(නිමන්ති රණසිංහ)
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩ වූ රන් ආභරණ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේප්පුවලට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(15) මුද්‍රා තබනු ලැබීය.
හේස්ත‍්‍රාත්වරයා විසින් අද (15) පෙරවරුවේදී මෙලෙස මුද්‍රා තබනු ලැබුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරයේ තිබූ සේප්පුව සහ තවත් කබඩ් කිහිපයකි.
අධිකරණය විසින් අදාළ නඩු භාණ්ඩ කාරමයේ තිබූ සේප්පුව සහ කබඩ් කිහිපය සීල් තැබීමෙන් අනතුරුව එහි වැඩිදුර විමර්ශනය සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිද්ධිය භාරදී ඇත.
නිවසක් බිද රුපියල් පන්ලක්ෂ විසි එක්දහසක් වටිනා දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය මගින් ඉකුත් මැයි මස 05 වැනිදා අධිකරණය වෙත වාර්තා කරන ලද බී-73270/4/17 නඩුවට අදාළව පී ආර් 2153/2017 දරන නඩුභාණ්ඩය එම නඩු භාණ්ඩ කාමරයෙන් මෙලෙස අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.
අදාළ නඩු භාණ්ඩය ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් ඉකුත් ජුනි මස 12 වැනිදා පී ආර් 2153/2017 දරන අංකය යටතේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරය වෙත භාරදී ඇතැයි ද අනාවරණය වෙයි.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු භාණ්ඩ කාමරයේ භාණ්ඩ අතුරුදන්
shammi Thursday, 16 November 2017 03:50 AM
රන්ජන් හරි...
ravi Thursday, 16 November 2017 06:37 AM
මෙන්න මේ හොරු තමයි ... ඉස්සෙල්ලම අල්ලගන්න තිබුනේ ..... !!! මේ වගේ දේවල් දිනපතා අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය වලටත් සිද්ද වෙනවා කියල අපිට හිතාගන්න පුළුවන් . ඉතින් මේ වගකියයුතු කන්තෝරු වල ඉන්න නිලධාරීන් ... මේවගේ නීච වැඩ කරන කොට , කොහොමද රටක් යහපත් මාර්ගයක ගමන් කරන්නේ ....... ?