IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඌව මහඇමති කිතුල් රා බොන්න පහසුකම් ඉල්ලයි

(පාලිත ආරියවංශ)

“මංගල මහත්තයා බියර් මිල අඩු කරපු එක හොදයි.හැබැයි ඒ සුද්දන්නට.අපේ මිනිස්සුන්ට සෙතක් වෙන්න නම් කිතුල් රා බොන්න පහසුකම් ලබාදිය යුතුයි“ යැයි ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර  සම්පත් දසනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පස්සර දී අද (12) පැවැති  පාක්ෂිකයන්ගේ හමුවකදීය.

 “ඌව පළාත වගේ අපේ ගම්මානවල මිනිස්සු බියර් බොන්නේ නැහැ . කසිප්පු බොන්නෙත් හොඳ මත්පැන් පහසු මිලට නැති නිසයි .අපේ මිනිස්සු රජකාලේ ඉඳන් පුරුදු වෙලා ඉන්න කිතුල් රා ටිකක් බොන්න දෙනවා නම් තමයි හොඳ.එතකොට උන්දලාගේ  මන දොලත් පිරෙනවා සෞඛ්‍යයත් හරි යනවා .

ඒ නිසා මම නම් කියන්නේ කිතුල් රා මැදීමට අවසර දීලා සියලු පහසුකම් දිය යුතුයි කියලා.විශේෂයෙන්ම කියන්න ඕන වෙළෙඳපොළේ අර්තාපල් මිල බැස්සුවම  ගම්මිරිස් වලට මිලක් නැති වුණාම වැටෙන්නේ අපේ මිනිස්සුන්ගෙ ආර්ථිකය.රටේම මිනිස්සුන්ට නිදහස ලබා දෙන්න කැරළි ගැසීම වරදක් කියලා අපේ පළාත විනාශ කළේ සුද්දෝ. වසර 200ක් ගත වෙලත් අපිට තාම නැගිටින්න බැරි වුණා.

ඒ නිසා මොන රජය වුණත් කරන කියන හැම දේකදීම අපිට විශේෂත්වයක්  අවශ්‍යයි .මංගල මහත්තයෝ මේවා ගැනත්  හිතලා පොඩි ඇජෙස්මන්ට් ‍ටික්ක දාන්න කියලා ඌවේ ජනතාව වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (19)

ඌව මහඇමති කිතුල් රා බොන්න පහසුකම් ඉල්ලයි

savanth Sunday, 12 November 2017 07:13 AM

මේ මහා ඇමතිතුමාගේ තර්කය හරි, ඇමති ගමට නෙමෙයි සෙත දෙන්නේ, ටවුමේ ක්ලබ්වලට. ඒ ගොල්ලන් යන්නෙත් ඒවා නිසා වෙන්න ඇති. හැබැයි මේකේ එක දෙයක් තියෙනවා. ඇමතිතුමා පන්සිල් පද පහ හතරට බස්සලා (තුන්වෙනි එකත් ඔහොම යනකොට වැඩක් නැහැ කියයි) ලංකාව අන්‍යාගමික රටක් කරන්න කියන බටහිර උන්දැලාගේ සහ විග්නේශ්වරන්ගේ ජොබ් එක තිතටම කරනවා.

:       109       83

ලුම්බිණි Sunday, 12 November 2017 07:27 AM

බියර් බොන්නෙත්, රා බොන්නෙත් වෙන වෙනත් අරමුණු සඳහා බව මහඇමති තුමාට අමතක වෙන්න ඇති.

:       2       30

nisar Sunday, 12 November 2017 07:39 AM

බොන මිනිස්සුන්ට සෙතක් වෙන්න නම් කිතුල් පරාල වලින් දඬුවම් ලබා දිය යුතුයි...

:       52       273

Roshan Sunday, 12 November 2017 07:44 AM

අදහස නම් හොඳයි. කිතුල් රා කියන්නේ නම් ඉතින් නියමයි.

:       1       20

ravin Sunday, 12 November 2017 07:44 AM

ඔය බඩේ ගානට මොලේ තිබුණා නම් ........

:       1       78

ජයරත්න Sunday, 12 November 2017 07:47 AM

ලංකාවේ බියර් වර්ග දැන් පිටරටවලත් අලෙවි වෙනවා. කිතුල් රා වලට එහෙම දුරක් යන්න බැහැ.

:       3       2

Bamunuarachchi Sunday, 12 November 2017 09:23 AM

කිතුල් රා කියන්නේ මුට්ටියට වැටුණු මැස්සෝ රැවුලෙන් පෙරාගෙන ගහයට ඉඳන් බොන බීමක්... බීලා බලන්නකෝ මොකද කියලා....

:       1       1

sumalMonday, 13 November 2017 09:28 AM

කෙහේද යන කෙනෙක්, මේ බමුණුආරච්චි ඊයේ පෙරේදා බුකියට ගොඩ වුණු පොරක් නේද?

