IMG-LOGO

2023 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා


මවගේ සිරුර අසල මාස 18 සිඟිත්තා මහා හඬින් විලාප නඟලා

(සුරංග රාජනායක)

නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටි මවගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක බිළිඳකු නැඟූ විලාපය  නිසා 22 හැවිරිදි මවගේ මරණය ගැන තොරතුරු සොයාගැනීමට හැකි වූ බව ගම්පොල පුපුරැස්ස පොලිසිය කියයි.

පුපුරැස්ස ඩේල්ටා වත්ත උතුරු කොටසෙන් මෙම අවසනාවන්ත සිද්ධිය වාර්තා වේ

කැසට් යන්ත්‍රයෙන් නැගෙන  හඬ ද පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක සිට හඬනු  ඇසුනු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාවක වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන විලාප අයුරුත් දැක අවට සිටින පිරිස හට ඒ බව දන්වා ඇත.

අසල්වැසියන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෙද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මිය ගොස් ඇති බව දන්වා තිබේ.

ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුවී ඇත.

රත්තරන් ඔයා පරිස්සමට මම යනවා මීට මමා යැයි එහි සඳහන්ව තිබී ඇත.

 



අදහස් (15)

මවගේ සිරුර අසල මාස 18 සිඟිත්තා මහා හඬින් විලාප නඟලා

Pradeep Kumara Thursday, 08 June 2023 02:22 PM

අනෙ අප්පේ.. මොනවද මේ රටේ මේ වෙන්නේ??

:       0       10

fairoos Thursday, 08 June 2023 02:45 PM

ඉතාම කණගාටුයි.. පවු අහිංසක ළමයා...

:       0       14

pakeer Thursday, 08 June 2023 03:30 PM

මේ වගේ මානසික ආතතියන් නිසා තරුණ අය සිය දිවි හානි කරගන්න එක නවත්වන්න මොකක්හරි ක්‍රමවේදයක් රාජ්‍ය මට්ටමින් තියෙනවා නම් ලොකු දෙයක්.. හරි පව්... මේ මිනිස්සු..! 

:       8       31

විජේ Saturday, 10 June 2023 09:15 PM

එකගයි. ඒත් ඊට කලින් පාලනය කරන මන්දමානසික හරක් එලවලා ඉන්න වෙයි පකීර්. ඇත්තටම මානසික ආතතිය නිසා මැරෙන අයට වඩා රට පාලනය කරනවුන් ලෙඩ්ඩු කියලා හැමෝම අවබෝධකරගත යුතුයි.

:       2       5

Gaston Thursday, 08 June 2023 08:12 PM

ඔයා පරිස්සමට? පුදුම කෙනෙක්. අපායට තමයි සුදුසු...

:       11       12

anton austria Friday, 09 June 2023 01:37 AM

දන්න කෙනෙක් කියනවාද මේ ළමයාගේ විස්තරයක් හා දුරකථන අංකයක්... තව තාත්තා නැද්ද කියලා ළමයාගේ ..?

:       10       24

සමන් ගමගේ Friday, 09 June 2023 11:00 AM

හනේ හනේ මෙහෙමත් දේවල්...!

:       1       2

Ifthikar mulafer Friday, 09 June 2023 11:51 AM

ගොඩක් දුකයි... ගොඩක් අවාසනාවන්තයි... දරුවාට දෙවි පිහිටයි...

:       1       5

චන්ද්‍රිකා Friday, 09 June 2023 01:01 PM

දෙයියනේ මෙහෙමත් අම්මලා චූටි පැටියා කොහොමද පරෙස්සම් වෙන්නෙ අම්ම නැතුව තාත්ත කෝ බබාගෙ ඉන්නවද අපේ නංගි කෙනෙකුට බබාල නෑ අනේ පුලුවන් නම් අපිට දෙන්න මාත් සලකනව ඔය දරුවට උපරිමයෙන් අපි හොදට හදල උගන්නල හොද පුරවැසියෙක් කරන්නම්

:       7       62

SachiniSaturday, 10 June 2023 12:49 AM

ප්‍රවෘත්තිවලට නම් කිව්වේ තාත්තා ඉන්නවා කියලා....

:       0       2

Samatilake Samatilake Friday, 09 June 2023 08:55 PM

සැලකිලිමත් වන්න අනාගත පරපුර...

:       0       0

Peduru Saturday, 10 June 2023 09:29 PM

මහ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට කිරි සප්පයෝ පලිද? ඇයි අම්මේ ඔබ දරුවාත් අරන් නොගියේ..?

:       12       0

ආර්.ලියනගේ Monday, 12 June 2023 05:55 AM

මේ වගේ ප්‍රශ්නවලට අදහස් මතුපිටින් බලලා උත්තර දෙන්න බැහැ.. බොහෝමයක් අයගේ පිළිතුරු. ප්‍රශ්නය තමන්ගේ නොවනකම් උත්තර බොහොම දාර්ශනිකයි.. යන කියමන වගේ.. මේ ප්‍රශ්නයට බලපෑ කාන්තාව මොනවගේ මානසික පීඩාවට ලක්වෙලා ඇද්ද තමන්ගේ කිරිපැටියා දාලා යන්න තරම්... රජය විසින්වත් මෙවැනි අය හොයාගැනීමට යම් ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

:       0       5

Shani Monday, 12 June 2023 10:11 PM

දරුවෙකුට අම්මා ගාව තරම් පරිස්සමක් වෙන කොහෙද මේ අම්මට ඒක නොතේරුන එක ගැන දුකයි.ආතති පිට ආතති තිබුනත් අම්මෙකුට බැහැ දරුවෙක් තනිකරලා මැරෙන්න .දරුවො ගැන හිතලා මැරි මැරී ජීවත්වෙන අම්මලාගෙ දරුවො කොයිතරම් වාසනාවන්තද.පොඩි පැටියා ගැන දුකයි.ලොකේ කිසිම අම්මා කෙනෙකුට දරුවො තනිකරලා සියදිවි නසා ගන්න සිතුවිල්ලක්වත් එන්න එපා.

:       0       5

Sampath Wednesday, 21 June 2023 09:18 PM

මේ වගේ බත් කන හරක් තව්ටැහැ නැතිව ඇති .දරුවන් ආරක්‍ෂිත කරලා ප්‍රශ්නවලින් පැනලා යනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාහන 133ක රේගු ලිපිගොනු අතුරුදන්
2023 සැප්තැම්බර් මස 30 1 0

විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මැතිසබේ ’’අනංගයන්’’ සොයන්න විශේෂ නිලදරුවෙක්
2023 සැප්තැම්බර් මස 30 155 0

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ


මන්ත්‍රී ආරක්ෂකයා ගංජා අදිද්දී මාට්ටු
2023 සැප්තැම්බර් මස 30 436 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රී


බලු සිද්දියකට පී.සී මුදලාලිට ගහලා
2023 සැප්තැම්බර් මස 30 584 0

අග්බෝපුර, කිතුල්උතුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට තමන්ගේ සුරතල් සුනඛයා ගිය අවස්ථාවේ සුනඛයාට පහර දුන් බව කියමින් එම වෙළඳසැලේ අයිතිකරුට පහර දුන්නේ යැය


ගනේමුල්ල සංජිව ගේ ගිනි අවි සොහොන් බිමෙන් මතුවේ
2023 සැප්තැම්බර් මස 30 1743 0

රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ


රන් සොරකමකට ගුවන්තොටේ ආරක්ෂකයෙක් මාට්ටු
2023 සැප්තැම්බර් මස 30 834 0

කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවිමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2016 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 767 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 439 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site