(තිළිණි ද සිල්වා)
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය යළි අවධාරණය කර ඇත.
මරණ දඩුවම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ 2018 දෙසැම්බර් මස පැවති 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී එකඟවූ ආකාරයෙන් ශ්‍රී ලංකා රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.
ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා, නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව එම සංගමය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය කියා සිටී.
සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බවත් යුරෝපා සංගමය සදහන් කරයි.
කෙසේ වෙතත් මරණ දඬුවම යනු ඒ සදහා වන ඵලදායී ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් වන අතර මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඇති අත්දැකීම් බෙදාහදා ගන්නට ඔවුන් සූදානම් බව නිවේදනය මගින් පෙන්වා දී ඇත.
COMMENTS
මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.. එවුන් හිතන් ඉන්නේ මේ රට උන්ගේ කියලා වෙන්ටැති නේද? පිස්සු යක්කු...
මේ කොඩියේ හැම තරුවක්ම යුරෝපයේ රටක්... මේ හැමරටක රහසිගතව මනුස්සයින්ව මරනවා... හැබැයි මෙයාලා මේවගේ දේවල් කරන්නේ හරිම සූක්ෂම අභිරහස් විදිහට... යුරෝපයේ හුඟක් රටවල්වල මනුස්සයින්ව රෝහලකට අරගෙන ගිහින්, විස එන්නත් කරලා මරණයට පත්කරලා තියන අවස්ථාවන් එමටයි..!!! මිනිස්සුන්ව මරණීය දණ්ඩනයට පමුණුවන්න .... පෝරකයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක් නොවෙයි...!!!
අනුන්ගේ මගුල් වලට හොට දාන්නේ නැතුව වැඩක් බලා ගනිල්ලා....
දැන් ඉතින් අපේ රජතුමා වෙවුලනවා ඇති.
කොටි සංවිධානය අමුඅමුවේ මේ රටේ ම්නිස්සු කෙතරම් මැරුවද ඒ වගේම බරපතල අපරාධ කරන අය ගෙනත් මෙයාලා මොකද කියන්නේ? මෙයාලට ඕනේ අපරාධකාරයෝ බේරන්න විතරයි. මේ වගේ තර්ජනවලට ඔලුව නමන්න බියවිය යුතුනේ...
මුළු සිංහල ලක්වැසියන්ටම මරණ වරෙන්තුව නිකුත් කරලා මිනීමරපු ප්‍රභාකරන්වත් අවසන් අවස්ථාවේ බේරගන්න ආවේ ඔය තරුවලල්ලේ අයම තමයි.
ඔය පරදේසක්කාරයන්ගේ තර්ජන ගර්ජනවලටවත්, අදහස්වලටවත් අපි ඇහුන්කන් දෙන්නේ මොන එහෙකටද? ඕක අල්ලල දාලා අපේ වැඩක් අපි බලාගමු… අඩුගාණේ කුඩු ජාවාරම්කාරයන්ටවත් වැඩක් දෙමු.. අනාගත පරම්පරාව බේරාගනිමු.
මේ අය හැමදේටම අතදානවා. යුරෝපීයයන් කුඩු කාරයෙක් අල්ලගෙන දඟලන්න අාවහම කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහන එක... ඊට පස්සේ මිනිහා කටින් සෙවල පෙරාගෙන සදාකාලිකව මැරි මැරී ජීවත්වෙන පිස්සෙක් වෙනවා. ඒ ගොල්ලන්ගේ මානව හිමිකම් එහෙමයි. ඉතාලියේ නීතිමය කටයුතුවලදී පිටරැටියන්ට කොපමණ හිරිහැර කරනවද? ඒ අයගෙන් හිඟාකන රටවලට කොපමණ බලපෑම් කරන්න මේ අයට පුලුවන්ද?
මරණ දඬුවම එපානම් ලෝකයේම කුඩු නිපදවීම නතර කරවන්න කියන්න මේ රටට කුඩු එවන්නන් හා බෙදාහරින්නන් යුරෝපා සංගමයේ සාමාජිකයින්ගේ රටවලට ගෙනයන්න කියන්න.
දැන් බලාගන්න පුළුවන් අපේ ජනාධිපතිතුමා වැඩියෙන් ආදරේ ලංකාවේ මිනිස්සුන්ටද නැත්නම් යුරෝපා සංගමයටද කියලා ......... !!
එතකොට ලංකාවේ කුඩු බිස්නස් අත්හිටවන්න මේ මානව හිමිකාරයෝ එන්නේ කවද්ද?
ශ්‍රී ලංකාව කියන්නේ ... යුරෝපා සංගමයේ "" ගනිකාවද "" අපිට දැන් බලාගන්න පුළුවන් !!!!!!!!