(නිමන්ති රණසිංහ)
අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී හාජා මොහිදීන් අල් උස්මාන් සහ ඔහුගේ සහෝදරයා ඇතුළු සිව්දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව වැලිකඩ පොලිසිය අද(07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ දැනුම්දුන්නේය.
ඒ අනුව මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ සිදුකරන්නේ හාජා මොහිදීන් අල් උස්මාන්, හාජා මොහිදීන් සුල්තාන් ෂාරිෆ්, මුඩිටැක් ජාඩේන් මුහම්මද් අල්ලාත් සහ මොහොමඩ් ඉසදීපන් මොහොමඩ් පවශාන් නමැත්තන්ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම සැකකරුවන්ගෙන් පැය 72ක් ප්‍රශ්න කර පසුව, ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබාගත් දින 90ක රැඳවුම් මත මොවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
ගොන් ප්‍රධාන පක්ෂ බලේට කෑදර කමට මුන් සම්බන්ද කරගෙන තමයි රට විනාශ වෙන්නේ.................
රන්ජිත් මට කියන්න බලන්න ප්‍රධාන පක්ෂ වලට බලයට කෑදරකම ඇතිවෙන්න හේතුව කුමක්ද කියලා. මහ ජාතිය මේ වෙනකොට පක්ෂ කීයකට කැඩිලද බලන්න. කාගෙද වැරැද්ද? අපි කතිරෙ ගහන ක්‍රමයේ වැරැද්ද...! ඉස්සරහටවත් හරියට කතිරෙ ගහමු...!
ආ, , පැරකුම් මහත්තයෝ, අපේ මහා සංඝ රත්නෙත් නිකාය ගණනකට භේද වෙලා තියෙන්නෙත් කතිර ගහන ක්‍රමයේ වරද නිසාද?