:       0       0

Bamunuarachchi Sunday, 12 November 2017 08:16 AM

ඇයි අපිට පොල් රා බොන්න හොඳ නැද්ද? අපිටත් අවසර ලැබෙන වනම් වත්තේ පොල් ගහක් මැද ගන්නම්.

:       0       16

daham Sunday, 12 November 2017 09:03 AM

සුද්දෝ බෝ කළ අරක්කු ශරීරයට විසයි. එහෙත් පොල් සහ කිතුල් රා ශරීර සෞඛ්‍යයට හිතකර බව වෛද්‍යවරුන් පවා පිළිගන්න කරුණක්. හැම ගෙදරකම පොල් ගහක් මදිනවා නම් බොන්න රා ටිකක් ලැබෙන කොට අරක්කු වලට පිටරටට ඇදෙන මිලියන ගණන් සල්ලි ඉතිරි වෙනවා. ගෙදර පැණි හකුරු ටිකක් හදා ගන්නත් පුළුවන්. එතකොට සීනි ආනයනයට යන විදේශ විනිමයත් ඉතිරි වෙනවා. සීනි තරම් පැණි හකුරු අගුණත් නැහැ. ඒ වුණාට මෙහෙම තීන්දු ගන්න මොන ආන්ඩුවකටවත් කොන්ද පණ නැහැනේ.

:       25       37

himalSunday, 12 November 2017 01:55 PM

ලංකාවට අරක්කු බෝ කළේ සුද්දො නම් ඒ සුද්දන්ට එරෙහිව නිදහස ඉල්ලපු අය ඇයි රේන්ද ව්‍යාපාරය තහනම් කරේ නැත්තේ? ඒ වගේම ඔය රා ශරීරයට හිතකරයි කියලා කියන වෛද්‍ය පර්යේෂණ පත්‍රිකාවක් කියන්න බලන්න. එහෙම නම් ගංජාත් හිතකරයි. ලංකාවේ රා කර්මාන්තයට අවශ්‍ය සහය දැනටමත් දීලා තියෙනවා. සමහර නගරවල රා තැබෑරුම් තියනවා. ටෙන්ඩර් දාලා ගන්න පුළුවන්.

:       0       0

PrabaSunday, 12 November 2017 02:00 PM

බොරු කියන්න එපා.. රා කිව්වත්, බියර් කිව්වත්, අරක්කු කිව්වත් ඔක්කොම ඇල්කොහොල්. අපේ ගැහැණූ පිටරට වහල්කම් කරනවා. පිරිමි ඇල්කොහොල් බීලා මැරෙනවා...

:       0       1

අරැණ සෙනරත් Sunday, 12 November 2017 09:14 AM

කාලෙකට පසුව ඇහුණු හොඳ අදහසක් නිකම්ම නොඉඳ බලකරමු රජයට, අවසර ලබාගැනීමට කිතුලට ! මේවා බීරවලට වැඩිය ගුණයි... අනික ඈත පිටිසර ගම්වල අයට නොමිලේම ලබාගැනීමට හැකි ⁣⁣හොඳ දෙයක්....

:       0       24

farnas Sunday, 12 November 2017 09:35 AM

අනේ රටට ගිය කලක්... මොන දහමේද කියලා තියෙන්නේ බියර් හෝ පොල් රා වෙනත් මත වෙන බීම බොන්න කියලා? බුදු දහමේ පවා කියලා තියෙන්නේ සුරාවෙන් වළකින්න කියලා, අනේ අපේ දේශපාලකයෝ...

:       57       112

kim Sunday, 12 November 2017 10:14 AM

මල් ගැනත් කියන්නකෝ ඇමතිතුමා ..

:       0       2

SenarathSunday, 12 November 2017 10:48 AM

කිම්, මල් ගැනත් වෙන අමැති කෙනෙක් පසුගිය දවසක කතා කළා. එයා යෝජනා කලේ ගංජා වවන්න. මේ සේරම යම්කිසි සැලසුමකට කෙරෙන දේවල් වගෙයි පෙනෙන්නේ, අපේ රට නැතිකරන්න. මේ හාදයන්ට සල්ලි ලැබෙනවා නම් අම්ම අප්පා වුණත් විකුණාවි.

:       8       3

rohana Sunday, 12 November 2017 12:21 PM

ඔලුවක් නැති කෙනෙක්. නැහැ නැහැ ඔලුව තියෙනවා මොලේ නැහැ.

:       3       4

dias Sunday, 12 November 2017 12:57 PM

හොඳ අදහසක් කිතුල් රා වලත් ඉඩක් දෙමු.

:       0       6

Lakvidu Sunday, 12 November 2017 03:13 PM

තමන්ගේ කිතුල් රා තමන්ම හදාගමු. මෙන්න රෙසිපිය. වතුර බෝතලේට කිතුල් හකුරු ග්‍රෑම් 200යි. ඊස්ට් තේ හැඳි කාලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site