IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සුදු වෑන් රියකින් පැමිණ කැකිරාවේ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිහින්

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව ඉපලෝගම ව්‍යාපාරිකයකු(38) ඉරිදා (09) පෙරවරුවේ සුදුපැහැති වෑන් රථයකින් හා කැබ්රථයකින් පැමිණී සන්නද්ද පිරිසක් විසින් පැහැරගෙන යාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹූ බව ඉපලෝගම පොලිසිය කියයි. උදෑසන 7ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් සුදුපැහැති වෑන් රථයකින් තම නිවසට පැමිණී බව පැහැරගැනීමට ලක්වූ බව කියන පුද්ගලයාගේ බිරිය පවසයි. 

පැමිණී පිරිස පැය භාගයක පමණ කාලයක් තම සැමියා සමග කතාකරමින් සිටි බවත් ඔවුන් බණ්ඩාරවෙල පොලිසියේ යැයි පැවසූ බවත් ඇය පවසයි. පසුව වෙනත් ප‍්‍රදේශයක නිවසක් පෙන්වීම සදහා යන බව පවසමින් පැමිණී පිරිස තම සැමියා සුදුවෑන් රථයේ නංවාගෙන ගිය බව ද පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිය පවසයි.

ඒ සමග පැමිණී තවත් දෙදෙනකු තම නිවසේ තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ මතක ගබඩාවද රැගෙන ගිය බව ද ඇය කියයි. සැමියා ගැන විමසිමට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ගිය බවත් එහිදී තම සැමියා රැගෙන ගිය බවට තොරතුරක් අනාවරණය නොවූ බවත් ඇය පවසයි.

පොලිස් සොකෝ හා ඇගිලි සළකුනු ඒකකය ද  පරීක්ෂණ සඳහා සහය දක්වයි.



අදහස් (8)

සුදු වෑන් රියකින් පැමිණ කැකිරාවේ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිහින්

nihal Monday, 10 April 2017 04:28 PM

පුදුමයි,සුදුවෑන් සංස්කෘතිය නවත්වලා හුගක් කල්නේ.

:       5       23

mahee Monday, 10 April 2017 11:59 PM

පුද්ගලික පළි ගැනීමක් වගෙයි පේන්නේ. වහාම කරුණු හොයා නොගත්තොත් ආණ්ඩුවටයි දෝෂය එන්නේ.

:       7       0

Manoj Tuesday, 11 April 2017 02:00 AM

දැන්වත් ඔය සුදු වැන් කතාව නවත්වන්න.

:       0       0

priyan Tuesday, 11 April 2017 02:53 AM

සුදු වැන් ගැන කියනකොට හිනා වෙනවා හැරෙන්න වෙන කියන්න දෙයක් නැ..

:       7       0

shan saudi Tuesday, 11 April 2017 04:32 AM

වැරදි වැඩ කරන හා ඒ සදහා නිරන්තරයෙන් නිවසින් බැහැරව යන නිවසේ අයට හොර මෙවන් දේ කරන අය කරන කියන දේ නිවැසියන් නොදන්නා නිසා ඕනෙම කෙනෙකුට මේ ආකාරයට ඔවුන් පිටතට ගෙන යා හැකී මන්ද නිවැසියන්ට මෙය සාමාන්‍ය සිදුවීමක් නිසාවෙන් ගෙන ගියේ කවුරුන්ද නොදැන උන්නත් මොහුද හොද පුද්ගලයෙක් නොවන බව පොලිසිය පවසයි

:       0       0

Neel Perera Tuesday, 11 April 2017 05:28 AM

සල්ලි පොලියට දෙන වාහන උස්සන අයටත් කියන්නේ ව්‍යාපාරිකයන් කියලද ?

:       0       0

mahinda Tuesday, 11 April 2017 06:15 AM

රජය තවදුරටත් දැඩි තීරණ ගන්නේ නැත්නම් පරණ කට්ටියම වැඩේට බහින්න යනවා වගේ. ජනතාවට එපා වෙන කාලය අත ළඟටම ඇවිත්.

:       16       0

vipula Tuesday, 11 April 2017 09:30 AM

සුදු වැන් එකකින් පැහැර ගත්තොත් ඒක කලින් ආණ්ඩුවේ වැඩක්. වෙන පාට වැන් එකකින් පැහැර ගත්තොත් කලින් ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. එහෙම හිතන ජනතාවක් ලංකාවේ ඉන්නවා. සාමාන්‍යයෙන් වැඩියෙන් ධාවනය වන්නේ සුදු වැන් .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 140 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site