IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘හෙළ උරුමය පිළිගන්නේ ඒකීය අරුතයි‘ - චම්පික

(විනීතා එම් ගමගේ)

ජාතික හෙළ උරුමය පිළිගන්නේ ව්‍යවස්ථාවේ ඇති ඒකීයභාවය යන වචනය නොව එහි ඇති අරුතයැයි ජාතික හෙළ උරුමය මහ ලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.   

ඒකීය භාවය යන්නෙන් තම පක්ෂය අදහස් කරන්නේ රටේ මූලික නීතිය තැනීම කළයුත්තේ එක ආයතනයකින් පමණක් බව යැයි ද හෙතෙම සඳහන් කළේය.

වෙනත් ආයතන ගණනාවකට නීති හැදීමේ බලය ව්‍යවස්ථාවෙන්ම දී ඇත්නම් ඒකිය වීමෙන් පළක් නැතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

ඒකීයභාවය යන්න හෙළ උරුමය පිළි අරගෙන නේදැයි බොහෝ දෙනා විමසන  බවත් තම පක්ෂය ඒකීය භාවය යන්නෙන් අදහස් කරන තත්ත්වය ව්‍යවස්ථා යෝජනාවල ඇති බැවින් එය පිළි ගත් බවත් රණවක මහතා කීය.

පවතින ව්‍යවස්ථාවේ 2, 4ආ සහ 76 යන වගන්ති තුනෙන්ම ඒකීය භාවය යන්න කුමක් දැයි අර්ථ ගැන්වෙන බව පැවැසු අමාත්‍යවරයා එහි අරුත රටේ නීතිය තැනීම අයත් වන්නේ එක ආයතනයකට බව ද පදරුත් අනුවම එය පිළිගත යුතු බව ද ඔහු තව දුරටත් කීය.   



අදහස් (2)

‘හෙළ උරුමය පිළිගන්නේ ඒකීය අරුතයි‘ - චම්පික

sathyapala Thursday, 02 November 2017 10:51 AM

"අපිට මොකද අපි හොඳ සිල් උපාසක. මෙන්න දැන් ඡන්දෙ ලංවෙනකොට මෙයා නැවතත් "මහා සිංහල බෞද්ධයා" වෙලා නැවතත්. කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවනේ.

:       4       108

Perera Thursday, 02 November 2017 10:52 AM

කෙලින්ම නෑ කිවනම් හරිනේ නිකන් කෙකර බාන්නේ නැතිව...

:       0       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site