බීජිංහිදීය (රොයිටර්)
ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව වෙනස් කරමින් ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ඕනෑ තරම් කාලයක් බලයේ සිටීමට චීන කොමියුනිස්ට් පක්ෂය අද, ඉරිදා (11) අවස්ථාව සැකසීය.
මෙම ව්‍යවස්ථා වෙනසත් සමඟ චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ග්ට ඕනෑ තරම් කාලයක් ජනාධිපතිධුරය දැරීමට අවස්ථාව සැලසේ. මාවෝ සේතුංට පසු චීනයෙන් බිහි වූ වඩාත් බලවත්ම නායකයා බවට පත්වීමට ද ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට හැකියාව ලැබී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
චීන කොමියුනිස්ට් පක්ෂය ජනාධිපතිවරයාගේ ධුර කාලය වෙනස් කිරීමේ ව්‍යවස්ථා වෙනස්කම සම්බන්ධ යෝජනාව නිවේදනය කරන ලද්දේ පසුගිය මාසයේදීය. ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම අද (11) පැවැත්විණි. නියෝජිතයන්ගෙන් 3,000කට ආසන්න පිරිසකගෙන් යෝජනාවට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි. තිදෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ.
චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය සම්බන්ධයෙන් සංශෝධන ද මෙහිදි ඉදිරිපත් වූ අතර එම සංශෝධන ද ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී ෂී ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. එසේ චීන ජනාධිපතිවරයකුගේ දේශපාලන න්‍යායක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ අවස්ථා දෙකකදි පමණි. එසේ ඇතුළත් කර ඇත්තේ මාවෝ සේතුංගේ සහ ඩෙන් ෂාඕපින්ගේ දේශපාලන න්‍යාය. ඒ අතරින් මාවෝ සේතුං ජානධිපතිවරයා ජීවත්ව සිටියදීම ඔහුගේ දේශපාලන න්‍යාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. ඒ අනුව එසේ ජීවත්ව සිටියදී නායකයකුගේ දේශපාලන න්‍යායක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ වරම ලද දෙවැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිණි.
චීනය දූෂණ විරෝධී දෙපාර්තමේන්තුවක් ද ස්ථාපිත කරන ලද අතර එය ක්‍රියාත්මක වන්නේ ද ජනාධිපති ෂී ජින්පින්ගේ සෘජු අධීක්ෂණය යටතේය. එම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව වගන්ති ඇතුළත් කිරීම ද අද දින සිදුවිණි.
055
COMMENTS
එකට අපේ රටේ කට්ටිය බලෙන් ඉන්න දගලන්නේ.
රටක දීර්ඝකාලීන යහපත් පැවැත්මකට නිවැරදි දැක්මක් ඇති නායකයෙක් අවශ්‍යවන අතර එම නායකයාට කොන්දේසි විරහිතව ජනතා සහාය අවශ්‍ය වේ. ලංකාවේ දැනට එවැනි නායකත්වයට සුදුසු දේශපාලන දර්ශනයක් සහිත වියතෙක් බිහිවෙමින් පවතින අතර ඔහුගේ දේශපාලන අදහස් සහ ඔහු වටා ඉන්නා පිරිස ගැන අපි අවධියෙන් සිටිමු. එමෙන්ම 2020 ජනපතිවරණයට ඔහුගේ දැක්ම දෙස අපි බලා සිටිමු.
අනේ අපේ මහරජාටත් මෙහෙම ඉන්න තිබුනානේ හොර මැර කම් නැතිව සාධාරණව රජකරානම්.
අපේ රටේ දේසපාලන ලොක්කන්ට ඉහේ මල් පිපිලා ඇති
සිංගප්පූරැව සහ මැලේසියාව අද තිබෙන තත්වයට දියුණු උනේ ඒම රටවල් දෙකට හිතැති තම පන මෙන් අාදරය කරන කොන්ද පන තියන නායකයන් දෙදනෙක් වන ලී ක්වාන් යිව් සහ මහතීර් මොහමඩ් යන අය වසර 20 කට වඩා එම රටවල් පාලන කරන්න එම රට වල ජනතාව ඡන්දය දුන් නිසයි.
