IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහ මැතිවරණ වියදම කෝටි 700 සිට 1000 ට නඟී

(රංජන් කස්තුරි)

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1,000 ක පමණ මුදලක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිසම ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමාන්‍යයෙන් රුපියල් කෝටි 700 ක පමණ වියදමක් මුලදී අපේක්ෂා කළ ද කොවිඩ් 19 පාලනය කිරීමට සිදුවීම හා සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම නිසා එම වියදම රුපියල් කෝටි 1,000 දක්වා පමණ වැඩි විය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරු කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූහ.

මැතිවරණය සඳහා යන වියදම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට පවසා තිබේ.

සාධාරණ හා අපක්ෂපාතීවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට පවසා ඇත.

 



අදහස් (4)

මහ මැතිවරණ වියදම කෝටි 700 සිට 1000 ට නඟී

දොලේවත්ත Thursday, 18 June 2020 08:24 AM

225 තෝරාගන්නට ඡන්දය තියලා.... කරපු ගොන් කම වටහා ගන්නට බලපං ගැන ලා... කෝටි දහස..... බෙදපං 225 යොදලා.. ඔබට තේරුණාද කළ පාඩුව දුරදිග නොබලා..

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 09:36 AM

මේ තරම් විශාල මුදල් සම්භාරයක් ජාතික ධනයෙන් වැයකොට පාර්ලිමේන්තුවට තේරෙන්නේ මොනතරම් වටිනා ප්‍රඥාවන්තයින්ද? අනේ අම්මපා... කියලා වැඩක් නෑ.

:       0       28

pradeepa Thursday, 18 June 2020 09:46 AM

අපි දුප්පත් රටක් නිසා ඊළඟ ඡන්දයට කළින් අපේ සියලු විද්වත්හු සමග පුලුල් සාකච්ඡා මෙම මැතිවරණ වියදම 50%කින් අඩුකර ගන්න වැඩපිළිවෙළකට පැමිණිය යුතුයි. දැනට යන කෝටි 1000 අපිට දරන්න අමාරුයි... ජනතාව මත තවත් බදුබර පටවනවා. තවත් අපි ලෝකෙට ණය වෙනවා.

:       0       0

siri Thursday, 18 June 2020 10:27 AM

කාල වරෙන්කෝ ඉතින්... දිනන අයට නම් හතර මහා නිධානයටත් වැඩි දේවල් පහළවෙයි. එ්කනේ බලය ඉල්ලන එකේ ඒකායන අරමුණ... ඡන්දෙ දෙන උන්දැලාට තමයි...

:       0       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site