(අජන්ත කුමාර අගලකඩ)
ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු අනුපාත ඉහළ නංවන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව රජයට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ .
ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු සාමාජිකයන් ඉකුත් මාස දෙකේ කළ සාකච්ඡාවල වර්තාවක් රජයට ලබා දී ඇති අතර ,එමගින් නිර්දේශ මාලාවක්ද රජයට යෝජනා කර ඇත.
බදු නිදහස් කිරීම් අවම කිරීමටත් ආදායම් පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමටත් එම නිර්දේශ මගින් යෝජනා කර තිබේ.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා උපායමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද යෝජනා කර ඇත.
රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය කරන ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිල ගණන් වැඩි කරන ලෙසත් එම කමිටුව රජයට නිර්දේශ කර තිබේ.
ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන කරන්නැයි ද යෝජනා කර ඇත .
ජාත්‍යන්තර සංචිත නැවත ගොඩනැංවීම සඳහා වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන නම්‍යශීලී විනිමය අනුපාතිකයකට නැවත යොමුවන ලෙස ද කමිටුව යෝජනා කර ඇත .
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ පාලනය ශක්තිමත් කිරීමටත් , දූෂණයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩ උත්සාහයක් දරන ලෙසත් කමිටුව යෝජනා කර ඇත .
2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු අනුපාත ඉහළ නංවන්නැයි අයි.එම්.එෆ්. නිර්දේශ කරයි.
අතුල සෞදි Monday, 14 March 2022 12:05 AM
අර මුලින් කියපු ඔක්කොම කරාට වැඩක් නැහැ.. අන්තිම එක කරන්න බැරිනම්...
kapila Thursday, 17 March 2022 10:44 PM
මොන දේ කළත් දූෂණය නම් නවත්වන්නේ නෑ.