(නිමන්ති රණසිංහ)
සැක සහිත අන්දමින් රුපියල් බිලියන 2.6 ක මුදලක් යොදවා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පිහිටි ආසිරි රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික යුවළක් ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රේල්වේ ඇවනිව්, නුගේගොඩ පදිංචි රියෙන්සි මහේෂ් එඞ්වඩ් හා පුන්‍යා ප්‍රියංජි මැණිකේ එඞ්වඩ් යන අඹුසැමි යුවළය.
සැක කටයුතු අන්දමින් විදේශ මුදල් මෙරටට ගෙන්වා එකී මුදල් යොදවා කොළඹ ආසිරි රෝහලට අයත් ඉඩම් ඇතුලු දිවයිනේ විවිධ දේපල මිලට ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් කරන ලද පරීක්ෂණයකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
මේ සැඟවුණු ආර්ථිකය ලංකාවේ ආර්ථික වටිනාකමින් ලොකු කොටසක්. ඒ සල්ලිත් මෙහෙට ගේන ක්‍රම තියෙනවා. ලංකාවේ ලොකුම කොම්පැනිත් මේක කරනවා. මේ ක්‍රමේට, බිලියන දෙකක රුපියල් දීලා බිලියන දෙකේ වටිනාකමට ඩොලර් ගෙන්නගන්න හරිම ලේසියි. කවුරුවත් චෙක් කරන්නේ නෑ ඩොලර් නිසා. සුළු ජාතීන්ටම අයිති බැංකු තියෙනවා. මේ බැංකු වල කෙරෙන හුඟක් දේවල්, එළියට එන්නේ නෑ. මේවා ඔඩිට් කරන කොම්පැනිත් අයිති සුළු ජාතීන්ට... සිංහල අයව හුඟක් වෙලාවට මේ මිනිස්සු ඉත්තෝ හැටියට පාවිච්චි කරනවා. (මේ කේස් එක ගැන නෙවෙයි මන් කියන්නේ) දේශපාලන හයිය තියෙනවා නම්, කෙලින්ම යට යනවා. මහා බැංකුවට වුණත් නිලධාරීන්ට ඕනනම්, මේ ජරා විනිමයවල ඉහගෙන කන්න පුළුවන්... ඒ මිනිස්සුන්ටත් ආසාවල් තියෙනවා. දරුවන්ව රට යවන්න. වාහන් ගෙවල් ගන්න. මේ ඩොලර් මාෆියාව මම හිතන විදියට අවු 20 - 30 පරණ මුල් බැස ගනිපු, දෙයක්. මේ ලඟදි මම දැක්කා, එක ඇමතියෙක් කියනවා, ඩොලර් ගේන්න අපි මොකුත් ප්‍රශ්න කරන්නේ නෑ කියලා. දැන් මේ ප්‍රශ්නෙට වෙන්නේ, අර ලඟදී මහා බැංකුවෙන් සීල් තියපු ෆිනෑන්ස් කම්පැනි කේස් එකට වෙච්ච දේ. TV හිටන් ගෙන්නලා බැන්නේ, වෙන කේස්වලට... නමුත් මහා බැංකුව දන්නවා බැනපු ඇත්ත
මුදල් විශුද්ධිකරණයක් හෙවත් කලු සල්ලි, සුදු සල්ලි බවට පත්කිරීමක් වෙන්න පුලුවන්.
පසුගිය කාලෙ නැව් අරගත්ත ඇමතියෙකු නම් හිටියා. මෙතරම් සල්ලි කන්දරාවක් මේ වගේ තනි පුද්ගලයින් උපයා ගන්න ආකාරය රටේ දුප්පතුන් දැන ගන්නවා නම් හොඳයි.
එතකොට දේශපාලකය කරන මිලදී ගැනීම්?
එයාලට කවුරු හරි මැණික් මල්ලක් ගෙනල්ලා දුන්නද කවුද දන්නේ...?
