සුව ඇමති ඉන්දුනීසියා තානාපති හමුවක් මෙරට ඉන්දුනීසියා තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 02 September 2025
කෝටි දෙකක නීති විරෝධි කෘමි නාශක කල්පිටියෙන් සොයාගනී මෙරටට භාවිතා කිරීම තහනම් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී කෘමිනාශක තොගයක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය සම්මට්ටිවාඩිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ සගවා අත්අඩංගුවට ගත් බව කියයි. 02 September 2025
’’ආරාධනා කළොත් යූඑන්පී සම්මේලනයට අපිත් එනවා’’ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 September 2025
යූඑන්පී සජබ එක්ක හවුලකට යන්නෙ නෑ’’ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ එක්සත් ජාතික පක්ෂය හෝ සමග ජන බලවේගය සමඟ සන්ධාන ගත නොවන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 02 September 2025
බැකෝ සමන් - තැඹිලි ලහිරු වමාරද්දී දකුණේ පාතාලයෝ පැන යති ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. 02 September 2025
රට පුරා කම්හල් හදන්න ඉඩම් අක්කර පනස්දාහක් කර්මාන්ත සඳහා ඉඩම් අක්කර පනස්දාහක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීහු ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසූහ. 02 September 2025
දුප්පත්කමට කෝටි පහයි: සමෘද්ධියේ පඩි දෙන්න කෝටි 2000 යි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දිළිඳුකම පිටු දැකීමට කෝටි පහක මුදලක් වැය කරද්දී කෝටි 2000 කට වැඩි මුදලක් 2024 වර්ෂයේදී එහි සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 02 September 2025
තියුණු ආයුධයකින් ඇන දෙදරු මව මරලා අංගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි තියුණු ආයුධයකින් පහරදි පනස් හැවිරිදි දෙදරු මවක් ඊයේ (01) රාත්‍රියේදි ඝාතනය කොට ඇතැයි රාජාංගණය පොලිසිය කියයි. 02 September 2025
මැතිසබා කමිටුව ආයතන හයක් ’’කොලිටිය’’ බලයි ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසා බලනු ලැබීය. 02 September 2025
ජනපති අදත් උතුරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය. 02 September 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (සැප්තැම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 02 September 2025
ජා.ජ.බ-පෙරටුගාමීන් කාර්යාලයකට ගැටෙයි යක්කල , කිරිඳිවැල මාර්ගයේ පිහිටි කාර්යාලයක් අයිතියක් සම්බන්ධයෙන් ජාතික ජනබල වේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අතර එම කාර්යාල පරිශ්‍රයේදී අද උදෑසන 6 ට පමණ ගැටුමක් සිදුව ඇත. 02 September 2025
පුපුරණ ද්‍රව්‍ය සමඟ ගායන ශිල්පියා අත්අඩංගුවට ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබා දුන් බවකියන පුපුරණ ද්‍රව්‍ය බෑගයක් කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක මිදුලේ වල දමා තිබියදී ඊයේ (1) සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 02 September 2025
තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියා මරලා පිළියන්දල මඩපාත කර්මාන්ත ශාලාවක්තුළදී ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 02 September 2025
දිවයිනේ ප්‍රදේශ කීපයකට අද හිරු මුදුන්වේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස හනුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 September 2025
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීමෙන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 01 September 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දඩයක් සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී අද (1) පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණඩායම නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 5 ක දඩයක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (1) නිවේදනය කළේය. 01 September 2025
සජබට ගිය එජාප පිරිසගේ තහනම ඉවත්කිරීමේ තීරණයක් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අත්හිටුවූ පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය. 01 September 2025
මාස 8ට විදෙස් සංචාරකයන් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙම වසරේ (2025) ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 1,566,523 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පැවසීය. 01 September 2025
ලොරියක් දුම්රියේ ගැටී එකම පවුලේ තුනක් රෝහලට කොළඹ කොටුව සිට යාපනය බලා ධාවනයවූ දුම්රියක වවුනියාව ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් අද (01) සවස ගැටී සිදුවූ අනතුරකින් කුඩා ගැහැණු දරුවෙකු හා ඇගේ මව පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වවුනියාව පොලිසිය සදහන් කරයි. 01 September 2025
“මහින්ද ප්රභාකරන්ට පැනලා යන්න සටන් විරාමයක් දුන්නා“ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රභාකරන්ට බේරී පලා යෑම සඳහා සටන් විරාමයක් දුන් බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. 01 September 2025
ගිනිඅවි බලපත් නිකුත් කිරීම අරඹයි ලබන වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ කෙරිණ. 01 September 2025
ගෑස් කාන්දු වී 32 රෝහලේ ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා රෝගී වූ තිස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි. 01 September 2025
දියවන්නාවේ ලොක්කෙකුට ’’අමුතු විමර්ශනයක්’’ පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුට එරෙහිවද මෑතකදී විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 01 September 2025
මණ්ඩතිව් දූපත ක්‍රීඩා නගරයක් කරයි පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය. 01 September 2025
හික්කඩුව ඩෙඩි තැබීමේ පැදිකරු අත්අඩංගුවට හික්කඩුව මාලවැන්න ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනකු විසින් කළ වෑන් රථයක සිටි 5 දෙනකුට වෙඩි තබා පලායමින් සිටි යතුරුපැදිකරු පැයකට ආසන්න ඉතා කෙටි කාලයකදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි. 01 September 2025
හික්කඩුවේ වෙඩි තැබීමක් හික්කඩුව මාලවැන්න ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මීටියාගොඩ පොලිසිය පවසයි. 01 September 2025
සබරගමු සරසවි ඇදුරෝත් රජයට කෝටි 9ක් පොලු තියලා සබරගමු විශ්වවිද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 13 දෙනකුගෙන් කෝටි 9 කට( 92,299,644) වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 01 September 2025
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ධීවරයන්ට හරියට දීලා නෑ එක්ස්ප්‍රස් පර්ල් (X – Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලැබුණු වන්දි මුදල් ධීවර වන්දි ගෙවීමට සහ වෙරළ සංරක්ෂණයට යෙදවීම සිදු වූ ආකාරය පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. 01 September 2025
යාපනය පුස්තකාලයේ පොත් ඕන තැනක ඉඳන් බලන්න ඉඩක් යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library) ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)ආරම්භ කෙරිණි. 01 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025