (26 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්තේය. 27 November 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 100 ට කිට්ටු කරයි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (26) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 26 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 18,000 පසු කරයි මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (26) පස්වරු 10.10 වනවිට තවත් ආසාදිතයන් 211 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 553 ක් දක්වා ඉහළ ගියේය. 26 November 2020
යාපනයේ තවත් අධිකරණයකින් මහවිරු තහනම් නියෝගයක් යාපනය චාවකච්චේරි කොඩිකාමම් පොලිස් බලප්‍රදේශය තුළ කිසිදු මහවිරු සැමරුමක් හෝ ත්‍රස්ත සැමරුම් තහනම් කරමින් චාවකච්චේරි මහෙස්ත්‍රාත් ගජනිධි බාලන් මහතා විසින් අද (26) සවස නියෝගයක් නිකුත් කොට ඇත. 26 November 2020
හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය වහයි හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත බවට පී.සී.ආර්.පරීක්ෂණ මගින් තහවුරුවීමෙන් පසුව එම අධ්‍යාපන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට අද (26) පියවර ගත් බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප්‍රකාශ කළේය. 26 November 2020
කල්මුනේ පාසල් හෙට සිට සතියක් වහයි කල්මුනේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (27) සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කළාය. 26 November 2020
සාමාන්‍ය පෙළ විභාගය ගැන අවසන් තීන්දුව දින 10 කින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 18 වැනිසා ආරම්භ කරන්නේ ද යන්න ගැන තීරණයක් ඉදිරි දින 10 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. 26 November 2020
වසර 1800 කට පෙර සිටි මහානාග රජපුත් මළතිසගේ රන්කරඩුව සොයාගනී ඓතිහාසික දීඝවාපි දැගැබේ දකුණු වාහල්කඩ කැණීමේදි පුරා විද්‍යා කැණීම් අංශය මගින් සොයා ගනු ලැබු ශෛලමය මංජුසාව තුළ වු රන් කරඬු හතරින් එක් කරඬුවක බ්රාහ්මීය අක්ෂර සහිත රන් සන්නසක් මතු කර ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ. 26 November 2020
විදෙස්ගත ලාංකිකයන්ට සහන සලසන්න කෝටි 10 ක් තානාපති කාර්යාවලවලට කොවිඞ් 19 වසංගතය හමුවේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා 42ක් සදහා රුපියල් කෝටි 10ක ප්‍රතිපාදන වෙන් කරදීමට විදේශ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 26 November 2020
ඇහැලියගොඩ පාසල් වසාදමයි ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රත්නපුර කොරෝනා මර්දන බලකා කමිටුව තීරණය කළ බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය. 26 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026