(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක අජන්ත ලියනගේ මහතාගේ පියා සිය නිවසේ නිදා සිටියදී ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගොස් වසර විසිදෙකකට පසු යළි ලංකාවට පැමිණ සිටියදී අල්ලා ගනු ලැබු විත්තිකරුට නියම කොට තිබු මරණ දඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප‍්‍රකාශයට පත් කළේය.
විත්තිකරුට මීට වසර 23කට ඉහතදී මරණ දඩුවම නියම කොට තිබුණත් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවී සැඟව සිටීම නිසා එම මරණ දඬුවම ප‍්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නොතිබිණි.
මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ වෑකඩ විතානච්චිගේ පේ‍්‍රමසිරි නැමැති අයට වේ.
එවකට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම විත්තිකරු චෝදනාවන්ට වරදකරු කර මරණ දඬුවම නියම කොට ඇත්තේ 1994 මාර්තු මස 15 වැනි දා බව දැනුම් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ හස්තය හරි දිගයි සමහර වෙලාවට, අපට ඒකට නම් සතුටුයි.
වැඩක් නැහැ. රටට සාමය උදා වෙන්නේ මිනීමරුවෝ නැති වෙන්න නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනෑ. නමට එල්ලුම් ගස් යවලා වැඩක් නැහැ. ඔය සේරම ටික දවසකින් එළියේ. අද බලන්න පත්තර එහෙම. හැමදාම මිනී මැරුම්. ගෙවල් වලට ගිහින් මරනවා බය නැතිව රටට ගිය කලක්...
මේ මෝඩයා මොකටද ඉතාලියේ ඉඳලා ලංකාවට දැන දැනම ගියේ?
පිටිගල අයියේ මෙයා ලංකාවට ගියේ ඉඩමක් මිලදී ගන්න. මෙයාව ආශ්‍රය කල අපිවත් දන්නේ නැහැ මෙයා මෙසේ මිනීමැරුම් චෝදනාවකට ලක්වෙලා කියලා. දවස් දෙකෙන් ආපහු එන්න ගියේ නමුත් කවුරු හරි ඔත්තුවක් දීලා. ගම්පලාතකට නොගිහින් කොළඹලු හිටියේ. මම හිතන්නේ ඔත්තුව මෙහෙන් ගිය එකක්. පොලිස් ඇසට වැලි ගහලා බේරෙන්න අමාරුයි.
මොන මෝඩයෙක්ද? මෙපනකල් ඉතාලියේ හොදින් හිටියනම් ඉතිරි කාලයත් ඉතාලියේම ඉන්න පුලුවන්නම් මොකටද ලංකාවේ ඉඩම්?