(ඩයනා උදයංගනී)
ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා රැසක මිල ඉහළ යාම හේතුවෙන් ආපන ශාලා නිෂ්පාදනයන්හි මිල ඉහළ යා හැකි බැවින් පාරිභෝගිකයා පිළිබඳ සිතා එම නිෂ්පාදන කිහිපයකට උපරිම මිලක් පැනවීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව තේ කෝප්පයක් රුපියල් 20ක්, බත් පැකට්ටුවක් සඳහා රුපියල් 130ක්, ආප්පයක් රුපියල් 15ක් සහ කිරි තේ කෝප්පයක් රුපියල් 40ක් දක්වාත් ආදී වශයෙන් උපරිම මිලක් පැනවීමට තම සංගමය තීරණය කළ බව එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවසීය.
මේ අනුව එළවලූ වර්ග 3ක්, මාළු කැබැල්ලක්, පළා වර්ගයක්, පපඩම් සහ බැදපු මිරිස් සහිත බත් පැකට්ටුවක් රුපියල් 130ක උපරිම මිලකට අලෙවි කළ යුතු බවට තීරණය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වෙනත් ආහාර වට්ටෝරු සහිත බත් පැකට් සඳහා මෙම උපරිම මිල අදාළ නොවන බව ද අසේල සම්පත් මහතා ප‍්‍රකාශ කළ අතර මෙම තීරණය පිළිබඳව ලිපියක් මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්වත් කර තිබෙන බව ද ඔහු කීවේය.
COMMENTS
2015 දී ගෑස් මිල 40% ක් අඩු වෙනකොට මේ එකෙක්වත් කෑම මිල අඩු කලේ නැහැනේ.. අවස්ථාවාදයේ උපරිමය. ජනතාවෙනි, මුන්ගේ කෑම නොකා ඉන්න.
කී සැරයක් ගෑස් මිල අඩු කලාද? එ්ත් මේ අය අප්ප බත් පාර්සල් ගණන් අඩු කලාද ? රුපියල් 100 ගෑස් වැඩි කලාම අාප්පේ රුපියල් 5ක් උස්සනවා. ඒ කියන්නේ ගෑස් එකකින් අාප්ප 25 ද හදන්නේ ? පාරිබෝගික අදිකාරිය මේවත් පාලනය කරන්න ඕන.
බත් පාර්සලයට දමන එළවලු 3 බෙදන්නේ තේ හැන්දෙන්ද කියන එක ගැනත් සොයා බලා, පාරිභෝගිකයාට සාධාරණයක් කළ යුතු වෙනවා. බත් පතේ බර සමහරවිට අඩු වෙන්නත් පුළුවන් ! අධික බර වැඩි අයට නම් ඒක සුබ ආරංචියක් නොවේද ? බොහෝ විට කඩකාරයා පාරිභෝගිකයා ගසා කන යුගයක සිටින අපේ රටේ මහජනතාව රැක ගැනීම රජයේ යුතුකමයි.
පහු ගිය කාලේ ගෑස් මිල 250/= කින් අඩු කලාම අප්පය රුපියල් 6/= ට අඩු කලා නේද ? මේ රට පාලනය කරන්නේ සංගම් ද ? එතකොට ආණ්ඩුව කියන්නේ මොකද්ද ? මේ රට දැන් රුවල් කැඩිලා පාවෙන නැවක් වගේ .
ඔව් වෙළඳුන්ට හිතෙන හිතෙන විදියට මිල වැඩි කරන්න දීල තියන හින්ද තමයි ලංකවේ ජීවන වියදම් කලාපයේ අනිත් රටවල් එක්ක බලනකොට ඉතා වැඩි , රුපියල් 100 මෙගොල්ලන්ට දැනෙන්නේවත් නැහැ නමුත් එකෙනුත් වාසි ගන්න හදන්නේ
බත් පතට අවම බරක් දාන්නත් ඕන..... නැත්නම් 100 g වගේ පත් පැකට් දෙනවා........
ගෑස් මිල අවුරුදු දෙකකට වැඩි කාලයක් අඩු වෙලා තිබුනා. ඒ කාලේ මම හිතන්නේ මේ ඊනියා සංගමය අහෝසිවෙලා වෙන්නැති තිබුනේ. ඒකනේ මුං මොකුත් නොකියා සද්ද නැතිව සිටියේ. කලින් වගේ ගෑස් මිල ඉහළ ගියොත් ආප්පේ ගාන කීයද දන්නේ නැහැ. මේ ඊනියා සංගම් වලට ඕන විදියට හිටියොත් අහිංසක මිනිසුන්ගේ ලේත් ඔරා බොනවා. අපේ රටේ ආණ්ඩු වැනෙනකම් මේවා හදන්න බැහැ. වතුර ටිකක් බීලා හරි ගෙදර යන්න පුළුවන් නම් අපිට මේ අයට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන්.