( සිතුම් චතුරංග)
යාපනය සිට කතරගම දක්වා බස් රථයකින් රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 08 යි ග‍්‍රෑම් 560 සමඟ පුද්ගලයකු වවුනියාව පුලියන්කුලම පොලිස් ස්ථානය අසලදී අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය පවසයි.
පුලියන්කුලම පොලිස් නිලධාරීන් විසින් ඊයේ (10) රාත්‍රීයේදී ක්ෂණික මාර්ග බාධක යොදා බස්රථ පරීක්ෂා කිරීමේදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
යාපනය සිට කොළඹ දක්වා ගමන්ගත් පෞද්ගලික බස්රථයක සැකකටයුතු ගමන්මලූ දෙකක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය හමුවී ඇති බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු විසින් යාපනය ප‍්‍රදේශයේ සිටින ගංජා ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදීගෙන කතරගම ප‍්‍රදේශයට රැගෙනයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවත්ය.
සැකකරු කතරගම දෙටගමුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයකු වන අතර සැකකරු හා කේරළ ගංජා වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පුලියංකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.
2025 නොවැම්බර් මස 04
296
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක්ෂ 18 ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට