(දසුන් රාජපක්ෂ )
තලෙයිමන්නාරම පදිංචි ශ්‍රී ලාංකික ධීවරයන් තිදෙනෙකු රන් තොගයක් සමඟ ඉන්දීය නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය අද (18) සඳහන් කළේය.
මෙම ධීවරයන් තිදෙනා නීති විරෝධී ලෙස රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ තුනහමාරකට අධික ප්‍රමාණයක් කුඩා ධීවර යාත්‍රාවක සූක්ෂම ලෙස සඟවා ගෙන අන්තර්ජාතික මුහුදු සීමාවේ ගමන් කරමින් සිටියදී ඉන්දීය නාවික හමුදාවට අයත් හෙලිකොප්ටරයක් මගින් ඊයේ(17) අත් අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු ඒකකයේ නිළධාරියෙකු පැවසීය .
ඉන්දියාවේ ධනුෂ්කොඩි පොලිසිය වෙත ලාංකික ධීවරයන් තිදෙනා භාර දී ඇති අතර සිදු වන නීතිමය ක්‍රියාමාර්ගයන්ගෙන් අනතුරුව ඔවුන් තිදෙනා ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව එම නිලධාරියා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd