IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කේරල ගංජා කිලෝ 7 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගරයේදී ලොරි රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද (26) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් හතයි ග්‍රෑම් තුන්සියයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙම කේරල ගංජා තොගයත් සමඟ බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බුත්තල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් බුත්තල නගරයේ සිදු කළ රථවාහන පරීක්ෂාවකදී මෙම ලොරිය පරීක්ෂා කළ අවස්ථාවේ එහි සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය  සොයා ගෙන ඇත.

මෙම පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට දඹුල්ලට මෙම කේරළ ගංජා රැගෙනයමින් සිටියදී මෙසේ පොලිසියට කොටු වී ඇතයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කේරල ගංජා කිලෝ 7 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

 



අදහස් (0)

කේරල ගංජා කිලෝ 7 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 130 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site