තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව රෝහිණීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා, තමාටත්, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ බිරිඳවන ජලනි ප්‍රේමදාස මහත්මියටත් අපහාසවන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළ හෙයින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය.