IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගෝඨා ගමට පහර දෙන්න ආ අයට කඳුළු ගෑස් ගහන්න හැදුවත් ඉහළින් ඕඩර් ආවා

(ඉන්දිකා රාමනායක)

කළහකාරි  පිරිස්     ගාලුමුවදොර  “ගෝඨා ගමට” පහර දීමට  පැමිණීම  වැළැක්වීම සදහා  ගෝල්ෆේස් වටරවුමේ  දී  පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ   පිරිසක් කැඳවා  කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග   පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද  යොදා තිබු බවත්,  අවසානයේ  ඉහළින්    ලැබුණ දුරකතන  ඇමැතුමකට අනුව   අවසාන මොහොතේ   කඳුළු ගෑස් හා  ජලප්‍රහාර  එල්ල කිරීම වැළැක්වුණු බව      කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති  ඒ ජී  ජේ  චන්ද්‍රකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා   නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතා  පෙරේදා (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබු  අතර එහිදී    සිදුකළ ප්‍රශ්න කිරීම්  හමුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග  සඳහන් කරයි.

පැමිණි  පිරිස ට     ජනාධිපති ලේකම්කාර්යලය වෙත ගමන් කිරීමට අවශ්‍යතාවක් තිබේ නම්   ඔවුන්ට කොම්පඤ්ඤවීදිය හරහා ගමන් කරන ලෙසට    කල් තියා එහි සංවිධානකයන් දැනුවත් කළ බවත්, ඔවුන් ඒ සදහා එකඟව සිටි බව ද   නියෝජ්‍ය පොලිස්පතිවරයා     ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සංවිධායකයන්  පළමුව   එම  ඉල්ලීමට එකඟ වුවද අවසානයේ ඔවුන් එම ඉල්ලීම පිළිනොගෙන   ගාලු පාර ඔස්සේ පැමිණ   අරලියගහ මන්දිරය අසල   විරෝධතාකරුවන්ට පහර දී  ගාලුමුවදොර   දක්වා පැමිණීමේ අවස්ථා තුනකදී වැලැක් උත්සහ ගත් බවත්,  පසුව    බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත  කදු`ථ ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන්  විසුරුවා හැරීමට ක්‍රියා කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා   ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේ කිරීම හේතුවෙන්   ගෝඨා ගෝ ගම ඉදිකර තිබු   ඉදිකිරීම් රැසක් මෙන්ම  අරගලකරුවන් රැසක්  ආරක්ෂා කිරීමට හැකි වු බවද හෙතෙම ප්‍රකාාශ කර ඇත.

සංවිධායකයින් පොරොන්දු වු පරිදි ක්‍රියා නොකළේ නම් සහ   දුරකතනයෙන් නිලධාරීන්ට බලපෑම් නොකරේ නම්   ගෝල්ෆෝස් වටරමුමේ දී ඉහත කළහාකාරි පිරිස වළක්වා ගැනීමට හැකි වු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා  වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 මෙම  ප්‍රකාශ  සනාථ කිරීම සදහා   අවශ්‍ය   ලියකියවිලි, ඡායාරූප, සහ වීඩියෝ පට රැසක්  ද  නියෝජ්‍ය පොලිස්පතිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  බාර දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

ගෝඨා ගමට පහර දෙන්න ආ අයට කඳුළු ගෑස් ගහන්න හැදුවත් ඉහළින් ඕඩර් ආවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site