එලෙසම සැකකටයුතු අන්දමින් විදේශ මුදල් ගෙන්වා නැගෙනහිර විශ්ව විද්‍යාලයක් හදපු දේශපාලුවට තවම කිසිම නඩුවක් නැහැ නේද?
සැක කටයුතු අන්දමින් කියන්නේ කුමක්ද ..? මොවුන් හරි කියා කියනවා නොවෙයි.. ඒත්, අත්අඩංගුවට පත්වීම ගැන මෙහි තොරතුරු මදිබවක් පෙනෙනවා.. විදෙස් ජාතීන්ට මෙහි ඉඩම් ගැනීමට බැරි නිසා ඔවුන් ලංකාවේ සිටිනා තම හිතවතුන්ගේ නමට ඉඩම් ගෙන ඒවායෙහි හෝටල් ආදී ව්‍යාපාර කරනවා. ඒ සියළුම දේපල අවසානයේ අපේම රටේ කෙනෙකුට හිමිවෙනවා. මෙයත් එහෙම දෙයක් වෙන්නට බැරිද..? හැම දේ දිහාම එකම කෝණයෙන් බලනවාද දන්නෙත් නැහැ.. අනික මේ නීතිය දේශපාලකයන් හා එම අය හා සම්බන්ධ බලවතුන්ටත් බලපානවාද කියා පෙනෙන බවක් නම් නැහැ.. මේ රටේ සහ පිටරටවල තිබෙනවායැයි පැවසෙන වත්කම් ගැන අපගේ නීති අංශවලට පේන්නේ නැහැ. අපට මතකකාලයේ පටන් ඉතා දුගියන් ලෙස පාර්ලිමේන්තුවට ගිය අය සතුව මොනතරම් දේපල වස්තු තිබෙනවාද? මේවා ගැන කිසිඳු වගකීමක් නැහැ. මා ජේවීපී එකට කැමති නැහැ. ඒත්, ඔවුන් නිසා රටේ දේශපාලකයින්ගේ හොරකම් එළිවුණා.. අනෙකුත් පක්ෂ තමන්ගේ පැත්තේ අයට රටේ දේ හොරා කන්න ඉඩදී තිබෙනවා. මිනිසුන් එදා වේල කන්න නොහැකිව දුක්විඳිනවා. ඒත් දේශපාලකයා රටේ දේ වරප්‍රසාදවලට මුවාවී හොරා කනවා. පොදුදේ හොරා කන එක බුද්ධ පූජාව හොරෙන් කනවාටත් වඩා පවක්.. ඒ වුණාට ඔහුට දඬුවම් නැහැ.
එතකොට ඕනේ කලු සල්ලියක් ගේන්න කියලා මුදල් ඇමැති කිව්වේ...?
ඇයි හොර දේශපාලුවන්ට විතරද ඉඩම් ගන්න පුළුවන්..? කෝටි ගණන් සල්ලි තියෙන්නේ ඒ අයට පමණද..? දේශපාලුවන්ගේ සල්ලි හොර කළු සල්ලි...!!! මේ අය සමහරවිට නිවැරදි විය හැකිය.
රටේ ආරක්ෂාව ඉතා ඉහළින් පවතින බවට තවත් සාධකයක්... මේ මුදල් කොහොමද ලැබෙන්නේ කියන එක සොයාබලා තව බොහෝ වැරදි හසුකර ගනීවි. ඔවුන් නිවැරදිව හම්බ කර ඇත්නම් නිදොස්කොට නිදහස් වේවි..!!!
මේගොල්ලන්ටත් ආච්චි අම්මා මැණිකක් දීලා ඒකෙ සල්ලිවලින් තමයි ඉඩම ගන්න ගිහින් තියෙන්නේ...
මේකට අර වෛද්‍යාලංකාරගේ සම්බන්ධයක් තියෙනවා නේද?