IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා

(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)  

අපොස සාපෙල විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල්  ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

පහරදීම සිදුකල සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

පහරකෑ පාසල් සිසුවා විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පළමු ප්‍රශ්න පත්‍රයට පෙර පැය දෙකක පමණ විවේක කාලයක් තිබීම නිසා එම කාලයේ පාඩම් කරමින් සිටියදී තවත් සිසුන් පස් දෙනෙකු ඔහු සමග ආරවුලක් ඇතිකර ගෙන ඇතැයි පොලිසිය කීය.

පහරකෑමෙන් පසු සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සිදුවීම සම්බන්දයෙන් කිසියම් පුද්ගලයෙක් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයට කල දැනූම්දීමකින් පසු පොලිසිය  දැනුවත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිසුවා රෝහලින්  කැටුවවිත් පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති අතර , විභාගය අවසානයේ පියා සමග පැමිණ පැමිණිල්ලක් කර සිසුවා නැවත රෝහල් ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (9)

සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා

Nuwan Friday, 02 June 2023 08:40 PM

මොවුන් ළමයිද? යක්ෂයෝද? අපේ පාසල් කාලෙත් අපි රණ්ඩු වුණා. අතින් පයින් ගහගත්තා. නමුත් හැකියාවක් තිබියදීවත් අපි අනිකාට තුවාලයක් වෙන විදිහට පහර දුන්නේ නැහැ. මේ ගහපු අයටත් ලේ එන්න පහර දෙන්න ඕනෑ..

:       0       0

ana Friday, 02 June 2023 08:44 PM

මෙයට වරද කාලසටහන... ගැටවර වයසේ විවිධ වයසේ පාසල් ළමුන් කිසිඳු භාරකාර ගුරුවරයන් රහිතව, එම දරුවන් නොහඳුනන විභාග කාර්ය මණ්ඩලයක් සමග පැය දෙකක් නිකරුනේ ඉන්න කාල සටහන හැදුව නිලධාරින් තමා වැරැදි...

:       60       20

නිහාල් Friday, 02 June 2023 09:53 PM

ඔයාගේ නම කැකිල්ලේද?

:       0       0

PaSaturday, 03 June 2023 08:29 AM

අනේ ඔයාගේ ඉස්සර නම කැකිල්ලේ නේද?

:       0       0

පැරකුම්Saturday, 03 June 2023 09:59 AM

අනේ මොනවද මේ කියවන්නෙ. මූලික හේතුව දේශපාලුවන් පාලකයින් දෙමාපියන් වැඩිහිටියන් ඇතුලු සමාජයෙන් ලැබෙන නරක ආදර්ශය මිස අන්කිසිවක් නොවේ.

:       0       0

Nihal Friday, 02 June 2023 09:45 PM

අපේ දරුවෙකුට ගහපු දවසට, ආයේ කවදාවත්ම ගහන්නේ නෑ...

:       0       0

චන්දන Saturday, 03 June 2023 07:30 AM

වැරදි කලාම දඬුවම් දීම නිසා දෙමාපියන් , ගුරුවරුන් ට විරුද්ධව උසාවි යාමේ අවසන් ප්‍රතිඵල සහ අකාර්යක්ෂම විදුහල්පති වරු පාසල් පරිපාලනයට යොදා ගැනීමේ ප්‍රතිඵල .

:       0       0

prasanna Saturday, 03 June 2023 09:41 AM

අද ලංකාවේ ටෙලි නාට්‍යවලත් කොල්ලෝ මරාගන්න ඒවා තමයි පෙන්නන්නේ .ටෙලි නාට්‍ය එකම රැල්ලට යන අප්පිරියම කලාවක් වෙලා තියෙන්නේ

:       0       0

pakeer Saturday, 03 June 2023 09:25 PM

මේ වගේ කාලකණ්ණි හැත්ත තමයි අනාගතයේ සංවිධානාත්මක අපරාධවලට පෙළඹෙන්නේ... මොවුන්ව අනිවාර්යයෙන් ප්‍රොබේෂන් යවන්න ඕනේ... කාලකණ්ණි මූසලයින්ව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site