(බන්දුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තුව පැවැත්වෙන මෙම සතියේ රැස්වීම් කාල සීමාව අඩුකිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව අද(23) පස්වරු 1.00ට හා හෙට(24) පෙරවරු 11.30ට පාර්ලිමේන්තු කටයුතු අවසන් කිරීමට නියමිතය.
අද පෙරවරු 10.00ට රැස්වී වාචික ප්‍රශ්න ඇසීමෙන් පසු පසුගිය පෙබරවාරි 10 වැනිදා විවාදයට ගෙන කල් තැබුණු මැණික් හා ස්වර්ණාභරණ පනතට අදාළ නියෝග පිළිබඳ විවාදය පෙරවරු 11.30 සිට පස්වරු 1.00 දක්වා පැවත්වේ. හෙට පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව ඇරඹෙන අතර එතැන් සිට පෙරවරු 11.30 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.
මේ අතර පෙබරවාරි 25 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 18 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණ ගනු ලැබුයේ අද(230 දිවයිනට පැමිණීමට නියමිත පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සංචාරය හා සම්බන්ධවීමට සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් රැසක් කාලය වෙන්කර ගෙන ඇති නිසාය.
COMMENTS
අනේ ඕක රැස් නොවුණානම් කොපමණ හොඳද? එක්සත් ජාතීන්ගේ කොමිසම විද්‍යුත් තාක්ෂණයෙන් රැස්වෙන්න පුලුවන් නම් මොකද? මේ හුණ්ඩුවක් රටේ මිනිසුන්ට විද්‍යුත් තාක්ෂණයෙන් රැස්වෙන්න බැරි එහෙම වුණානම් කොපමණ මුදලක් ජනතාවට ඉතිරි කරගන්න පුලුවන්ද?
මි උණ හැදිලා කියලා ආරංචියක් තිබුණු මහා බ්‍රිතාන්‍යයේ අයට මෙහෙත් දියවන්නාව පට්ටියත් එහෙම්ම වෙන්න ඇති.. 225 කට බෙහෙත් කරන එකත් ලෙහෙසි නැහැ වෛද්‍යවරුන්ට... මොකද 225 න් වැඩිපුරම ඉන්නේ කුළුහරකුන්නේ.
ඕක රැස්වෙලා කොහොමත් වැඩක් නැහැ. අපේ සල්ලි ටික නාස්ති වෙනවා විතරයි. 20 අත් උස්සලා සහයෝගය දීලා බලය එපා කිව්වනේ. ඉතින් දැන් රැස්වෙලා බම්බු ගහන්නද? කුණුහරප කිය කියා ඉන්න එක විතරයි.