(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මහනුවර ශ්‍රී දළඳා මාළිගය ඉදිරිපිට වසා දමා ඇති ඒ ‐26 මාර්ගය යම්හෙයකින් නැවත විවෘත කළහොත් එයින් ඇති වන අහිතකර බලපෑම දළඳා මාළිගාවේ අත්තිවාරමට පවා විශාල හානියක් සිදුවිය හැකි බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය.
ශ්‍රී දළඳා මාළිගාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතීඥවරයා මේ බව කියා සිටියේය.
එබැවින් මාළිගාව ඉදිරිපිට පිහිටි එම මාර්ගය විවෘත කීරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය පළ කරන බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කීය.
වසා දමා ඇති මහනුවර දළඳා මාළිගය ඉදිරිපස පිහිටි ඒ ‐ 26 මාර්ගය විවෘත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහනුවර පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හෙතෙම මේ බව කීය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන සහ නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධීකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
මහනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය , මහනුවර විධායක ඉංජිනේරුවරයා, මහනුවර මහනගර සභාව, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා , පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
දළඳා මාළිගය ඉදිරිපස පිහිටි ඒ‐26 මාර්ගය වසර කිහිපයක් තිස්සේ වසා දමා තැබීමෙන් මහනුවර නගරයේ වායු දූෂණයක් හා දැඩි වාහන තදබදයක් පැවතීම හේතුවෙන් තමා ඇතුළු මහජනතාව අසීරුතාවට පත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සමේ සඳහන් වෙයි.
එබැවින් එම ප‍්‍රධාන මාර්ගය විවෘත කරන ලෙසට අදාළ බලධාරීන්ට නියෝග කරන්නැයි මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.
මේ සියලූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මහනුවර දළඳා මාළිගය ඉදිරිපස පිහිටි ඒ ‐ 26 මාර්ගය වසා දැමීමට එරෙහි පෙත්සම සලකා බැලීමට කාලවේලාව ප‍්‍රමාණවත් නොවීම නිසා වැඩිදුරටත් කරුණු සලකා බැලීම නොවැම්බ්ර 13 වැනිදාට කල් තබන ලදී.
COMMENTS
කාර් රේස් වලට මාර්ගය ඇරියම කිසිම හානියක් නැති හැටි.
ඔක්කොටම කලින් මේ නඩුව දාල තියෙන අයගේ නම් ගම් හොයලා බලන්න. ලංකාවෙ මිනිස්සුන්ට දැන් එක කිලෝමීටරයක් පයින් යන්න බැහැ වාහනයක් නැතුව. වැවට අනිත් පැත්තෙ පාරට සමාන්තරව වැවට උඩින් පාලමක් උඩ පාරක් දැම්මනම් හරිනේ.
මේ මාර්ගය සැහැල්ලු වාහන සහ රෝගීන් ප්‍රවාහනය වැනි අපදා රථ සඳහා විවෘත කර තැබිය යුතුයි. කුවීන්ස් හෝටලය අසල වාහන තදබදයක් ඇති වේයැයි සිතනවානම්, මේ මාර්ගය තැන්නේකුබුර දිශාවට යන වාහන සඳහා පමණක් භාවිතා කල හැකියි. යෝජිත සුදුහුම්පොළ සිට තැන්නේකුබුර දක්වා ඇති උමන් මග සාදා නිමකළ පසු, අවශ්‍යනම් A26 මාර්ගය නැවතත් වසා දැමිය හැකියි.
මේ වගේ මිනිස්සු ටිකක්. මහනුවර නගරයේ දැඩි වායු දූෂණයක් හා දැඩි වාහන තදබදයක් පවතින බව රටම දන්නවා, කුඩා ළමයි වැඩිහිටියන් ශ්වසන ආබාධ වලට ලක්වෙලා, මේ මාර්ගය වසාදැමීමට පෙර මෙහෙම ප්‍රශ්න තිබුනේ නැහැ. මේක වහන් ඉන්නේ ඇයි කියල මහනුවර අපි දන්නවා .. බුදුන්වහන්සේ අද වැඩසිටියානම් ....
සංජීව මහත්තයො, අත්තිවාරමට බලපාන්න ඔය පාර අලුතින් හැදුව එකක් නෙවෙයි. අපිට මතක ඇති කාලෙක ඉදල ඔය පාර තිබුනා, වාහනත් ගියා.
