IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


අලි රොෂාන් නඩුවේ 4 ක් නිදොස් කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනිය හා ඇත්ගොව්වන් තිදෙනෙකු විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූට ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැතිව අලි පස්දෙනෙකු ළඟ තබා ගත් බවට ඔවුහු චෝදනා ලැබ සිටියහ.

ඒ අනුව විත්ති වාචක ඉදිරිපත් කිරීමට සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, පලිහපිටිය ගමගේ ජයලත්, යන වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  ඇතුළු සිව් දෙනෙකුට නියම කෙරිණි.

නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මෙලෙස නිදහස් කරන ලද්දේ වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. ප්‍රියංකා සංජීවනී, ඇත්ගොව්වන් වන රණසිංහලාගේ දමිත් චතුරංග, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත් නමැත්තන්ය.


වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

2014 ජුලි මසයත් 2015 අගොස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව සොරකම් කළ අලි බව දනිමින් වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීතීවීරෝධී අන්දමින් ලඟ තබාගැනීම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී)පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. ප්‍රියංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතු`ථ පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝ්‍යග බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ 08 දෙනාම අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරුවන් සිව්දෙනෙකු නිදොස් කොට නිදහස් කළ විනිසුරු මඩුල්ල ලබන ජුලි මස 25 වැනිදා සිට විත්තියේ සාක්කි විභාගය ආරම්භ කිරීමට නියම කළේය.



අදහස් (5)

අලි රොෂාන් නඩුවේ 4 ක් නිදොස් කොට නිදහස්

ගෙවිඳු Monday, 22 June 2020 02:39 PM

අලි රොෂාන්ලාව නිදොස්කොට නිදහස් කෙරුවා නම් අලි පැටියෙක් තියන් උන්නු නඩුකාර උත්තමයාට සහ පන්සල ලඟ මිදුලේ දාලා ගියපු අලි පැටියෙක්ව හදපු උන්වහන්සේත් නිදොස් කොට නිදහස් වේවා..!!! එක රටක්.. එක නීතියක්.

:       66       101

PereraTuesday, 23 June 2020 04:11 AM

අලි රොෂාන්ව නිදහස් කරලා නැහැ. ඔහු ඇතුළු තව තුන් දෙනෙකුට විත්ති වාචක ගොනුකරන්න කියලා තියෙන්නේ... එක ලිපිකාරිනියෙකුයි ඇත්ගොව්වෝ තුන්දෙනෙකුයි විත්ති කැඳවන්නේ නැතිව නිදහස් කරලා...

:       0       1

Perera Monday, 22 June 2020 06:50 PM

ඔය ජාවාරමට සම්බන්ධ නඩුකාරයින්ට මොකක්ද වුණේ? නාදොස් කොට නිදහස් වුණාද?

:       0       0

koraalage Tuesday, 23 June 2020 04:15 AM

කැලේ හිටපු අහිංසක අලියෙක්ට... තාම අලි පැටියාව දරු බලාගෙන ඉන්න බැරි වෙච්ච කාලයකුත් ඒ දවස්වල තිබුණානේ. ආයිමත් ඉස්සරහට එහෙම කාලයක් එයිද? පව් අහිංසක කැලේ සත්තු...

:       0       144

rana Tuesday, 23 June 2020 06:57 AM

මහා දේශපාලකයින්ගේ මාලිගවල තිබෙන ඇත් දල අහසින් වැටුණාවත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1317 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site