අපේ රටෙත් එහෙම එක්කෙනෙක් එකෝමත් එක කාලෙක හිටියා. හැබැයි වැඩේ හරි ගියේ නෑ රටේ මිනිස්සුන්ගේ වාසනාවට
අපේ පවට අපිට පහලවෙන්නේ තමුන්ටයි පවුලටයි කරගන්න රට කන දේශපාලුවෝ. මෙහෙම රට ජනතාව ගැන හිතල වැඩ කරන අය අපට කවදා ලැබෙයිද.
මේක නම් මහින්ද හිටපු ජනදිපතිතුමාගෙන් ඉගෙනගත්ත පාඩමක්. ජයවේවා.
ඉතින් ඊටපස්සේ උනේ මොනවද කිලයල දන්නවනේ. තව වසර දෙකක් තියෙද්දී ගෙදර
මට අපේ හිටපු කෙනා මතක් වෙනවා ......
ෂා! අපේ කාට හරි මෙහෙම චාන්ස් එකක් වැදුනානම් ලංකාව ඉවරයි.
අම්මෝ අරයට නම් මේ නිව්ස් එක පෙන්නන්න එපෝ!
" මිනිසා සුවඳයි මලසේ " දුෂණයෙන් තොර රටක්, හෙටක් වෙනුවෙන් කැප වූ මිනිසුන් නායකත්වයේ තබාගැනීමට පසුබට නොවෙති.
මේ ක්‍රමය චීන කොමියුනිස්ට් සමාජවාදී ක්‍රමයට ගැළපේවි.බ්‍රිතාන්‍යයේ විදියට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තියෙන,දවසින් දවස පක්ෂ පැටව් ගහන අපේ රටට නම් ගැලපෙන්නේ නෑ,නැත්නම් අපේ පිපෙන පක්ෂයේ කට්ටිය හිතයි අපේ කලින් නායකයා ජීවිතාන්තය දක්වා තියාගත්ත නම් කොච්චර ශෝක්ද කියලා,අපේ රටේ මිනිස්සු වැරදිලා හරි මේ වාතාවරණය තුළ එහෙම දෙයක් කරන්න හිතුවොත් ඒක තවත් සිවිල් යුද්ධයක් දක්වා ගමන් කරයි,කොහොමත් අපේ රටේ අය ජනතාවට වඩාත් හිතකර පාලන ක්‍රමය වන සමාජ වාදය ප්‍රතික්ෂේප කරපු අයනේ ඒකට හේතුව මේ රටට ගැලපෙන "සංශෝධිත සමාජවාදයේ මූලධර්ම"(හරියට මාඕ සේතුං, ලෙනින් ලා කළා වගේ තම තමන්ගේ රටට ගැලපෙනමූල ධර්ම )පිළිබඳ ජනතාවට අවබෝධයක් නැති කම සහ අපේ පාලකයන්ට ඒ මූලධර්ම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අපොහොසත්කම.අනික ඔලු ගෙඩියට වඩා බඩ ගෙඩිය ගැන හිතන, අල කිලෝ දෙක ගානෙ බෙදලා ඡන්ද ගන්න පුළුවන් වුනු,අපේ රටේ මිනිස්සුන්ට මේවා තේරුම් කරන්නත් අමාරුයි.
අපේ කට්ටියත් ඕකම අකුරක් අඩු නැතිව කරගනී.
මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා ජනතාව බදු බරින් මිරිකෙන නිසාත්, පාලකයන් දෙපැත්තේම සුරසැප විඳින නිසා ඊළඟ මැතිවරණයේදී මහින්දගේ පොහොට්ටුව අතිවිශාල ජයක් ලබනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කර අපේ මහින්ද ලොක්කාටත් හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව උදාවෙනවා. එතෙක් ඉවසන්න. ඒ කාර්යය සාර්ථක කරගන්න පූර්ණ සහය රනිල් දෙනවා. ජය වේවා!
අපේ කට්ටියට දැන් පපුව ඩොග් ඩොග් ගානවා ඇති. ලඟදීම කියාවි, අපි අපේ මිතුරු චීනේ අනුගමනය කරන්න ඕනෑ කියලා...
අපේ මහින්ද මහතාටත් ඊළඟ මැතිවරණයේදී හිතේ හැටියට බලේ ඉන්න අවස්ථාව. ඔබලාට සතුටුද?