නෙළුම් පොකුණේ බඩු ගබඩාවට කෝටියකට වැඩි මුදලක් යට කරලා
නෙළුම් පොකුණ රඟහලේ පාවිච්චිය සඳහා අවශ්‍ය භාණ්ඩ තැන්පත් කර ඇති නාගරික සංවර්ධන අධිකාරියේ පෑලියගොඩ ගබඩා සංකීර්ණයට ජාතික උරුම, ප්‍රාසාංගික කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කිසිදු ගිවිසුමකින් තොරව රුපියල් එක් කෝටි දාහත් ලක්ෂ හතළිස් තුන් දහස් දෙසිය අසූ හතක මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.