රොමේෂ් මධුෂංඛ
ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් යාපනය කෝපායි බලප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවකවරු ක්ෂේත්‍ර රාජකාරි කටයුතු වලින් ඉවත්ව අද (1) උදෑසන සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතුවල නිරතව සිටිති.
පසුගිය 29 වැනි දා යාපනයේ නිවාස 4කට පහරදීමක් සිදු වූ අතර එම පහරදීම සිදු වූ නිවාස වලින් එක් නිවසක ග්‍රාමසේවක කාර්යාලයක් ද පවත්වාගෙන ගොස් තිබූ අතර අදාළ පහරදීමේ දී ග්‍රාමසේවක කාර්යාලයේ බඩු බාහිරාදිය සියල්ලක්ම විනාශ කර තිබිණි.
අදාළ ප්‍රහාරයට විරෝධය පෑමක් වශයෙන් හා ආවා ක්‍රියාකාරකම් මැඩලීමට පොලීසිය ඉක්මන් පියවර ගත යුතු බව පවසමින් ද අද (1) උදෑසන සිට කෝපායි බල ප්‍රදේශයේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සිදුකරන සියලුම ග්‍රාමසේවක නිලධාරීවරුන් නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ලැබීය.
මේ අනුව ග්‍රාමසේවක නිලධාරීන් ගම්මාන වෙතට අද (1) දිනයේදී නොපැමිණීම හේතුවෙන් ගම්වාසීන් රැසකට දුෂ්කරතා සඳහා මුහුණ පෑමට සිදුවූහ.
2025 දෙසැම්බර් මස 18
173
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආවා කල්ලියට බියේ යාපනයේ ග්‍රාම සේවකවරු වැඩ වරති
builder Wednesday, 01 August 2018 07:43 AM
මරු සිරාගේ , යමපාලනය....
ranga Wednesday, 01 August 2018 08:35 AM
මේ දෙමල චිත්‍රපටි බලන පොඩි ටිකගේ වැඩක්නේ...