මුහුණු පොතේ මෙන්ම සමාඡ ඡාලා වලත් නොයෙක් අවස්ථාවලදි මහනුවර නගරය අධික වාහන තදබදයක් සහිත නගරයක් මෙන්ම අධික වායු දූෂණය සහිත නගරයක් බවට නම්කරන ප්‍රවණතාවක් තිබේ. මෙම අධික වායු දූෂණය නිසා මහනුවර නගරයට හිමි ලෝක උරුම තත්ත්වය අහිමි වීමටත් ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා පවසයි
සංජිව මහත්තයෝ, ඔබ ගරු අධිකරණයට ඔහොම කීවාට මහජනයා ,පාසල් දරුවන් රෝගින් ගෙනයන වාහන කොපමණ වේලාවක් පාරේ රස්තියාදු වෙනවද ,සමහරවිට ගරු නඩුකාරතුමන්ලත් මේ පාරේ යනවා නේද , ඇත්ත කියන්න.
මෙතුමා අත්තිවාරමට හානි වියහැකි බවට නිගමනය කලේ කොහොමද? මහජනයාට සෙතක් වන තීන්දුවක් ලැබේවිද කියල බලමු...
මේ මාර්ගය දෙමුහුන් හා විදුලි මෝටර් රථ වලට විතරක් විවෘත කරත් නුවර තියෙන මාර්ග තදබදයට විසදුමක්.
මාලිගාව ළඟ පාර අරින්න හදන අයට කියන්නේ එක වෙන්නේ නැහැ. සුද්ද මාලිගාව ඉස්සරහින් තිබුන ආදී පාර ලොකු කරලා කළු සුද්ද එක පළල් කරලා හැදුවට මාලිගාව කියන්නේ දහස්ගනනක් බැතිමතුන් ,සංචාරකයින් දිනකට එන තැනක්. එතන මිනිස්සුන්ට තමන්ගේ ආගමික කටයුතු කරගෙන තිබෙන නිදහස සහ මාලිගාවේ ආරක්ෂාව ට පාර ඇරීම නොකළ යුතුය. මාලිගාව ඉදිරියෙන් ඇති පාර ඇරියොත් මුළු නුවරම ඇති වාහන තදබදය නැතිවෙනවා කියල සිහිනෙන් දොඩවන අයට මම කියන්නේ මාලිගාව ළඟ ඇති හන්දියේ පැය කිහිපයක් බලාගෙන ඉන්න කොහොමද වාහන තදබදය ඇතිවෙන්නේ කියල ඊට පස්සේ විලියම් ගොපල්ලව මාවතේ ,යටිනුවර වීදියේ ,පේරාදෙණිය පාරේ ,කටුගස්තොට පාරේ,සහ ධර්මරාජ හන්දියේ ඉඳල පහලට පයින් ගිහින් බලන්න කොහොමද පාරේ වාහන තදබදය ඇතිවෙන්නේ කියල .ඕනෙනම් කියන්න මමත් එන්නම් පැහැදිලි කරලම දෙන්න !
කාර් රේස් වෙනම කතාවක්. ප්‍රශ්නයක් නැහැ මාලිගාව අසලින් මහා මාර්ග තිබුනේ නැහැ මේවා හැදුවේ සුද්දන් සුසාන භූමි පල්ලි මෙම පුජා භූමියේ ඇති කර බුදු දහම නැති කරන්නට අගෞරව කරන්න කටයුතු කල යුගයක අධිකරණ තීන්දු ක්‍රියාත්මක කල හැක්කේ බහුතර ජනතාවගේ ප්‍රර්ථනා තුල පමණි. සුද්දන් අනුගමනය කරමින් නඩු පැවරු අයට මේ පුදබිමේ පල්ලි සුසාන භූමි හදපු අයට විරුද්දව නඩු පවරන ලෙස අපි කියමු. මේ යෝජනාවට අපි එරෙහි වෙනවා සටන් කරනවා.
මේ පාරද දැන් තියෙන් දැවෙන ප්‍රශ්නය. මේක බෞදධයාගේ මුදුන් මල්කඩ. ඒක විනාශවෙන්න දෙන්න පුලුවන්ද මේ තුන්හතර දෙනෙක් හින්දා
චිරාත් කාලයක් මාලිගාවේ ඉස්සරහින් වාහන ආව ගියා. එත් "සත් ගුණවත් කරුනාඅම්මන් මැතිඳුගේ සම්ප්‍රාප්තියෙන් " පස්සේ තමයි ඔය අත්ති වාරම බුරුල් වෙලා තියෙන්නේ. මාලිගාව ගැන පතල මහා කරුණාවෙන් සතයක්වත් අය නොකර පෙනී හිටින මේ පෙරකදෝරු තුමාට හතර වරිගෙම දෙයියන්ගේ පිහිටයි!
අත්තිවාරම බුරුල්නම් එය සවිමත් කරන්න ක්‍රම තියෙනවා එහෙම කරලා හරි ඔය පාර ඇරිය යුතුය. අපි කුඩා කාලයේ මහනුවර සිට හඟුරන්කෙතට බස්එකේ ගියේ ඔය පාරෙන්. ශ්‍රී දළදා මාලිගය ඉදිරියෙන් යන විට සියලු දෙනා අසුනින් නැගිට ගෞරව කරලා යන්නේ