විනීතා එම් ගමගේ
ජාන වෙනස් කරන ලද ආහාර වර්ග මෙරටට ගෙන්වන්නේ දැයි සොයා බැලීම සඳහා වසර දෙකකින් පරික්ෂාවක් සිදුකර නැතැයි වාර්තා වේ.
වෙළඳපොළේ පවතින ආනයනික ආහාර ද්‍රව්‍ය අහඹු ලෙස ලබාගෙන ඒවායේ ජාන වෙනස් කරන ලද ද්‍රව්‍ය අඩංගු දැයි සොයා බැලීම සඳහා 2015 වසර දක්වා අවස්ථා තුනකදී සිදුවූ බවත් එහෙත් ඉකුත් වසර දෙකේ දී එය සිදුකර නැති බවත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය පැවැසුවාය.
කෙසේ වෙතත් එම පරික්ෂාවන් සිදුකළ කිසිදු අවස්ථාවක එවැනි ජාන වෙනස් කරන ලද කිසිදු ද්‍රව්‍යක් හමු නොවූ බව ද අබේකෝන් මහත්මිය කීවාය.
පරිසර අමාත්‍යංශය මඟින් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී අද පැවැති සම්මන්ත‍්‍රණයක දී මෙම තොරතුරු අනාවරණය විය.
ශ්‍රී ලංකාව තුළ ජාන වෙනස් කළ ජීවීන් සුරක්ෂිත ලෙස භාවිතය සඳහා ජෛවසුරක්ෂිතතාවය ක‍්‍රියාක්මත කීරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත‍්‍රණය පවත්වනු ලැබුයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසිනි.
ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ මෑත කාලීන ප‍්‍රගතිය සහ එම තාක්ෂණය මඟින් කෘෂිකර්ම කෙෂත‍්‍රය හා සෞඛ්‍ය කෙෂත‍්‍රයට අත්වන වැදගත් ප‍්‍රයෝජන පිලිබ`දව සලකා බැලීමේ දී නවීන තාක්ෂණයේ නිෂ්පාදනයක් වන ජාන විකරණය කළ ජීවීන් පිළිබඳ පුළුල් මට්ටමින් සලකා බැලීමේ අවශ්‍යතාවය එහි දී මතුකෙරිණි.
ඉන්සියුලින් එන්සයිමය නිපදවීමේ සිිට නියඟට ඔරොත්තු දෙන ශාක නිපදවීම දක්වා ජෛව තාක්ෂණය දායකවී ඇති බවත් මිනිස් ජීවිතයේ ගු-ණාත්මක භාවය වැඩි දියුණු කිරීමට එම තාක්ෂණය යොදා ගත හැකි නමුත් ජානතාක්ෂණය පිළිබ`ද මිත්‍යා මත සමාජයේ ඇති බවත් එහි දී වැඩි දුරටත් අවධාරණය කෙරිණි.
2025 නොවැම්බර් මස 21
39
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජාන වෙනස් කිරීම් ගැන පරීක්ෂණ දෙවසරකින් නෑ
Perakum Thursday, 29 March 2018 02:13 PM
මේක අපේ රටේ අමුතු දෙයක් නොවේ. කොතනත් සිදුවෙන්නේ සෝඩා බෝතල් න්‍යායයි. ලොකුවට සද්ද දාල පටන්ගන්නවා ඒවගේම ඉක්මනට නිහඬ වෙනවා. ජාන වෙනස් කල ආහාර වර්ග ඔය ඕන තරම් වෙළඳ පොලේ තියෙන්නේ. අපේ ගොවීන් උනත් වැඩියෙන් වවන්නේ ඒ වගේ බෝග නේද. අමුතුවෙන් කියන්න ඕන නැහැ. හැබැයි ඉතින් එකක් කියන්න ඕන. මම දන්න තරමින් ජාන වෙනස් වීම එදා පටන් ස්වභාව ධර්මයේ සිදුවුණ සංසිද්ධියක්. ඒ දෙයම පර්යේෂණාගාර තත්ත්ව යටතේ අපට අවශ්‍ය පරිදි කරගැනීමේ ඇති වැරැද්ද කුමක්ද? දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරදෙන්න.
peter perera Thursday, 29 March 2018 03:46 PM
මෙතනත් SLS දෙන තැනත් කිසිම ආහාර පරීක්ෂණ කරන්න විද්‍යාගාර නැහැ. මම ගත්ත ජෑම් බෝතලයක් ප්‍රමිතිය නැති නිසා SLS එකට දුන්නා. ටික දවසකින් SLS එකේ ලොක්කම මට කියුවා.එයාලා ළග පරීක්ෂණාගාරය ජෑම් වල සංයුතිය බලන්න තරම් දියණු එකෙක් නෙමේ කියල. මේ රජය ආයතන වල සේරම බොරු ලාංඡන sls කියල දෙන්නේ.
PerakumThursday, 29 March 2018 09:48 PM
පීටර්, ඔබ කියන්නේ ඇත්ත නම් මේක මහා රාජ්‍ය වංචාවක්. අපි කොහොමද SLS ලාංචනය ගැන විස්වාස තියන්නේ? රජයක් වශයෙන් මෙවැනි වංචා කරන එක මොනතරම් බරපතල වරදක්ද. මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට අදාළ පාර්ශවයන් උනන්දු විය යුතුය.