
(යොහාන් භාසුර)
මෙම වසරේ ගල් අගුරු මිලදීගැනීමේදී ප්‍රධාන ටෙන්ඩරයේ සහ හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරයේ කිසිඳු නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් පැනගැනී නොමැති බවත් ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් සමාජ තුළ ඇති කිරීමට උත්සහ කරන ව්‍යාකූල තත්වය සම්පූර්ණ සාවද්‍ය තොරතුරු මත නිර්මාණය කළ වැරදි මතයක් බවත් බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (19) පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එසේ පැවසීය.
ඇතැම් නැව්වල ගල් අගුරු බෑම කරමින් යන අතර සමහර නැව් සම්පූර්ණ කිරීමට ඇති අතර ඒ සඳහා අතිරේක පිරිවැයක් ලංකා ගල් අගුරු සමාගම හෝ විදුලි පාරිභෝගිකයන් මත පැටවීමක් නොමැති බව ද අමාත්‍යවරයා කීය.
සියලුම ගල් අගුරු නෞකාවලට විවිධ හේතූන් මත නියමිත වේලාවට පැමිණීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම කිසිඳු නෞකාවකට ප්‍රමාද ගාස්තු ගෙවිමේ අවශ්‍යතාවක් පැනනොගින බවත් ඔහු කීය.
නියමිත දිනට නෞකව මෙරටට ළගාවී, ගොඩබෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ප්‍රමාද වුවහොත් පමණක් ප්‍රමාද ගාස්තු ගෙවිය යුතු බව කී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වාරකන් කලය තුළ ගොබෑම් ක්රියාලවලිය කිරීමට නොහැකි වුහොත් සැප්තැම්බර් මස දක්වා නැව් රඳවාගැනීමට සිදුවන අතර එහි වගකීම ගල් අගුරු සමාගම හෝ බලශක්ති අමාත්‍ය නොගන්නා යැයි අදාල සමාගමට දැනුම් දුන් බව ද සඳහන් කළහ.
ප්‍රධාන ගල් අගුරු ටෙන්ඩරයේ 15 වැනි නැව මාර්තු 3 වැනිදා පැමිණීමට නියමිතව තිබුණ ද එම නැව අප්‍රේල් 8 වැනිදා ද, 16 වැනි නැව මාර්තු 8 වැනිදා පැමිණීමට නියමිතව තිබුණ ද අප්‍රේල් 12 වැනිදා ද, 17 වැනි නැව මාර්තු 12 පැමිණීමට නියමිතව තිබුණ ද අප්‍රේල් 29 වැනිදා ද, 18 වැනි නැව මාර්තු 18 පැමිණීමට නියමිතව තිබුණ ද අප්‍රේල් 18 වැනිදා ද, 19 වැනි නැව මාර්තු 23 වැනිදා පැමිණීමට නියමිත තිබුණ ද මැයි මස 2 වැනිදා ද, පැමිණි බව ද අමත්‍යවරයා කීය.
හසිදි මිලදී ගැනීමට අදාලව පළමු නැව අප්‍රේල් 20 වැනිදා බලාපොරොත්තු වුවද දින හයක් ප්‍රමාද වී අප්‍රේල් 26 වැනිදා පැමිණි අතර අප්‍රේල් 25 වැනිදා ලැබීමට නියමිතව තිබූ දෙවැනි නැව දින හතක් ප්‍රමාද වී අප්‍රේල් 29 වැනිදා ළගාවූ බවත් තුන්වැනි නැව අප්‍රේල් 30 බලාපොරොත්තු වුවද එය මැයි 12 වැනිදා ද, සිවුවැනි නැව මැයි 5 වැනිදා බලාපොරොත්තු වුවද මැයි 14 වැනිදා ද, පස්වැනි නැව මැයි 10 බලාපොරොත්තු වුවද මැයි 13 වැනිදා ද, ලැබුණු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd