IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


'සුනිල් පෙරේරා' මගේ මහප්පා වුණු එක වාසියක් වගේම අවාසියක්

2016-04-29-ent-33

ලන්ත්‍රා පෙර්රා කියූ සැනින් බොහෝ දෙනා හඳුනන්නේ "ඩොක්ටර්" සංගීත කණ්ඩායමේ නායකයා නැත්නම්, ජිප්සිස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරාගේ ඥාති පුතෙකු ලෙසයි. මෙම කාරණා දෙවර්ගයම නිසා ඔහු බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. කෙසේ නමුත් මෙම නෑදෑකම වාසියක්ද අවාසියක්ද යන්න "සාරවිට" අපි ඔහුගෙන් විමසා සිටියා.

 

2016-04-29-ent-34මේ දිනවල කාර්යය භාරය?

මේ දවස් ටිකේ ඇල්බමයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පටිගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව සංගීත කණ්ඩායමට වෙඩින්, පෞද්ගලික ආයතනවල ඉවෙන්ට්ස් සඳහා ආරාධනා ලැබිලා, ඒ වැඩකටයුතුත් කරගෙන යනවා. මගේ සිංදු ටික පටිගත කරනවා. කනවා බොනවා, ජොලි කරගෙන කාලය ගතකරමින් ඉන්නවා.

 

ඔබ දායක වූ චිත්‍රපට ගීතයන් පිළිබඳව සඳහනක් කළොත්?

මම චිත්‍රපට විශාල ප්‍රමාණයක් සඳහා ගීත ගායනා කරලා නැහැ. මම දැනට ගායනා කරලා තියෙනවා, දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කරපු "ඩබල් ට්‍රබල්" කියලා චිත්‍රපටයක්. එහි එක් ගීතයක් ගායනා කළා. ඊට පස්සේ උදයකාන්ත වර්ණකුලසූරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "කොස්තාපල් පුඥ්‍යසෝමේ" කියන චිත්‍රපටයේ තේමා ගීතය. ඒ ගීතය සඳහා මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාත් දායක වුණා. තව රංජන් රාමනායකගේ ගීතයක් කළා. ඒක තාම තිරගත වුණෙ නැහැ. ඒ ගැන විස්තර කියන්නම් ඒක එළිදැක්වූවායින් පස්සේ.

 

බොහෝ දෙනා පවසනවා ඔබේ කටහඬ සුනිල් පෙරේරාගේ හඬට සමාන බව, ඉතිං මේ දෙය ඔබට අවාසියක් වෙනවාද? නැත්නම් මෙය ඔබට වාසියක් වෙනවාද?

වාසියක් කියලා මම කියන්නෙ නැහැ. මොකද මම ගායකයෙක් විදිහට මම බිහිවුණේ "ඩොක්ටර්" සංගීත කණ්ඩායමෙන්. "ඩොක්ටර්" රසිකයන් වැලඳ ගත්තෙ මම නිසයි. ඉතිං ඒකත් සහ අපේ තියෙන නෑදෑ පසුබිමත් එක්ක බොහෝ දෙනා දැනගත්තා මම සුනිල් පෙරේරාගේ කවුද කියන එක. ඒ නිසා තමයි ගොඩක් දෙනා කියන්නේ මගේ කටහඬ සුනිල් පෙරේරාගේ කියලා. එක පාරක් මාත් ඒ ගැන බැලුවා. මායි මගේ මහප්පයි එක වේදිකාව තුළ ගායනා කළා. එතකොට ගොඩක් අයට තේරුණා මගේ කටහඬ ඒ කටහඩ නෙමෙයි කියලා. ළඟින් යන ගතියක් ඇවිල්ලා ඇත්තේ ඒ ලේවල එකක් නිසා. නැත්නම් මිනිස්සු කියන්නෙ නැහැනේ මේ කටහඬවල් දෙක සමානයි කියලා. මම කියන්නෙ ඒ කටහඬ නෙමෙයි තියෙන්නේ. ඒ කටහඬට වඩා මගේ කටහඬ වෙනස්. ඒක තේරෙන්නෙ එයයි මායි එකට සිංදු කිව්වොත් තමයි. ඉතිං ඒකේ වාසි සහ අවාසි දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මට මගේ අනන්‍යතාවක් හදාගන්න ගියහම අමාරුවක් වෙනවා. අමාරුවෙන් තමයි මගේ අන්‍යතාව හදාගත්තේ. "මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්", "ඇත්තමයි කියන්නේ", "කොල්ලෝ නරක නැහැ" කියන ගීතත් එක්ක %ඩොක්ටර්^ කියන දේත් අරන් ඇවිල්ලා තමයි මගේ අන්‍යයතාව හදාගත්තේ. වාසිය තමයි සුනිල් පෙරේරා මගේ නෑදෑ පසුබිමක් වීම.

 

"ඩොක්ටර්" සංගීත කණ්ඩායම කියන්නේ "ජීප්සිස්" සංගීත කණ්ඩයමේ කොපියක්ද?

නැහැ එහෙම කොපියක් නැහැ. නමුත් සංගීත කණ්ඩායම වශයෙන් දායක වෙද්දි ගොඩක් අය ඉල්ලනවා මගේ මහප්පගේ ගීත. මොකද ඒය බලාපොරොත්තු වෙනවා මම මගේ මහප්පගේ ගීත ටිකක් ගායනා කරයි කියලා. ඒ ගීත දෙක තුනකුත් කියලා මගේ ගීත දෙක තුනකුත් ගායනා කරලා. ක්ලැරන්ස් මහත්මයාගේ ගීතත් ගායනා කරනවා. බොහෝ දෙනා අලුත් පරපුරේ හිටියට අලුත් පරපුරේ හැමෝම ක්ලැරන්ස්, සීටී ප්‍රනාන්දු, රූකාන්ත ගුණතිලක, ජිප්සීස්, මේරියන්ස් සහ නලින් පෙරේරාගේ ගීත අපේ ඇඟෙන් යන්නේ නැහැ. අපි වුණත් ඕනෑම සාදකයට ගියහම අපේ පරණ ගායකයන්ගේ ගීත ගායනා කරන ගමන් අපේ ගීතත් ගායනා කරනවා.

 

පැරණී ගීත සඳහා බොහෝ දෙනාගේ ඇල්ම තියෙන්නේ අද කාලයේ බිහිවෙන ගීතවල ප්‍රමිතියක් නැති නිසාද?

අද කාලෙ ප්‍රමිතියක් තියෙන සිංදු තියෙනවා. නැති ඒවත් තියෙනවා. සිංදු යන්නෙ මිනිසුන්ට පරපුරෙන් පරපුරට. මේ කාලෙ අපි කියපු සිංදු තමයි අපේ බාල කට්ටිය වැලඳ ගන්නේ. ඒ අයට අහන්න ලැබෙන්නේ අපි කරන ගීත තමයි ඉදිරියේදී. භාතිය සන්තුෂ් හදපු ට්‍රෙන්ඩ් එකයි. ඉරාජ්, ඩැඩී, වායෝ යන අය හදපු ට්‍රෙන්ඩ් එකේ සංගීතය අහන අය තමයි ඉස්සරහට බිහි වෙන්නේ. මම දකින්නේ ඒක පරපුරෙන් පරපුරට වෙනස් වෙනවා කියලයි. තව අවුරුදු විස්සක් තිහක් ඉදිරියට යනකොට වෙනම ට්‍රේන්ඩ් හැදිලා තියෙන්න පුළුවන්. මේ ළඟදී ඉඳන් සෙල්ෆි රැප් ට්‍රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒක මොන පිස්සුවක්ද කියලා. නමුත් ඒකට කැමති පිරිසක් ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ඒ අයට දෙයක් කරන්න බැරි වුණාම කවුරු හරි අමුතු දෙයක් කරන කොට කපන්න තමයි බලාගෙන ඉන්නේ. ලංකාවේ හැටියත් ඒක. ඊට පස්සෙ ඒ දේ අල්ලා නැගලා යනකොට ආ ඒක හොඳයි නේද කියලා ඒ අයම කියනවා. සංගීතයේ තියෙන වැඩි දියුණුව සහ තාක්ෂණයත් එක්ක පරපුරෙන් පරපුට වෙනස් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ලන්ත්‍රාගේ ෆේස්බුක් ගිණුම

 

2016-04-29-ent-32
2016-04-29-ent-31
2016-04-29-ent-30

 

related-ARTICAL



අදහස් (1)

'සුනිල් පෙරේරා' මගේ මහප්පා වුණු එක වාසියක් වගේම අවාසියක්

විහග ඩිල්ෂාන් Monday, 06 September 2021 08:34 AM

මොනවා වුණත් ලන්ත්‍රා කියන්නේ සුනිල් පෙරේරා අරගෙන ආපු ට්‍රෙන්ඩ් එක තව ගොඩාක් කල් ඉස්සරහට ගෙනියන්න දෙයියො එවපු කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13279 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site